Product Tag: mdgunasena

mdgunasena

(Showing 691 – 700 products of 700 products)

Show:

අලෙවිකරණ මිශ්‍ර උපායමාර්ග

Highlights:

මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ යොදා ගත හැකි උපායමාර්ග සමූහයකි. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/214c4df0add311e98ae4b920dab55f79″ ]

අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම

Highlights:

අලෙවිකරණ න්‍යාය සහ මූලධර්ම සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන මෙම ග්‍රන්ථය මගින් අලෙවිකරණයේ මූලික පදනම් මනාව ඉදිරිපත් කර තිබේ. මෙය මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කර ගනිමින් සම්පාදනය වූවකි. එහෙත් මෙහි ඇතුළත් දැනුම පශ්චාත් උපාධි, වෘත්තිමය අලෙවිකරණ පාඨමාලාවන් හදාරන්නන්ට හා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන සිසුන්ට ද බෙහෙවින් වැදගත් වනු ඇත.

නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්

Highlights:

ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.

Gunasena School World Atlas – Tamil

Highlights:

පාසල් විෂය නිර්දේශයට සමගාමී වන අයුරින් දෙමළ බසින් සම්පාදනය කරන ලද, සිතියම් පොතකි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව මෙහි ශ්‍රී ලංකාවේ සිතියම් වාර්ෂිකව යාවත්කාලීන වේ. ලෝකය පිළිබඳ, ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් දත්ත ඇතුළත් ය. රටරටවල කොඩි, එම රටවල වැදගත් දත්ත සමගින් ඇතුළත් කොට තිබේ. පහසු විමර්ශන කටයුතු සඳහා සුචියක් ද අන්තර්ගත කොට ඇත.

Out Of Stock

ගුණසෙන පාසල ලෝක සිතියම් පොත

Highlights:

පාසල් විෂය නිර්දේශයට සමගාමී වන අයුරින් සම්පාදනය කරන ලද සිතියම් පොතකි. මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව මෙහි ශ්‍රී ලංකාවේ සිතියම් වාර්ෂිකව යාවත්කාලීන වේ. ලෝකය පිළිබඳ, ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් දත්ත ඇතුළත් ය. රටරටවල කොඩි, එම රටවල වැදගත් දත්ත සමගින් ඇතුළත් කොට තිබේ. පහසු විමර්ශන කටයුතු සඳහා සුචියක් ද අන්තර්ගත කොට ඇත.

ශ්‍රී ලංකා සිතියම් පොත

Highlights:

සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.

ෆිලිප්ස් ලෝක සිතියම් පොත

Highlights:

සිතියම්කරණය පිළිබඳ සාරගර්භ කරුණු සහ අවකාශීය තොරතුරු අන්තර්ගත කොට නිර්මිත ජාත්‍යන්තර මට්ටමේ සිතියම් පොතකි. භෞතික, සමාජ ආර්ථික, දේශපාලන කරුණු පිළිබඳ නිවැරදි හා නවතම දත්ත ඇතුලත් ය. සිතයම්කරණය පිළිබඳ ලොව ප්‍රකට එංගලන්තයේ ජෝර්ජ් පිලිප් සමාගමේ නීත්‍යානුකූල අවසරය ඇතිව සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් සිංහල බසට පෙරළා ඉහළ ගුණත්වයකින් යුක්තව මේ සිතියම් පොත සම්පාදනය කොට තිබේ.

අපට පෙනෙන අහස

Highlights:

හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d6f10e20b34811e9b53d2d445f0dac2c” ]

සිංහල භාෂා ව්‍යාකරණය

Highlights:

මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.

සිදත් සඟරාව

Highlights:

භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්‍රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.

1 2 22 23 24
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping