Product Tag: mdgunasena

mdgunasena

(Showing 151 – 180 products of 700 products)

Show:
Out Of Stock

ජ්‍යොකිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත

Highlights:

නාඩි ශාස්ත්‍රය යනු ඉන්දියාවේ විසූ පැරණි ඍෂිවරු විසින් තල් කොලවල ලියා ඇති අනාගත වාක්‍ය ලෙස හැඳින්වේ. ජ්‍යෝතිෂ පර්යේෂණ සඳහා මෙම ශාස්ත්‍රය භාවිත කරන අන්දම මෙයින් විස්තර කෙරේ.

Out Of Stock

සසර සැරිසරන සිත

Highlights:

කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්‍යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙ‍රේ. 

රු225.00 25% OFF

සසර ගමන ජීවිතය හා සතුට

Highlights:

ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .  

රු225.00 25% OFF

භව අතර සැරිසරන විඤ්ඤාණය

Highlights:

ආගම කුමක් වුවත් බොහෝ දෙනෙක් පුනර්භවය විශ්වාස කරති. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයකුගේ මරණින් පසු ඔහුගේ විඥානය මගින් තවත් උපතක් ලබා දෙන බවට විස්තර කෙරේ. මේ ආකාරයට විවිධ භව ඔස්සේ සැරිසරන විඥානය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙම කෘතියෙන් අනාවරණය කෙරේ.

රු262.50 25% OFF

Timeless Wisdom

Highlights:

This book contains many positive ideas made and mentioned by famous people in the world. These sayings will surely help you to win life, to encourage life, to lead life to success. It is also a book worth giving to anyone.

ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා නිවාස අත්පොත

Highlights:

ජ්‍යොතිෂයට අනුව සුභ ඵල ගෙන දෙන සෞභාග්‍ය සම්පන්න නිවසක් ගොඩ නගා ගැනීමට අවැසි සියලුම කරුණු අන්තර්ගත මේ කෘතිය පොදුවේ සෑම පාඨකයෙක්ටම වැදගත් වන්නකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a58f5a10a96311eaaafa752707407f81″ ]

Out Of Stock

වාස්තු විද්‍යා අත්පොත

Highlights:

නිවසක් ඉදිකිරීමේ දී වාස්තු විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සිදු කළ විට නිවාස දෝෂ වළක්වාගත හැකිය. මේ කෘතිය ඒ සඳහා මග පෙන්වයි. නව නිවාස තනන සාමාන්‍ය ජනතාවට මෙන්ම මේ විෂය ඉගෙන ගන්නා අයට ද මෙය මහඟු අත්වැලක් සපයයි.

වාස්තු විද්‍යානුකූල ගෘහ නිර්මාණය

Highlights:

වාස්තු විද්‍යාවේ ආරම්භයත්, ලංකාවේ වාස්තු විද්‍යාවත් ඒවාට බලපාන නැකත් සහ යෝග ආදිය පිළිබඳවත් පූර්ණ විස්තරයක් මෙහි අන්තර්ගතය. සමස්තයක් වශයෙන් ගෘහ නිර්මාණය පිළිබඳ අවධානය යොමු කරන සැමට මේ කෘතිය වැදගත් ය.

වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය

Highlights:

වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පය යන විෂයෙහි එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වී ඇති අද්විතීයම ග්‍රන්ථය ලෙස මෙය වාස්තු විද්‍යාඥයන්ගේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන් ගේ ද ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත.

ආනන්ද හාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේ පිරිනිවන් පානා තුරු ම උවැටන් කරමින් උපස්ථාදායක තනතුරෙහි සිටි ආනන්ද තෙරුන් පිළිබඳ ලියැවුණු ඉතා විශිෂ්ඨ කෘතියකි.

