ව්‍යාකණ අත්පොත 12-13
සිංහල භාෂාවට අයත් “අක්ෂර සමූහය” සිංහල අක්ෂර මාලාව” ලෙස අර්ථකථනය කළ හැකිය. මෙම සිංහල අක්ෂර මාලාව, හෝඩිය, අක්ෂරාවලිය, වර්ණමාලාව, අකුරුවැල යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. සිංහල හෝඩියේ භාවිත වන අක්ෂර හැදින්වීම සඳහා, සංකේත, වණ, වර්ණ, අකුරු, යන නාම ව්‍යවහාරයට පැමිණ ඇත. සිංහල අක්ෂර මාලාව හෙවත් සිංහල හෝඩිය අධ්‍යානය කරන ආධුනිකයන්ට හෝඩි වර්ග ගණනාවක් හමු වේ. එනම් :-
* සිදත් ස්ඬරා හෝඩිය අක්ෂර 30
* අමිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 32
* මිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 54
* සමකාලීන හෙවත් නූතන සිංහල හෝඩිය අක්ෂර 60
* ජ්‍යාත්‍යන්තර සිංහල අක්‍රර මාලාව අක්ෂර 61
ගුත්තිල කාව්‍යය අර්ථ වීමංසා 12-13 ශ්‍රේණි සඳහා
ගුත්තිල කතුවරයාගේ නාමය කිසිඳු පොතක හෝ ඉතිහාසයෙහි හෝ කිසිඳු සඳහනක් නැති බව පළමු ව ප්‍රකාශ කළ යුතු ය. ගුත්තිල කාව්‍යයෙහි ද කොතැනකවත් කතුවරයාගේ නාමය සඳහන් වී නොමැති බව සැලකිය යුතු ය. කෝට්ටේ සාහිත්‍ය යුගයේ පහළ වු ගුරුකුල දෙකක් අතිශයින්ම සාහිත්‍ය
නවෝදයට මඟ හෙලිකළ බව පිළිගැනෙයි එනම් :- තොටගමුව ගුරු කුලය හා විදාගම ගුරු කුලය. මෙම ගුරුකුල දෙකට ම ගැති නොවී ස්වාධීන මඟක් ගත් ගුත්තිල කවියා ජනප්‍රවාදයේ වෑත්තෑවේ හිමි නමින් හැදින්වේ.
‘ගුත්තිල ජාතකය’ දේශනා කිරීමට බලපාන ලද හේතුව දැනගත යුතු ය. වේළුවනාරාමයේ භික්ෂූන් අතර දේවදත්ත ස්ථරයන් පිලිබඳ කථාවක් පැන නැගීම නිසා, එම දේවදත්ත හිමියන්ගේ පූර්ව චරිතය ප්‍රකාශ කිරීමේ අරමුණින් බුදුන්වහන්සේ විසින්. ‘ගුත්තිල ජාතකය’දේශනා කරන ලදී.