Novels

(Showing 61 – 90 products of 732 products)

Show:
Out Of Stock

රන්සරණි

Highlights:

“ඈ බං රන්සර උඹ ඔය යාළුකරගෙන ඉන්න ළමයා ඩොක්ටර් කෙනෙක්ද? ගම කොහේද?”
“එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ…”
“තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්තා මොකද කරන්නේ?”
“තාත්තා පෙට්ටි කඩයක් කරගෙන යනවා.”
රාජදාස මේසෙට අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැඟුවේය.
“උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බීඑස්. දොස්තර කෙනෙක්. සුපර් මාර්කට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගෙන සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලෙ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව උඹේ තාත්ත කවුද කියන එකත් උඹට මතක නැති වුණා ද?”

කොපුලී

Highlights:

අඳුර ජීවිතයම වූ කළ
වදන් නොව හැඟුමන් පානා
ඇය කොපුලී නම් යුවතියකි…

එක් අඳුරු දිනක
කාලවර්ණ බංගලාවක
සිදු වූ කුරිරු ඝාතනයකින්
අඳුරම ජීවිතය කරගත් ඔහු
ප්‍රේමණීය රුසියානුවෙකි…

කොපුලී

Highlights:

අඳුර ජීවිතයම වූ කළ
වදන් නොව හැඟුමන් පානා
ඇය කොපුලී නම් යුවතියකි…

එක් අඳුරු දිනක
කාලවර්ණ බංගලාවක
සිදු වූ කුරිරු ඝාතනයකින්
අඳුරම ජීවිතය කරගත් ඔහු
ප්‍රේමණීය රුසියානුවෙකි…

මගෙම වැහි කවිය නුඹ

Highlights:

හීන ගෙයක නුඹ දොරගුලු බින්දේය.
දහසක් හීන දෙපතුල්
ගාව කඩා ඉහිරි වැටෙන තුරුත් මට නොදැනුණි.
දුක ගැන අල්ප මාත්‍රයක්වත් නිනව් නැති ලෝකයක
සැරිසැරූ මම දුක අතපත ගා බැලුවේ නුඹෙ ප්‍රේමය ළගදීය.
දහසක් රිදුම් වේදනා අභිමුවත් ප්‍රේමයට ප්‍රේමය විශ වූවත්
මට ඔය ඇස් අමතක කරන්නට බැරි වුනේ ඒකය.
ජීවිතය…. අතීතය ළග දියව යන තුරුත් මට ඔය දෑත් අත
හරින්නට බැරි වුනේ ඒකය.ප්‍රේමය ළග සිනහ දුන් නුඹම,
ජීවිතය ළග මා හැඩවූවේය.
ප්‍රේමය ළග මා රැකගත් නුඹම,
ජීවිතය ළඟ මා විනාශ කරවූවේය.
ඒත් තවමත් නුඹ බිඳ දැමූ ඒ හීන ගෙයට මම රිසි වෙමි.
අදත් ඒ අහුමුලුවල ඇවිද යන්නට මම ආස වීමි.
සහසක් වේදනා මැවූ නුඹේ ප්‍රේමයට අදත් මම ලෝභ වෙමි.
ඉතින් මම නුඹට කියමි.
එක වචනයකින්වත්,
එක බැල්මකින්වත්,
එක සිතුවිල්ලකින්වත්
අදත් මට නුඹව රිදවන්නට බැරිය.
නුඹට ද්වේශ කරන්නට බැරිය.
නුඹට වෛර කරන්නට බැරිය.
අදහන්න මං ඒ තරම් ආදරේ කළා…

සුසුම්

Highlights:

” ආදරයත්, රාගයත් දෙකම
එකට එකක් නොදෙවෙනි විදිහට
බැඳිලා හදවත අභ්‍යන්තරයටම
දැනුනහම ඒක හරියට දරුණු
මාරාන්තික පිළිකාවක් වගේ.
හැම නහරකම, හැම කපාටයකම,
සිරුරේ හැම අංශුවකටම ඉක්මනින්
පැතිරිලා යනවා. ඒක ශරීරයෙන්
එළියට ඇදලා දාන්නම බෑ මරණයෙන් මිස….”

පරිසියා

Highlights:
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.

සැරිසර කුමරී

Highlights:
‘මටත් සිංහල උගන්නනවද?

”මම උගන්නන්නේ ඉංග්‍රීසි සිංහල නෙමෙයි”

”එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?”

”මම ඉගෙනගත්තා”

”තව මොනවද ඉගෙනගත්තේ ?”

”ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා”

”මට සමාවෙන්න සුද්දී ” ”සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.”

සැවැන්දරී

Highlights:
මේ සන්සුන්ව සිටින්නේ හේමන්ත‌ගේ ආදරණිය සැවැන්දරියයි.තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ් මුදුන් මුලයි .එදා ඉගනීම අත්හැරපු ,විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂණ මදින්, පොලිසියෙන් පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජීවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධිධාරියෙක් කලේ ඇයයි.සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවඳ විහිදුවණා දුලබ සැවැන්දරා මුලක්ම වෙද්දි.. ඒ් ජීවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවඳක් විතරයි.ඔ්නෑම ගසක් පිටතට පෙනෙන්න මහා රුක්ෂයක් සේ පොලෝ තලයේ වැජඹි සිටියත් ඒ් ගසේ සවිය ශක්තිය යනු ඒ් ගසේ මුලයි.ලොවට පෙනෙන ඒ මහා වෘක්ෂයේ රඳාපැවැත්ම වන්නේ ඒ් ගසේ මුදුන් මුලයයි.ඉදින් මුදුන් මූලය නැති ගසකට ජීවයක් කොයින්ද?

හිම හීන

Highlights:
මටත් අත්ඇරුණු…

මගේ මේ ජිවිතේ….

හිතින් අල්ලගෙන නුඹ…

ඉන්නවාද මං වෙනුවෙන්…

නොවෙනස්ව එකලෙසම…

ආදරයේ නාමයෙන්…

අසේකා

Highlights:
වදාපු අම්මාට සෙනෙහසක්, පපුව

පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත්

පුතාට මේ නමට පමණක් වුණු අම්මා මහා

මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත්

දන්නවා. මට එපා අසේකා පින් සිද්ධවෙයි

මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ

හදවත ඉකිබිඳිනවා. සෙනිත්ගේ වටිනාම

සම්පත බේරලා දීපු අසේකා සෙනිත්ගෙන්

කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව දෑසමන්ට

සමාව දෙන්න කියලා ඉල්ලද්දී සෙනිත්

හදවතින් දරාගන්න බැරි තරම් හඬාවැටුණා.

ඇයි අසේකා මම ඔයාව මීට කලින්

නොදැක්කේ…?

ගිහි ගෙදර

Highlights:

අසං‍යත ලෝකාස්වාද රතියේ ගුඨස්ථාන හෙළිකෙරෙන
මානව චාරිතාංග රැගත්
පන්සිය පනස් ජාතකයේ
අන්ධභූත, දුරාජාන, මුදුලක්ඛණ, කුද්දාල
ඉල්ලිස, චූල පලෝහන, වාත සෛන්ධව
බ්‍රහ්මදත්ත,චුල්ල ධනුර්ධර, තක්කාරිය
හිස,මහ පලෝභන, සාම්බූලා, සරභංග
නලිනිකා, කුණාල හා මුගපක්ඛ යන
සතළොසක් කතා වස්තු,
වර්තමානිකයන්ගේ ජීවිත පරිඥානය සඳහා
යතු මැද පුරුද්දා නවකතාවක් සේ
මෙසේ ප්‍රතිනිර්මාණය කළ වගයි.

ඕලු 3

Highlights:

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයෙකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු අධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

ඕලු 1

Highlights:

“අර සිල්වා කියන වල් බල්ලා. මට සිද්ධ වෙන්නේ ඒකව මරාගෙන මැරෙන්න….

” ඇයි? ඒ මිනිහ අම්මට මොකුත් කීව ද?..

“ඌ හේවාරාළ අතේ ප්ණිවිඩයක් එවලා අපි දෙන්නට හෙට හවස බංගලාවට
එන්ට කියලා. එදා ඕකා වැවේදී මුලිච්චි වෙච්ච වෙලාවේ මම හිතුවා මහා
වින්නැහියක් වෙන්ට තමයි එන්නේ කියලා….

ඕලු බියපත් දෑසින් බලා සිටින්නට වුවා ය. දැන් ඉතින් කුමක් කළ යුතු ද?
මේකෙන් බේරෙන්නේ කොහොම ද? අනේ දෙයියනේ…..? මගේ අම්මට
මාව රැක ගන්න බෑ. අපි මොන තරම් අසරණ ද?

Out Of Stock

ලෝචනා

Highlights:

ලෝචනා රජයේ ඇමතිවරයකුගේ දියණියකි. ඇය
රන් කූඩුවක සුබෝපභෝගී ජීවිතයක් ගත කළ
කිරිල්ලියක් වැන්න.

නමුත් ඇය පෙම් කළේ සාමාන්‍ය අවුලක ගුරුවරයෙකුගේ
පවුලක ගුරුවරයෙකුගේ පුතකුටය. මෙවැන්නක් කිසිසේත්
බලාපොරොත්තු නොවු ඇමතිවරයා සිය බලය යොදා
දියණිය සාමාන්‍ය පෙම්වතාගෙන් පැහැර ගෙන තම මිත්‍ර
ඇමතිවරයෙකුගේ මෝඩ පුත්‍රයකුට පාවා දෙයි.

එහෙත් තමා වෙනුවෙන් බොහෝ දුක් විඳි පැරණි
පෙම්වතා අමතක නොකරන ලෝචනා ඇමති මැදුර
හැරදා පෙම්වතා සොයා ගොස් සිය ප්‍රේමයේ අවංක
බව පෙන්වයි.

දහස්පෙති

Highlights:

වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්‍ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.

රු700.00 13% OFF

ඕලු 4

Highlights:

පසු දිනක අසේල දුරකථනයෙන් අසංග ඇමතුවේ ය.

“ඇත්ත ද අසංග ඔයාලා මේ අනාථ නිවාසෙකට දානයක් දෙන්ට යනවා කියන්නේ?”
“ඔව්, ඕලු ද අසංගට කීවේ?”
“ඔව්, මම විහිළුවට වාගෙ පාටිය ගැන එයාට මතක් කළා. එයා කීවා පාටියක් නෙවෙයි දානයක් දෙනවා කියලා. පස්සෙයි තේරුණේ එයා කියන්නේ ඇත්තක් කියලා…..”
“ඕළු මහ පුදුම ළමයෙක් අසේල”
“මටත් එහෙම හිතෙනවා. එයා හරි අමුතුයි. අපි නොහිතන හුඟාක් පැති ගැන එයා හිතනවා. බොහොම වෙලාවට අපේ අම්මත් හිතන්නේ ඕලු හිතන විදියට.”
“ඇත්තට?”

අස්වැන්න

Highlights:

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළැ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.

Out Of Stock

පරසතුරෝ

Highlights:

උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වු අදීන සිංහලයන්ගේ නැඟිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ.

කැප්පෙටිපොළලා බූටාවේ රටේ රාළලා කිවුලේ ගෙදරලා ඇල්ලෙපොළ නිලමෙලා පිළිමකලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදුහ. ඉහගම උන්නාන්සෙලා වාරියපොළමහ තෙරුන් වහන්සේලා වධ කඳවුරු වන දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ එක්නැලිගොඩ මහවලතැන්න හා මොල්ලිගොඩ යන දෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ.

