මීනා
සිංහල සාහිත්‍ය ඉතිහාසයේ වංශ කතාවට අනුව ප්‍රථම සිංහල නව කතාව ලෙස සළකනු ලබන්නෙ වර්ෂ 1905 දී පළවූ ඒ සයිමන් ද සිල්වා විසින් රචනා කරන ලද “මීනා” නව කතාවයි
“මීනා” නවකතාව අපිට වැදගත් වෙන්නේ හුදෙක් ප්‍රථම සිංහල නවකතාව විදිහට සළකනු ලැබීම ම නිසා පමණක් නොවේ සාහිත්‍ය කලාංගයක් විදිහට සිංහල නවකතාවේ විකාශනය දිහා ආපසු හැරිලා බලද්දී සාහිත්‍යමය හා කලාත්මක අගයෙහි විශේෂිත බවක් දරන නිර්මාණයක් විදිහට “මීනා” නවකතාව අදටත් සළකනු ලබනවා.
බුදුදහම සහ සිංහල ජාතියේ අනාගතය
යම් රටක ඓතිහාසික උරුමයත්, එරට පාරම්පරික ජනකායත්, ඔවුන්ගේ දිවි පෙවෙත හා සංස්කෘතිය හැඩගැස්වූ ආගමත් එකින් එක වෙන් කළ නො හැකි ආධ්‍යාත්මික බන්ධනයකින් වෙලී පවත්නා කල්හි එම සභ්‍යත්වය නිර්මල දිය දහරාවක් සේ දීර්ඝ කාලයක් අවිච්ඡින්නව ගලා යන්නක් වෙයි. ආගම නිසා ජාතිය බැබළවූ චිරකාලීන සභ්‍යත්වයක් ලොව බිහි වූයේ නම් එහි අග්‍රස්ථානය හිමි විය යුත්තේ සිරිලක් දිවයිනට ය. ව්‍යවහාර වර්ෂ පූර්ව තුන්වැනි සියවසේ සියවසේ සිට අද්‍යතන යුගය දක්වා අවුරුදු දෙදහස් තුන්සියයකට අධික කාලයක් සිංහල ජාතිය බුදු දහම නිසා රැකුණේ එකී සජාතීය අංගයන්ගේ ඒකමිතිය හේතුවෙනි. බුදු දහමේ පිළිසරණින් සිංහල ජාතිය ප්‍රභාවිත වූ අයුරු විවරණය කළ හැක්කේ පිටු සිය ගණනක ග්‍රන්ථයකිනි.
මහ බැද්දේ සුදු වැද්දා
පාඨකයාගේ සිත තුළ
සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම
සතුට හා ශෝකය ද දනවන
අපූරු සිදුවීම් රැසකින් පිරුණු
මෙම රසබර වෘතාන්තයේ වනසතුන්
හා වැද්දන් ගැන එන විස්තර
අතිශයින්ම චමත්කාරජනකය
වනාන්තරයේ ගහ කොළවල
අතුපතර සෙලවෙන රිද්මය
පමණක් නොව සතා සිව්පාවුන්ගේ
හඬ පවා මෙහි පිටු ආතරින්
අප දෙසවනට ඇසේ.
ශ්‍රී ලංකාවේ වනගත ජිවීතය හා
ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක්
ඉතාමත් ළගන්නා සුළු අයුරින්
ප්‍රතිනිර්මාණය වී ඇති
“මහ බැද්දේ සුදු වැද්දා” නම් වූ
යොවුන් නවකතාව පාඨකයාව අමුතුම
චමත්කාරජනක ලොවකට
කැන්දාගෙන යයි.
ගිහි ගෙදර
අසංයත ලෝකාස්වාද රතියේ ගුඨස්ථාන හෙළිකෙරෙන
මානව චාරිතාංග රැගත්
පන්සිය පනස් ජාතකයේ
අන්ධභූත, දුරාජාන, මුදුලක්ඛණ, කුද්දාල
ඉල්ලිස, චූල පලෝහන, වාත සෛන්ධව
බ්‍රහ්මදත්ත,චුල්ල ධනුර්ධර, තක්කාරිය
හිස,මහ පලෝභන, සාම්බූලා, සරභංග
නලිනිකා, කුණාල හා මුගපක්ඛ යන
සතළොසක් කතා වස්තු,
වර්තමානිකයන්ගේ ජීවිත පරිඥානය සඳහා
යතු මැද පුරුද්දා නවකතාවක් සේ
මෙසේ ප්‍රතිනිර්මාණය කළ වගයි.
මහ අනඳ හිමි
අප මහා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවත්, ලෝ සත කෙරෙහි අනුකම්පවෙන් දරා සිටීමේ හැකියාවත්, ඒ ඇසුරේ කල් ගෙවන මහා ආනන්ද හිමිගේ විනීත චර්යාවත් කියවන්නා තුල ශ්‍රද්ධාව ඉපදවීමට සහ උපන් ශ්‍රද්ධාව වැඩි දියුනුවටත් හේතු වෙයි. ආනන්ද චරිතය ගැන පෙර අසා නොමැති සිදුවීම් රැසක් මෙහි ඇතුලත්‍කොට ඇත. ආනන්ද හිමි සේම බුදුන් වහන්සේත් අතිශය සාමන්‍ය මනුශ්‍යයින්සේ කතුවරයා හැඳින්වීම ඉතා සිත් ගන්නා සුලුයි.
“මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීනි, මා නොමග හෙළුවෝ ඔබ වහන්සේගේ මධුර ස්වරයට, රන්වන් පැහැයට, සුපිපි වත කමලට, විනීත පැවතුමට, ප්‍රණීත බැල්මට මා වශීව ගියේ ය. අනේ ස්වාමීනි, ගිනිගෙන දැවෙන මට අනුකම්පාකොට එකම එක් වරක් මා වැලඳගන්න! මට ඒ ඇති ය. නො එ සේ නම් ම දිවි නොරැඳේ!…
“සුවය රැඳෙන්නේ ඇලීමෙන් නොවේ නැඟණිය, අත්මිදීමෙනි. ගිනි නිවනු සඳහා ළංකළයුත්තේ දර නොවේ දිය ය. මවෙත දිය මිස දර නොමැත.”
ඕලු 1
“අර සිල්වා කියන වල් බල්ලා. මට සිද්ධ වෙන්නේ ඒකව මරාගෙන මැරෙන්න….
” ඇයි? ඒ මිනිහ අම්මට මොකුත් කීව ද?..
“ඌ හේවාරාළ අතේ ප්ණිවිඩයක් එවලා අපි දෙන්නට හෙට හවස බංගලාවට
එන්ට කියලා. එදා ඕකා වැවේදී මුලිච්චි වෙච්ච වෙලාවේ මම හිතුවා මහා
වින්නැහියක් වෙන්ට තමයි එන්නේ කියලා….
ඕලු බියපත් දෑසින් බලා සිටින්නට වුවා ය. දැන් ඉතින් කුමක් කළ යුතු ද?
මේකෙන් බේරෙන්නේ කොහොම ද? අනේ දෙයියනේ…..? මගේ අම්මට
මාව රැක ගන්න බෑ. අපි මොන තරම් අසරණ ද?
ඕලු 5
මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනෙකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.
කාණ්ඩ පහකින් සමන්විත මම දිර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති.
(කර්තෘ)
ඩ්‍රැක්‍යුලාගේ අඩවිය
විශ්ව සාහිත්‍යයෙහි එන ඉතාමත් භයානක නවකතාව වන “ඩ්‍රැක්‍යුලා” නිර්මාණය කළ බ්‍රැම් ස්ටෝකර් විසින් ලියන ලද එවැනිම භයානක හා අද්භුත ජනක කතාවක් වන ඩ්‍රැක්‍යුලාස් ගෙස්ට් ( DRACULA’S GUEST) කෘතියේ සිංහල පරිවර්තනයයි “ඩ්‍රැක්‍යුලාගේ අඩවිය”
කාවන්තිස් රජතුමා විහාරමහාදේවිය
දුටුගැමුණු මහරජතුමාගේ මාපියන් පිළිබඳව ප්‍රමාණවත් විමසීම්
කර නැත. මේ කෘතිය එම අඩුපාඩුව යම්තමකට හෝ පිරිමැසීමකි.
කාවන්තිස් රජු ගැනත් විහාරමහාදේවිය ගැනත් මූලාශ්‍රවල එන
කරණු මෙහි විමර්ෂනාත්මකව ගොනු කර ඇත. මේ සඳහා අභිලේඛන
සාධක ද අමතක කර ඇත. මේ ප්‍රෞඨ මාපියන් පිළිබඳව ඇති කර
ඇති දුර්මත ගැන ද මෙහි සාකච්ජා කර ඇත.