බැළ මෙහෙවර
විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.
විමුක්තිය
යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.