ජාතික සටනකදී මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑ‍සනහුර පිටින් විනාශ වී ගිය අතර දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ. අද ද එවැන්නෝ මහ සපන්කම් කරති අද කැප්පෙටිපොළලාගෙන් බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත. වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.

කුරුලු මෙහෙයුම

Highlights:

පරිසරයේ සුවිශේෂී අංගයක් වන සත්ත්ව සම්පතට ආදරය කරමින් අපමණ අභියෝගවලට මුහුණ් දෙමින් ජීවත්වන සතුන් වෙනුවෙන් උදාර සේවයකට කැපවු දරු පිරිසක් ගැන කියවෙන “කුරුලු මෙහෙයුම” යොවුන් නවකතාව පරිසර හිතැති ආචාරධර්ම දරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියකි.

පාරිසරික කතා ගනයට ඇතුළත්වේ. සත්ව සම්පතට ආදරය කරන දරු පිරිසකගේ වික‍්‍රමයක් ගැන කියැවෙන කතාවකි. මතු පරපුර පරිසර හිතැත්තන් බවට පත්කිරිමේ අරමුණෙන් ලියැවී ඇත.

එතන සිට නොසිට

Highlights:

අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.

“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.

“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”

“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”

අන්ධයා සහ සුරුට්ටු න්‍යාය

Highlights:

බඩ තඩියා නැවතත් සිගරට්ටුවක් දල්වා ගනිමින් මෙසේ කියන්නට විය.

”කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු ගඟේ ඉන්න මාළු”

අමාරුකාරයා ද අත්හැරියේ නැත.

”දැලි පිහිය හිාගෙන ඉන්නෙ තමන්ට කපන්න පුළුවං රැවුල විතරයි කියලලු”

”දෙපැත්ත කැපෙන ආයුධ මෝඩයන්ට බයයිලු”

නැවතත් අමාරුකාරයාගේ වාරය පැමිණියේ ය.

”තුවක්කුව වුණත් බයගුල්ලෝ අතට ගියහම කොකා මැරිල වැටෙනවලු හාමතේ ඉඳල ම”

”කාටද තමුසෙ කොකා කිව්වේ? මට ද? මට ද?”

බඩ තඩියා අතක් මීට මොලවා ගනිමින් අමාරුකාරයට අනින්නට ඉදිරියට පැන්නෙන් කිහිපදෙනෙක්ම හනික තම අතවු දුම් බට මුවෙහි රුවා ගනිමින් ඔහු අල්වා ගත්තෝ ය.

සුන්දර සහ දේවින්ද

Highlights:

එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’
නමින් කවි පෙළක් ලියා තිබිණි.

සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
“සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.

කළු දෝංකාරය

Highlights:

“…මගෙ දුවේ.. ඇත්ත ලෝකය.. ප්‍රබන්ධ කතාවලට
වඩා දරුණුයි.. සාහසිකයි.. නරුමයි.. ඇත්තටම
විශ්වාස කරන්ඩ බැරි තරම්..

ඒ අමානුෂික ක්‍රියාව පියවරෙන් පියවර විස්තර කළා
නම් කියාවි, අවිශ්වාසනීය ප්‍රබන්ධයක සාහසික
ජේදයක් කියලා…”

දෙබෑයෝ

Highlights:

දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිච, කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් ව සිටින කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණුදාට? මොන? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුන්ත් උසිගන්වන්න ඒ තුළින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරුය.

අරලිය මල් ආරාමය

Highlights:

“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”

“ඒක තමයි මට උනෙත්…”

“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”

“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”

“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”

“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”

ඕලු 5

Highlights:

මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනෙකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.

කාණ්ඩ පහකින් සමන්විත මම දිර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති.
(කර්තෘ)

Out Of Stock

The Summer I Turned Pretty

Highlights:
One girl. Two boys. And the summer that changed everything . . .

Every year Isabel spends a perfect summer at her favourite place in the world – the Fisher family’s beach house. It has everything a girl could want: a swimming pool, a private stretch of sandy beach… and two (very cute) boys

රු2,025.00 10% OFF

අහිමි සෙනෙහස

Highlights:

අම්මා හිටිය කාමරේ හිටගෙන සෑහෙන වෙලාවක් අම්මා දිහා බලාගෙන
ඉඳල ආයේ ඉස්තෝප්පුවට ඇවිත් ටිකක් ඉඳගෙන ඉන්නවා, ආයෙත් තේ
කහට ටිකක් බීල ගිහින් අම්මා දිහා බලාගෙන ඉන්නවා. ඔය විදියට තමයි
රෑ දවස ගතවුණේ.

ඉස්සරහ ඉඩමට ගිහින් උඩින් මත්තෙන් කජුඇට අහුලගෙන ඇවිත් අම්මා
ළඟට ගිහින් බලන කොට වෙනසක් තිබුණේ නෑ. හොදින් හුස්ම ඉහළ පහළ
යනව ටිකක් සද්දෙන් ඇහෙනවා. අම්මට නින්ද ගිහිල්ල තිබුණෙ.

වෙනදා වගේම හොඳට ඉර පායල තිබුණ.වෙලාව උදේ නවයට විතර
ඇති. ආනන්ද බත් බෙදාගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ.පුටුවක වාඩිවෙලා
කන්ඩ පටන් ගත්ත. ඒ අතරෙ සුමන නංගි ආව. එයා තමයි දිනපතාම
වාගෙ ඇවිල්ල අම්මගෙ රෙදි හෝදල නාවලා එහෙම යන්නේ.

කූල් එෆ්.එම්

Highlights:

මේ කූල්. එෆ්.එම්. සේවයයි.
මෙන්න උදෑසන ප්‍රවෘත්ති ,
ප්‍රකාශය මනීෂා ලියනගේ…

“හැමෝටම පුදුම ඇති නේද මනීෂා ලියනගේ මැරිලා කොහොමද ප්‍රවෘත්ති කියන්නේ කියලා? ඔව් මේ කතා කරන්නෙ සුරංගි ඩයස් නෙමෙයි. මේ වෙලාවේ සුරංගි ගේ ශරීරයට ආරූඪ වෙලා ඉන්නේ මම මනීෂා ලියනගේ!. මීට මාසෙකට කලින් මැරුණු මනීෂා ලියනගේ! මට මේ දේ මුලු රටටම ඇහෙන්න කියන්න ඕනි. මේ සත්‍ය මුලු ලෝකයටම ඇහෙන්න කියන්න ඕනි. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට කියන්න ඕනි. පොලීසියේ මහත්වරුනි, මගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කරදර වෙන්න දෙයක් නෑ. මං මගේ මිනීමරුවා කවුද කියල මුළු රටටම ඇහෙන්න කියන්නම්…”

තරු සැණකෙළියේ

Highlights:

බුද්ධියේ කටු ඔටුනු,
විචාරක කටු ඔටුනු බිම තබා
සංජීව මහේෂ් පෙරේරාගේ නවකතා
කියවන්න. තමාගේ නිර්මාණයට අවංක
කතාකරුවෙකු ඔබට හමුවනු ඇත.
තම නිර්මාණයට ඔබ බැඳ තබා
ගැනීමට හැකි ලෙස භාෂාව
හසුරවන්නෙකු ඔබට හමු වනු ඇත.

කෙසේ වුවත් සංජීව හඳුනාගැනීමට
ඔහුගේ එක පොතක් කියවීම
ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇත.
අපේ ඔලුවට අරක් ගෙන ඇති විචාරක
මතවාද ඉවත් කර මේ
නිර්මාණකරුවාට සමීප වීමට නම්
ඔහුගේ කෘති දෙක තුනක්
කියවිය යුතුය.

1 2 3 4 5 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping