ලකුණු අතර අකුණු පහර 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – Emerald Edition
5 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල 6 කින් සමන්විත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ General Edition, Silver Edition, Gold Edition, Platinum Edition සහ Diamond Edition අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබූ පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ හයවන අදියර ලෙසින් Emerald Edition නිර්මාණය වී ඇත.
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
අභියෝග්‍යතා පරික්ෂණ
රාජ්‍ය අංශයේ රැකියාවකට අවතීර්ණ වීමේ දී ඒ සඳහා අනිවාර්යයෙන්ම සුවිශේෂ තරග විභාගයකට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එහි දී අභියෝග්‍යතා පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඔබට හිමි වන අතර එහිදී ඔබේ තර්කන ශක්තිය, නිවැරදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මැනවින් මැන බලයි. මේ කෘතිය සැකසී ඇත්තේ එම අභියෝග ජය ගැනීම සඳහා ඔබට ශක්තියක් වන්නට ය.
උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය
රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරඟ විභාගයකට මුහුණ දීමත් එයින් ඉහළම දස්කම් දැක්වීමක් අත්‍යවශ්‍යය. ඒ සඳහා බුද්ධි පරීක්ෂණ භාෂා හැකියා පරීක්ෂණ ආදි විවිධ විෂයන් ඔස්සේ දැනුම හා කුසලතාවන් මැන බලයි. මෙම කෘතිය උසස් ජයග්‍රහණ ලබා ගනු සඳහා විධිමත් ව සම්පාදනය වූවකි.