අසනි සර
පසුව, කාලෝ චන්ද්‍රලේඛා සමග කතා කළේ ප්‍රීතියෙන් පිනා යමිනි.
“වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද! ” ඔහුගේ බැල්ම දැඩි විය.
“එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයිද ? එවුන් දුෂිතයි, පරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා – උපදින්න තියෙන ජීවිතත් එක්කම” ඔහු කතාව මදකට නැවතුවේ හදිසි කෙළිලොල් බවකිනි. ඔහුගේ කටහඬ වෙනස් විය.
“ඊයේ මිනිහෙක් ඇවිදින් මගේ කකුල් දෙක ළඟ පාත්වෙලා වැන්දා. ලේඛා, ඒ වෙන කවුරුවත් නෙවෙයි මාව හිරේ යවපු නඩුකාරයා, ‘ඇයි උඹ ජීවත්වෙන්න ඕනැ, උඹේ දුව මොකටද ජීවත්වෙන්න ඕනෑ’ කියලා ඇහුව ඒ නඩුකාරයමයි”
ඇට ගැහියං
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නීතිඥවරයා…..
ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති,
හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ,
රාත්තල් 256 බර
බිලී හැලෙක්!
තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක්
ඔහුගේ රථයේ හැපී මියයයි.
කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.
සිම්පල් සයිමන්
මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්තු වෙන එක වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට. මුණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති පෙරලලා අරං කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න.
එදා නඩු පොතෙන්
මෙම ග්‍රන්ථයේ කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘතියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම, 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභීයෙකි. මේ කෘතිය සකස් කිරීමේ දී ඔහුට අධිකරණයේ විභාග වු නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගී කොට ගැනීමට අවස්ථාව ලැබී ඇත.
මේ නඩු තුළ ඇති විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන් ද, නඩු විසඳීමෙහිලා කෘතහස්ත වෛද්‍යවරුන්ගේ මත, නඩුවට අදාළ වන අයුරින් කෙරෙන විස්තර හේතුවෙන් ද මේ පොත නීතිවේදීන්ට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ට ද අතිශයින් වැදගත් වේ.