“ඔව් එයාල ළඟ අඩු තරමෙ නිදාගන්නකොට පොරවා ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ.. එයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ වැඩ කරන්න.. කෙනෙක් රටකින් රටකට එන්නේ වඩා හොඳ ජිවිතයක් හොයාගෙන.. කොහොම හරි.. ඒ දෙන්නා දැන් අපේ උඩ තට්ටුවට වෙලා හොඳින් ජීවත් වෙනවා.. මෙහෙ නවාතැන් ගන්න ආව හැමෝටම වඩා හොඳ ජීවිතයක් ගෙවනවා..”
“ඔව්..ඒ බව පේනවා..”
ඊට මාස ගණනාවකට පෙර හිඳ කපා දැමිය යුතුයැයි විවියන් මැසිවිලි නගමින් උන් ගසක විශාල අත්තක් ඔසවාගෙන යන තෝමස් දෙස බලමින් ඇනා පැවසුවා ය.
“මේ ගෙදර උඩ තට්ටුවේ වැඩ ටික කරගන්න රෙබෙකාත් මට උදව් කරනවා.. එයාලා දවසක යනවා දකින එක මට දුකක් වෙයි.. මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා.. මට විතරක් මේ ගෙදර හොඳට ම ලොකු වැඩියි.. ඔයා දන්නවනේ අනිත් අය වටේ ඉන්දැද්දි මං කොයි තරම් සතුටු වෙනවද කියලා..”
“කවදද එයාල ආපහු යන්නේ..?