පවිත්‍රා ගුරු විවේකාගාරයෙන් එළියට පැමිණ කොරිඩෝව දිගේ ඇවිද ආවේ අරමුණකින් නොවේ. අරලිය ගස් සෙවණේ තැන්තැන්වල කතාබස් කරමින් සිටින සිසු සිසුවියන් ඇගේ නෙත ගැටුණේ ඉබේටම ය. මීට වසර කිහිපයකට උඩ දී තමා ද අරලිය සෙවණේ ඔහු සමග පෙම්බස් දෙඩුවා ඇයට මතකය. ඇයගේ මුවගට සිහින් සිනාවක් නැගිණි. ඒ සමග නැගුණු කදුළු ඇය අත රැදි අළු පැහැති ලේන්සුවෙන් පිස දමා ගත්තේ කිසිවකු දකීවියැයි බියෙනි. වසර අවසාන විවිධ ප්‍රසංගයට සූදානම් වන නිසා පාසලේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙනදාට වඩා මේ දින කිහිපයේ නිදහසක් ලැබී ඇති පාටය… |