ගෙවතු පොල් වගාව සහ කාබනික පොල් වගාව
ලෝකයේ පොල් වගාව
කොකෝස් නුසිපෙරා යන උද්භිද නමින් හැදින්වෙන පොල් ගස ලෝකයේ රටවල් 25 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇත.එයින් ආසියාතික සහ ශාන්තිකර පොල් විශේෂ වේ.ශ්‍රී ලංකාව ද ඇතුළත් වන්නේ එම රටවල් අතරටයි.එවැනි රටවල් 14ක් පමණ ඇත.
පිලිපීනය වැනි රටවල පොල් පරිභෝජනය අවම වුවත් පොල් වලින් නිපදවන අතුරු නිෂ්පාදන පරිභෝජනයට ගනී.නොයෙකුත් අතුරුපස නිෂ්පාදන විශාල වශයෙන් සිදු කරයි.
සිරිලක වගාවන්
ශ්‍රි ලංකාව අතීතයේ සිටම කෘෂිකර්මාන්තය මුලික කොටගත් ජීවන රටාවකට
හුරු වු මිනිසුන් වෙසෙන රටකි.අතිතයේ පමණක් නොව වර්තමානයේදීත් ශ්‍රි ලංකාව
තුළ සිදු කරන්නා වු වගාවන් රාශියකි. තේ, පොල්, රබර් මූලික වගාවන් ලෙස
සැලකෙන අතර ඊට අමතරව තවත් බොහෝ වගාවන් රට තුළ ව්‍යාප්තව ඇත.
සත්ත්ව පාලනය 2
අප පැරන්නන්ගේ ජීවන පැවැත්ම ගොවිතැන හා බැඳි තිබු
බවට වාර්තා කොතෙකුත් ඇති නමුදු ඔවුන් විසින් තම පැවැත්මට
සතුන් උපයෝගි කර ගනු ලැබු බවට වාර්තා එතරම් දැකීමට
නොලැබේ. එහෙත් අපගේ ද පැරන්නන් කෘෂිකාර්මික ජීවිතයට ද
පෙර එළු, ගව, මී ආදී සතුන් තම ප්‍රයොජනයට යොදා ගනු ලැබූ බව
කිව යුතුවේ.
අපේ උරුමය
උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.
මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.
විචිත්‍ර පත්‍රී ශාක වගාව
ශාක බොහෝමයක් ගෙවතු ආශ්‍රිතව වවනු ලබන්නේ ඒවායේ
මල්වල ඇති මනස්කාන්තභාවය නිසාය.එහෙත් විචිත්‍ර පත්‍රී ශාක එනමින්
හඳුන්වනු ලබන්නේ එහි පත්‍රවල ඇති චිත්තාකර්ශණීයභාවය සහ විවිධ
වර්ණ සංකලන සහිත ආකර්ශනීයභාවය නිසාය.එහෙයින් මෙම ශාකවල
මල් පිළිබඳ ආකර්ශනීය බවක් බලාපොරොත්තු නොවන අතර, එම
අවශ්‍යතාවය සම්පුර්ණ කරනු ලබන්නේ පත්‍ර මගිනි.
කමතේ වගතුග ( උරුමය 04 )
කමත, ශ්‍රි ලාංකික වී ගොවියා කාටු – බොල් – රොඩු
පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික
රැස්කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත්
ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික
කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ .
බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම
ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප
සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින්
අඩසියවසකට පෙරාතුව පැවති උප සංස්කෘතික
ලක්ෂණයන්ගේ මුලික හැඩතල මෙයින් විස්තර කෙරේ.
වී බිස්ස ( ජනශ්රැති පර්යේෂණය )
‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..
ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්රැති පර්යේෂණයයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය 2011 – 2020
|
කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය 12 ශ්‍රේණිය
කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය 12 ශ්‍රේණිය ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ )
කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ( 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. )
කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ( 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ) අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ )
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – කෘෂි හා ආහාර තාක්ෂණය
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
ගුණසේන Q & A – කෘෂි හා ආහාර තාක්ෂණය
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.