යුග දිවිය හා කේන්ද්‍රයේ හත්වැන්න

Highlights:

කේන්ද්‍රයේ හත්වැන්න යනු පුද්ගලයකුගේ විවාහය කෙරෙහි ඍජුවම බලපාන්නා වූ කේන්ද්‍ර ස්ථානයකි. මේ පිළිබඳ ගැඹුරින්, සරලව සාකච්ඡා කෙරෙන මෙම කෘතියේ සම්පාදකවරයා වන්නේ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතානයන්ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1dd02110d57711e9b39e0b9cc71c1b43″ ]

ජ්‍යොතිෂයේ නොපෙනෙන මානය

Highlights:

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු වන ආචාර්ය පියසේන රතුවිතාන විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය මගින් ජ්‍යෝතිෂයේ අප මෙතෙක් දැක නොමැති, බොහෝ අයගෙන් මග හැරුණු පැතිකඩක් වඩාත් සවිස්තරව ඉදිරිපත් කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2ba2e8c0ae9811e9b2e665fc22e805f9″ ]

Out Of Stock

ජ්‍යොතිෂ හස්තය

Highlights:

ඔබේ හඳහනේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔබ ගැන පලාපල විස්තරයක් ලබාගැනීම සඳහා මග පෙන්වන කෘතියකි වන මෙය සම්පාදනය කොට ඇත්තේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය පියසේන රතුවිතාන විසිනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c00e9d901d6411eaa86da77fbaa1d241″ ]

ජීවිතයට ජ්‍යෝතිෂය

Highlights:

ජ්‍යෝතිෂයෙන් ජීවිතය විග්‍රහ කරන මේ කෘතිය දිවියේ අනේක විවිධ ප්‍රශ්න හමුවේ පිළියම් සොයා වෙහෙසෙන ඔබේ මනසට සහනය ගෙන දෙන්නකි. ජ්‍යෝතිෂය පිළිබඳ වැඩි දැනුමක් නොමැති අයෙකුට ද මෙය කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bef9b6201cd511ea884dd7d8f580f29c” ]

උපන්නේ කවුදැයි කියන්නේ මෙහෙමයි

Highlights:

උපන් වෙලාවට අනුව උපන්නේ කවරෙක්දැයි දැනගන්නා ආකාරය සරලව පැහැදිලි කෙරෙන මේ කෘතිය, ජ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට ප්‍රයෝජනවත් වනු ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cc14651027a911eab353291767248c03″ ]

ග්‍රහ බල සහ භාව බල

Highlights:

ලග්නයට අනුව ග්‍රහයින්ගේ ක්‍රියාකාරිත්වයත් ඉන් ඇතිවන සුභ අසුභ ඵල ගැනත් අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි. මෙහි කතුවර වෛද්‍යාචාර්ය ආර්. එච්. විලියම් මහතා ජ්‍යෝතිෂ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

Out Of Stock

පලාපල කථනයට පියගැට පෙළ

Highlights:

පලාපල කථනය යනු ජ්‍යෝතිෂයේ ඇති සුවිශේෂී අංගයකි. කේන්ද්‍රය හිමියාගේ ඉදිරි අනාගතය සම්බන්ධ සුබ අසුබ කරුණු හෙළිකිරීම මෙයින් සිදු වේ. ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු වූ පියසේන රතුවිතාන මහතා විසින් සම්පාදනය කොට ඇති මේ කෘතියෙන් නිවැරදි පලාපල කථනයට මග පෙන්වීමක් සිදු කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b42653c0165711eabc20a74e0e8db37e” ]

Out Of Stock

කේන්ද්‍රය සහ ග්‍රහයෝ

Highlights:

කේන්ද්‍රය හෙවත් ජන්ම පත්‍රය සහ එහි ග්‍රහයන් පිහිටා ඇති අන්දම පිළිබඳ මේ ජ්‍යොතිෂ කෘතියෙන් විස්තර වෙයි. එක් එක් ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔවුන්ගෙන් ලැබෙන සුබ අසුබ ඵල පිළිබඳ මෙයින් කතා කෙරේ.

