සැදැහැවතුන්ගේ වන්දනා පොත
“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්‍රද්ධාවන්තකම ය.
සැදැහැවතුන්ගේ වන්දනා පොත
“තෙරුවන් වන්දනාව” යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
“තෙරුවන් වන්දනාව” යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්‍රද්ධාවන්තකම ය.
මිලිඳු රාජ ප්‍රශ්නය 02
“ස්වාමීනී නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර බව
දැනගන්නට පුළුවන් ද?”
“එසේය මහරජාණෙනි,’භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක’
කියා දැනගන්නට පුළුවනි.”
“ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා
දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?”
“මහරජාණෙනි, මෙය පෙර සිදුවු දෙයක්. තිස්ස නම් ස්ථවිරයන්
වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ
නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා.
උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?”
“ස්වාමීනී, උන්වහන්සේ ලියන ලද ලේඛනවලිනුයි.”
“මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද. ඔහු
භාග්‍යවතුන් වහන්සේව දකී. මහරජාණෙනි, ධර්මය වනාහී
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය.”
“ස්වාමීනී නාගසේයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා
ඇස් කන් ආදී ඉන්ද්‍රීයයන් යමෙක් තුළ සම්පූර්ණයෙන්ම දමනය
උනානම් එතැන සිටින්නේ රහතන් වහන්සේ නමකි.ශීලයෙන්,
සමාධියෙන් ප්‍රඥාවෙන් ඇතිකර ගන්නා ඒ දමනය විශ්මය ජනකය.
ඒ නිසාමයි උන් වහන්සේලා එතරම්ම නිහතමානීව සිටින්නේ.
“දක්ෂ රියදුරෙක් ඉතා මැනවින් අශවයන් දමනය කරන්නාක් මෙනි,
රහතන් වහන්සේලා තම ඉඳුරන් දමනය කර ගන්නේ. ඒ නිසාම
පිරිපුන් සන්සිඳීමකට පත් වේ. මානය නැති කළ අකම්පිත සිත් ඇති
ඒ නිකලෙස් රහතුන්ගේ දැක්ම දෙවියන් ට පවා ඉතා ප්‍රියය.”
කයින් යහපත් ක්‍රියා ඇති, ඉතා යහපත් වචන කතා කරන,
යහපත් සිතුවිලි සිතන නිකෙලෙස් මුනිවරයන්ගෙන්ය, මේ පරිසරය
පවා ලස්සන වන්නේ. උන්වහන්සේලා සොබා දහමේ සුන්දරත්වයට
හොඳින් ගැලපී යන සුන්දර චරිතවලින් යුක්තය. ස්වාභාවික මලක
ඇති සුන්දරත්වය වැනි නිකෙලෙස් සුන්දරත්වයකි රහතන් වහන්සේ
තුළ තිබෙන්නේ.
ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳුගැටයක හෝ
යම් තැනක රහතන් වහන්සේලා සිටිත් නම් ඒ තැන පවා ලස්සනයි.
අසිරිමත් ප්‍රඥාවකින් හෙබි අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ තම ශ්‍රාවකයන් හටද ඒ ප්‍රඥා බෙදාදුන් සේක.
උන්වහන්සේලාද ඒ සම්බුදු ප්‍රඥා මහිමයේ ආධාරයෙන් තම ප්‍රඥාව
පුබුදුවා ගත්හ. සාමාන්‍ය ලෝකයා සමග මිශ්‍ර නොවී සියල්ලට ඉහළින්
සිටින්නට හැකි වූයේ ඒ ප්‍රඥා මහිමයෙනි. ඒ බව බුදු සමිඳුන් පැහැදිලි
කළේ මෙසේය..
අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති
පරම පූජනීය වු බුද්ධ වචනය තැන්පත් මහා සද්ධර්ම මඤ්ජුසාව වු සුත්‍ර පිටකයෙහි ඛුද්දක නීකායට අයත් “සුත්ත නිපාතය” නම් වු පාරිශුද්ධ ග්‍රන්ථයේ අංග සම්පුර්ණ සිංහල පරිවර්තනයයි.