ගණිතය 4 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු
4 ගණිතය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
කුමාර රචනය 4 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/47652770aa0d11e9b5958fe62c98cac2″ ]
කුමාරොදය 4 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ. අමතර කියවීම් පොත් මාලාවක් ලෙස බොහෝ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිතය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/250504d0a91a11e9ab1be9ab1c0339e8″ ]