Out Of Stock

දොලොස් ලග්නය සහ ග්‍රහයෝ

Highlights:

දොළොස් ලග්න සහ ග්‍රහයින් ගැන ද, එම ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව යෙදෙන යෝග ආදී වැදගත් කරුණු ගැන ද මේ කෘතියෙන් පුළුල්ව විග්‍රහ කෙරේ. ජ්‍යෝතිෂ පොත් ගණනාවක්ම ලියා ඇති ලංකාවේ ප්‍රවීණතම ජ්‍යෝතිෂවේදියකු වන පියසේන රතුවිතාන මහතා මෙහි කතුවරයා වේ.

Out Of Stock

නැකත් හදන හැටි

Highlights:

ජ්‍යෝතිෂයේ වැදගත් අංගයක් වන නැකැත් සාදන ආකාරය පිළිබඳව ක්‍රමානුකූලව සහ සරලව පැහැදිලි කරන මෙම කෘතිය ජ්‍යෝතිෂය හදාරන්නන්ට මෙන්ම එහි නිරතවන්නන්ට ද ඉතා වැදගත්ය.

Out Of Stock

විවාහයට කේන්ද්‍රය බලපාන හැටි

Highlights:

කොතරම් රූමත් වුව ද, ධනය තිබුණ ද, උසස් රැකියාවක් කළ ද නිසි වයසට පැමිණි තරුණ තරුණියන් විවාහ වීමට සුදුසු අයකු නොමැතිව ලතැවෙයි. එවන් අයගේ කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම අනුව විවාහය පමා වන බව ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති. සමහරවිට ග්‍රහ පිහිටීම ගැලපෙන කේන්ද්‍රය ලැබුණු විට විවාහය ඉක්මන් වේ.ත එසේ වුවද ජ්‍යෝතිෂයට අනුව විවාහය කෙරෙහි පොරොන්දම් ගැලපීම ඉතාමත් අවශ්‍ය වේ. ඉතාමත් සරල බසින් ලියැවුණු මේ කෘතිය තේරුම් ගැනීමට නක්ෂත්‍රය පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවේ.

පොරොන්දම් බලන හැටි

Highlights:

පොරොන්දම් බලන හැටි ඉගෙනීමට අවශ්‍ය නක්ෂත්‍ර වගු හා පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් හෙළිදරවු නොවූ අති දුර්ලභ කරුණු රාශියක් අන්තර්ගත මෙම කෘතිය ජ්‍යෝතිෂ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ප්‍රවීණ ජෝතිර්වේදීයෙකුගේ මනා දැනුමේ හා දිගුකාලීන ගවේෂණයක ප්‍රතිඵලයකි. විවාහයට පමණක් නොව වෙනත් බොහෝ කටයුතුවලට පොරොන්දම් බලන හැටි ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි.

Out Of Stock

තත්කාල හා නිමිත් ශාස්ත්‍රය

Highlights:

ජ්‍යොතිෂයේ පුදුම උපදවන එමෙන්ම සිත් ඇදගන්නා අංශය ලෙස තත්කාල හා නිමිති ශාස්ත්‍රය හැඳින්විය හැකිය. යම් කිසිවෙකු ජ්‍යොතිෂඥයෙකු වෙත පැමිණ කිසියම් කරුණක් සිතේ තබාගෙන,ථ තමුන් එය පිළිබඳ හෙළි නොකර විමසූ විට හිතේ තිබෙන දේ කීම තත්කාල හා නිමිති ශාස්ත්‍රයේ ප්‍රධානතම කර්තව්‍ය වන්නේ ය. මේ කෘතිය ඒ පිළිබඳ කරුණු විස්තරාත්මකව දක්වයි.

රාමායනය

Highlights:

හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතරින් පැරණිතම මහා කාව්‍යය රාමායනය යි. මෙය රචනා කොට ඇත්තේ වාල්මිකී නම් පඬිවරයෙකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3512c2d0a12611e9b9cca356603db929″ ]

Out Of Stock

මලක් වුණේ ඇයි නුඹ මට

Highlights:

ප්‍රවීණ ලේඛකයකු සහ කෘතහස්ත මාධ්‍යවේදියකු වන සමන් අතාවුදහෙට්ටි විසින් රචනා කරන ලද ජනප්‍රිය ගීත ගණනාවක් වෙයි. එමෙන්ම මෙතෙක් නො ගැයුණු ඒවා ද ඒ අතර වෙයි. අප කාලයක් තිස්සේ රස විඳි අමරසිරි පීරිස් ගයන මලක් වුණේ ඇයි නුඹ මට, සුනිල් එදිරිසිංහ ගයන කවුරුන්ද ඔබ මගේ, අමරසිරි පීරිස් ගයන ඉරි තැළුණු වලා, ගුණදාස කපුගේ ගයන කවුරුත් එන්නැති කවුරුත් දන්නැති ආදී බොහෝ ගීතවල රචකයා ඔහු ය. මෙම කෘතිය ඔහු විසින් රචනා කරන ලද සියලු ගීතවල එකතුවකි.

ඉගෙන ගමු වයන හැටි තබ්ලාව

Highlights:

ඉගෙන ගමු වයන හැටි තබ්ලාව යනු සංගීත භාණ්ඩ වාදනය පිළිබඳ පිළිබඳ ලියැවුණු පොත් මාලාවක මුලින්ම එළිදකින කෘතියයි. මෙහි සම්පාදකවරයා වන්නේ අප රටෙහි දක්ෂ මෙන්ම ජනප්‍රිය තබ්ලා වාද්‍ය ශිල්පියකු වන වාද්‍ය විශාරද, ලලිත කලාශූරී, සංගීත අධ්‍යක්ෂ මනෝජ් පීරිස් මහතාය. තබ්ලා වාදනය හදාරන සියලු දෙනාට ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි පරිද්දෙන් මේ කෘතිය සම්පාදනය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cd3d2d40087f11eb8c58ffc61bdc137a” ]

උඩරට නැටුම් කලාව

Highlights:

කලකට පෙර මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික උත්සවයන්ට පමණක් සීමා වී තිබුණු, මහජනයාගේ දර්ශනය ඈත් වූ උඩරට නැටුම දැන් පාසල් විෂය මාලාවට එක්වූ සෞන්දර්ය විෂයයකි. පාරම්පරික උඩරට නැටුම් ප්‍රවීණයන් කීප දෙනා අතරින් කෙනෙකු වන සේදරමන් මහතා ඉතා සරල බසින් ආධුනිකයන්ට මෙන්ම නැටුම් ගුරුවර ගුරුවරියන්ටත් අත් පොතක් සේ භාවිත කිරීමට සුදුසු පරිදි මෙම අගනා ග්‍රන්ථය සකස් කර ඇත.

Out Of Stock

ජයමංගල්‍යාෂ්ඨක හා පෝරුවේ චාරිත්‍ර විධි

Highlights:

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු වූ නැකැත් සම්ප්‍රදායක් ලෙස විවාහ නැකත් පිළිගැනේ. විවාහ නැකත් අතර ඉතාම වැදගත් වූත් චිත්තාකර්ශණීය වූ මහත් ප්‍රතිඵල දායක වූ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් සැලකෙන්නේ පෝරුවේ චාරිත්‍ර විධියයි. පෝරුවේ චාරිත්‍ර සහ බොහෝ නැකත් අනුගමනය කළ යුතු ආකාරයත් ඉතා සරලව මේ කෘතියෙන් පහදා දෙයි

ලෝක ඉතිහාසය

Highlights:

ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්‍රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාරය, එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f9771920cd4711e99f901f20096e3a30″ ]

Out Of Stock

උඩරට මහ කැරැල්ල

Highlights:

උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.

1 2 4 5 6 7 8 23 24
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping