Product Tag: mdgunasena

mdgunasena

(Showing 181 – 210 products of 700 products)

Show:

ඉතිහාසයේ විස්මිත කතා

Highlights:

කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]

Out Of Stock

ශ්‍රී ලාංකීය ඉතිහාසය

Highlights:

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඊළාම් යුද්ධය අවසන් වන තෙක් වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, සමාජයීය, ආර්ථික, දේශපාලන ආදී කරුණු ඇතුළත් කොට සම්පාදනය කරන ලද, වෙළුම් 5 කින් සමන්විත කෘතියකි. එකී විෂයයන් සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු 49 දෙනෙකු මෙයට දායකත්වය සපයා තිබේ.

ඉතිහාසයෙන් ඇසෙන කතා

Highlights:

කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්‍රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

ඉතිහාසයේ රස කතා

Highlights:

ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5d1769e0128a11ea8eb38927f14ff56b” ]

Out Of Stock

සිංහල ථූපවංශය

Highlights:

සිංහල වංශ කථා ග්‍රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්‍රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්‍රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්‍රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.

එදා හෙළ දිව

Highlights:

මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cddc73601d6b11eaba640525ed2af645″ ]

රු990.00 10% OFF

ධනවත් වීමේ විස්මිත රහස්

Highlights:

ධනවතෙක් වීම සෑම දෙනෙකුම පාහේ ප්‍රාර්ථනා කරන්නෙකි. නමුත් එයට යන මාර්ගය පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් නැත. ධනවතෙක් වීමේ සිහිනය පසුපස සැඟවුණු විස්මිත රහස් රැසක් මේ කෘතියෙන් පෙන්වා දෙයි. මෙම කෘතිය කලකට පෙර අප සමාගම විසින් ‘ධන උල්පත්’ නමින් ප්‍රකාශ කොට තිබු අතර නව අකුරු සංයෝජනයෙන් සහ නව පිටකවරයකින් හැඩ වී අලුත් නමකින්, නැවත මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1b7b54201b3a11ea9dfb1f1aa7e11959″ ]

Out Of Stock

ජයග්‍රහණයේ විස්මිත රහස්

Highlights:

ජයග්‍රාහකයකු වීම සෑම දෙනෙකුම පාහේ ප්‍රාර්ථනා කරන්නෙකි. නමුත් එයට යන මාර්ගය පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් නැත. ජයග්‍රාහකයකු වීමේ සිහිනය පසුපස සැඟවුණු විස්මිත රහස් රැසක් මේ කෘතියෙන් පෙන්වා දෙයි. මෙම කෘතිය කලකට පෙර අප සමාගම විසින් ‘හිත් ගැනීමේ විද්‍යාව’ නමින් ප්‍රකාශ කොට තිබු අතර නව අකුරු සංයෝජනයෙන් සහ නව පිටකවරයකින් හැඩ වී අලුත් නමකින්, නැවත මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ddf9f3501ca311eabedfd79f84724755″ ]

Out Of Stock

උපතක අසිරිය

Highlights:

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල කළුආරච්චි විසින් රචිත ‘උපතක අසිරිය – මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ නැමැති ග්‍රන්ථය නවීන විද්‍යාත්මක කරුණු ඇසුරු කර ගනිමින් ඉතා සරල ලෙස පාඨකයාට ඉදිරිපත් කොට තිබේ. මෙහි තේමාව වන, ‘මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ යන පාඨය සෑම පරිච්ඡේදයකම ඉදිරිපත් කර ඇත. දරුවකු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා කලලයත්, බිලිඳාත් වැඩෙන අකාරය පියවරෙන් පියවරට සවිස්තරාත්මකව රූප සටහන් ආධාරයෙන් මෙම ග්‍රන්ථයෙන් ඉතා සරලව පැහැදිලි කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/833264b0ca4511e9a67635e231294ce6″ ]

ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද

Highlights:

මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/74f2f380d85d11e9a793cf2e31890812″ ]

රු168.75 25% OFF
Out Of Stock

සාර්ථකත්වයේ රහස්

Highlights:

නවීනතම ප්‍රායෝගික මනෝ විද්‍යාත්මක මූලධර්ම මේ ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. එම මූලධර්ම හොඳින් අවබෝධ කොට ගෙන එකිනෙක ක්‍රියාත්මක කළ හොත් නියත වශයෙන්ම ඔබට ඉතා සාර්ථක පුද්ගලයකු බවට පත්විය හැකිය. මේ මූලධර්ම ප්‍රයෝගිකව භාවිත කරන අන්දම පිළිබඳ උපදෙස් ඇතුළත් ශ්‍රවණ සංයුක්ත තැටියක් ද මේ කෘතිය සමග නොමිලයේ පිරිනැමේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2e3730a0c18e11ea9b09ed2b463fdf40″ ]

Out Of Stock

ඉගෙනීමේ රහස්

Highlights:

යටි සිත නිදා සිටින යෝධයකු මෙනි. ඔහු අවදි කරගත හොත් කළ නොහැකි දෙයක් නැත. ඔබ සිතෙහි සැඟව ගත් ඒ අපූර්ව සුවිශේෂිතයා අවදි කරවමින් යටි සිතේ අසීමිත බලය ප්‍රයෝජනයට ගෙන ඉගෙනීම හා මතකය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක චින්තනය අස්වැද්දීම මෙම කෘතියේ අරමුණයි. කෘතිය පරිශීලනය පහසුව සඳහා සංයුක්ත ශ්‍රවණ තැටියකින් ද සමන්විත වීම විශේෂත්වයකි.

Out Of Stock

ඔබේ ලෙඩට ආයුර්වේද ප්‍රතිකාර

Highlights:

මේ කෘතියෙන් වා පිත් සෙම් යන මේවා කිපෙන හේතු කිපෙන වේලාව, කිපීම නිසා ඇතිවන බොහොමයක් රෝගාබාධ නිට්ටාවට සුව කිරීම සඳහා අවශ්‍ය විවිධ ඖෂධ හා රෝග නිර්ණ ක්‍රම පැහැදිලි කරයි. තව ද පහසුවෙන් රෝග ලක්ෂණ අවබෝධ කරගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු අන්දමත් ඉතා සරලව ඉදිරිපත් කෙරේ.

අපේ ජන ක්‍රීඩා

Highlights:

සමාජ, සංස්කෘතික හා තාක්ෂණික දියුණු වීම් ඉදිරියේ සිංහල ජන සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින ඔලිඳ කෙළිය, පොර පොල් කෙළිය, චක්කුඩු හා ගුඩු කෙළිය සහ අං කෙළිය යන ජන ක්‍රීඩා පිළිබඳ මතකය නැවත අවදි කරවන්නට සමත් කෘතියකි. පාසල් යන දරුවන්ගේ සිට අප සංස්කෘතියට ආදරය කරන සියල්ලන් විසින් කියවිය යුත්තකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7cfdcd10256511eaab8f0719000d2886″ ]

කන්ද උඩ ගින්දර

Highlights:

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – පළිගැනීම

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of the Crooked Man හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

අපි මහලු වයසේ

Highlights:

විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/067757e0dc5f11ea854297e62c83d47e” ]

Out Of Stock

අලුත් සර්

Highlights:

තරුණයකු ගුරුවරයකු ලෙස රැකියාව ආරම්භ කිරීමේ සිට ලබන අත්දැකීම් නවකතාවක් ලෙස මේ කෘතියේ අන්තර්ගත කොට තිබේ. ගුරු ජීවිතය තුළ ඔහු ලබන මිහිරි අමිහිරි අත්දැකීම් පාඨකයාට මේ කෘතිය තුළින් අත්විඳිය හැකි ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5b47ac80fbcd11ea91a95d8b1e054154″ ]

සිංහලේ අවසන් රජදහන

Highlights:

කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.

Out Of Stock

අද හරිම සුන්දර දවසක්

Highlights:

කලකට පෙර ප්‍රකාශයට පත් කොට තිබූ මේ කෘතිය නව පෙනුමකින් යුක්තව නිර්මාණය වී යළිත් වෙළඳපළට නිකුත්ව තිබේ. මෙහි ඇත්තේ යොවුන් පාඨක පිරිස් වෙනුවෙන් නිර්මාණය කරන ලද කෙටි කතා එකතුවකි.

Out Of Stock

වැඩකට නැති පොත

Highlights:

‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e4bd0fa0fbce11eabce5a14d9d74b2e8″ ]

The Dalada Chronicles

Highlights:

The book, Dalada Chronicle is basically written about the arrival of the Tooth Relic in our country. But this is written not as a report but as a novel. It is noteworthy that some facts which the historian did not find have been included here in the form of fiction.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/370b0670a16911e9b4b85d8c40281231″ ]

රු281.25 25% OFF
Out Of Stock

Sam’s Story

Highlights:

Captain Elmo Jayawardena’s novel Sams Story also won the Gratiaen Prize. The Sinhala translation was published under the title ‘Sammy’s Story’. Jagath Chamila won the Best Actor award at the 2013 New York City Film Festival in the United States for the Sinhala film made on the Sinhala translation of this film.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/6ee14780a6c511e9b9bc7d3c979cc18b” ]

Great Stories in Easy English – Treasure Island

Highlights:

Treasure Island is considered one of the most adventurous novels by Scottish author Robert Louis Stevenson. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/494718e0e6c311eaaec07f398c16462a” ]

Great Stories in Easy English – Tales From The Arabian Nights

Highlights:

This is a compilation of several stories of Arabic Nights, a well-known work in world literature. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ee460e40e6c811ea9b485f885fd94675″ ]

Great Stories in Easy English – The Three Musketeers

Highlights:

The Three Musketeers is a historical novel by Alexandra Dumas. This presents the adventurous experience of a young man named D’Artagnan who sails to Paris to become a security guard. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed from this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/77117640e6c211ea9d936374cbacde22″ ]

Out Of Stock

Great Stories in Easy English – Monte Cristo

Highlights:

The Count of Monte Cristo, written in 1844 by the French author Alexandra Dumas, is considered an epic novel. It is one of the most popular works of this author. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e8c96c30e39911eaa1e96bff0394e3a7″ ]

Out Of Stock

Great Stories in Easy English – The Coral island

Highlights:

The Coral Island is the brainchild of Scottish writer R.J. M. A novel by Ballantine. Considered a teen novel, the film chronicles the adventures of three boys stranded in the South Pacific after a shipwreck. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6465db0e69411eabe954dd902476e69″ ]

Great Stories in Easy English – Gulliver’s Travels

Highlights:

The book tells the story of a sailor named Gulliver who lands on the islands of Lilliputs and the Giants. Gulliver’s Travels can be described as a wonderful presentation of human behaviour and his thoughts mixed with travelogues. This book, which is available to you as a concise edition, is important for English literature-loving readers as well as for those who study English literature. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3a9de980e6c711ea81adf7450f6aca98″ ]

Out Of Stock

Great Stories in Easy English – Tales From Shakespeare

Highlights:

The book presents a collection of short stories by the famous English author William Shakespeare. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8fa21b20e75a11ea9a4ea998e7731049″ ]

1 2 5 6 7 8 9 23 24
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping