තිවංක කතාව
නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.
මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.
තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ
පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.
ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.
මිටියාවත
කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්‍රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවතත් සිතන්නට යොමු කරමිනි.