මොන මඟුලක්ද මන්දා
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ
බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
නින්නාද
ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන්. ඒත් ඔබ ජීවත් වෙනවා. මට ඔබ පේනවා. ඒත් මට සිංහයා පෙනෙන්නේ නැහැ. ඔහු එතැන සිටිනවා. එහෙත් හඳුනා ගැනීමට නොහැකියි. ඔබ ඔහු සොයා යනවා. ඔහු හමුවන්නේ ඔබගේ සොයා යෑම නතර කළ පසුයි. ඔබ ඔහු දුටුවත් හදුනාගන්නේ නැහැ. ඔහු නමක් නැති නොදන්නා පුද්ගලයෙකු පමණයි.
කළු ඕපල් මුදුව
මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.එංගලන්තයෙන් ඕස්ටේ්රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණගැසෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?
ශිව – මෙලුහාවේ අමරණීයයෝ
ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති. එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය. සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්ෂාව ඉපැරැණි ප්‍රවාදය යි. නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්රීවය නිල් පැහැති ය. මේ, ඉපැරැණි ප්රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්‍රිකයා ගේ පුවතයි.
සින්ඩර්
තහනම් ආදරයක්. මාරාන්තික වසංගතයක්. පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි. නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග්රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදු වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි. සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය.මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.
ශිව – නාගයන්ගේ රහස
නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජින කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.
ගැටී
මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැල මෙහෙකම් කළ, කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නුගත්, අවිහංසක ගොවි දැරියක වන ගැටී ද දෛවෝපගතව මේ වන්දනා ගමනට එක් වන්නීය.
මයුරාගේ අබිමන
නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ. එතන නරක නපුර අදහස් හිතට එන තැනක්. ඈ පැහැදිලි කළේ එසේය. ඒ ගොල්ලෝ එහෙම කියනවා මම අහල තියනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක් ඇයි? ඔය මං කිව්වේ එතැන එහෙම තැනක් ඒක හින්ද තමයි මං කියන්නේ . එහෙ යන්ඩ එහෙම එපා. “එතන හොල්මන් තියෙනවද ?” එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන් .
අපරාධය සහ දඬුවම
දහනවවැනි සියවසේ ආරම්භය රුසියාවේ බොහෝ නොසන්සුන්තා පැවැති කාලයක් විය. රටේ ගැමි ජනතාව ඉඩම් හිමි රදලයන්ගේ වහලුන් ලෙස ජීවත් වු අතර ඉඩම් හිමි රදලයෝද දිනෙන් දින පරිහානිය කරා ගමන් ගත්තෝය. දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ පමණක් නොව සභ්‍යත්වය අතින් පිරිහෙන රට මුදාගැනීම සදහා උගත් තරුණයන්ගේ පිබිදීමක් මතුවෙමින් තිබිණි.
සත් වැනි සඳේ රෑ
අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘතව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම මේ සැම අතීතයට එක් වූ පුරාවෘත්තයන් ය. යුද්ධය පිලිබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ. මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී. ඔහුත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී.
ඕක තමයි අපි කිවුවේ
ක්‍රිකට් සංස්කෘතියට සම්බන්ධව සෙල්ලක්කාර තාරුණ්‍යයේ උන්මාද හැගීම් කැටි කර ගත නවතම ශෛලියකින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි. ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම සාමාන්‍ය රසික රසිකාවියන්ට ද එක සේ රස විඳිය හැකි සරු ආශ්වාදජනක සිද්ධීන් රැසක සම්මිශ්‍රණයකි.
කෝමා
එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර අංක 8 දී සිහිසුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ. සියලු බාධක මැද මේ අබිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයට සිදුවන්නේ කුමක්ද?
වානරයා
මෙම වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක භික්ෂුව සැබැවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන ශත වර්ෂයේ විසූ මේ භික්ෂුවගේ ඉතිහාසයේ සඳහන් නියම නම හ්සු ආං ට්සාං ය. ඔහුගේ වන්දනා ගමන ගැන එකල ම ලියූ සම්පූර්ණ වාර්ථාවක් තිබේ. දහවන ශතවර්ශය පමණ වන විට මේ භික්ෂුවගේ වන්දනා ගමන නොයෙකුත් අද්භූත කතාන්දරයන්ට හේතුව කොට ගෙන තිබිණි. දහතුන් වන ශතවර්ශයේ පටන් මේ අද්භූත කතා චීන නාට්‍ය වේදිකාවේ ඉදිරිපත් වන්නට විය. එහෙයින් වූ වෙං එන්ට මේ අද්භූත කතාව ගෙතීමේ දී බොහෝ කරුණු නිර්මාණය කිරීමට සිදුවිය. වානරයා අලංකාර, විකාර, හාස්‍ය, ප්‍රලාප කතා පිළිබඳ අති විශිෂ්ට සංකලනයකි. මෙහි ගැමි කතා, දෘෂ්ටාන්ත කතා, ආගමික කතා, ඉතිහාස කතා හා පාලක නිලධාරීන්ට දරුණු උපහාසයන් එල්ලකොට ගෙතූ කතාවන් ද ඇතුළත් කොට තිබේ. මෙහි එන ත්‍රිපිටක භික්ෂුව ජීවිතයේ දුෂ්කර අවස්ථා වල අවුල් තැවුල් සිතින්, මෝඩකමින් වැරදි කරන සාමාන්‍ය මිනිහා මෙන් පෙනී සිටින අතර වානරයා, සාමාර්ථ්‍යයේ චංචල අස්ථීර මූර්තිය මෙන් පෙනී සිටී. මෙය ලංකා ගුවන් විදුලියේ “වානරයා” ලෙසින් සහ රූපවාහිනියේ The Monkey ලෙසින් ඔබ රස විඳි නාට්‍යයට පාදක වූ ජනප්‍රිය පැරණි නවකතාවයි.
ආදරය බෙදන්නී
රීදී ගුල්මය (Silver Bush ) නම් පැරණි නිවහනේ වාසය කළ පැට්‍රීෂියා ගාඩ්නර් තම නිවසට හා එහි පරිසරයට දැඩිව ඇළුම් කළ දැරියක වුවාය. මහ පොළොවට ගහ කොළට ආදරය කරන පැට් මානව දයාවෙන් පිරුණු බොහෝ ආදරණිය ගත පැවතුම් ඇති අයෙකි.
දුක්බරී
මෙය ඩොනාගේ ජිවිත කතාව ය. මා සමඟ ජිවත්වීම ට ඇය පැමිණියේ වයස අවුරුදු දහයේදී ය. ඒ වනවිට මම දරුවන් හදාවඩාගැනීමේ කාර්යෙහි නිරත ව වසර එකොළහක් ගෙවා ඇත්තෙමි. එය ට පෙර මා හදාවඩාගත් දරුවන් වුයේ ජෝඩි හා ටායෝ ය. ඔවුන් දෙදෙනා ට පෙර මගේ අතින් ලුසී නම් දැරීයක ද හදාවඩා ගැනුණි. ඇයට ට දරුකම ට හදාගැනීම ට පවා මම සිතුවෙමි.
තුන් මෝල්ලු
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
ආදරේ ඉල්ලූ දියණි
” ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලකට ගතවු ප්‍රමාදය පමණි. ලුසී මා ළගට එන විට එකොළොස් හවිරීදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරීය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ.”
සාරාගේ ගෙත්තම
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල්, කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද? කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.
වීදුරු මාලිගාව
තමන් ගැන බලාගැනීමට ඉගෙනගත් වෝල්ස් දරුවෝ කෑම සහ ඇඳුම් සපයාගත් අතර එකිනෙකා ආරක්ෂා කරගත්හ. ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ජීවීතයට මුනුණ දුන් ඔවුන් ළමා කාලයේම නිව්යෝර්ක් පැමිණෙන්නේ තම ජීවිත ගොඩනගා ගැනීම සදහාය ඔවුන් සොයා නිව්යෝර්ක් පැමිණෙන දෙමාපියන් තෝරාගන්නේ විදි ජීවිතයකි.
බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
සමුදුරු සංහාරය
සමුදුරු සංහාරය යනුවෙන් සිංහල පරිවර්තනයට ලක් කර ඇත්තේ සමුදුර හරහා යෙදුනු වීර චාරිකාවක් පිළිබද මහා කවි හෝමර් පැවසු කතාවකි. ලියඩ් සහ ඔඩිසි ග්‍රීක මහා කාව්‍ය වෙයි.කතුවරයා මහා කවි හෝමර් ය.ඉලියඩ් හි ත්‍රෝජපුර සංග්‍රාමයේ අවසන් වසරේ සති කිහිපයක් පමණක් විස්තර වෙයි.එහි ප්‍රධාන චරිතය අකිලීස් පසමිතුරු ප්‍රබලයා හෙක්ටර් මරාදැමීමෙන් අනතුරුව සංග්රාම බිමේ සිදුවන කිසිවක් ඉලියඩ් වෙතින් විස්තර වන්නේ නැත. එහි දිගුව වන ඔඩිසි හි ප්‍රධාන චරිතය රණශූර යුලිසීස් ය. සංග්‍රාමය අවසන් වූ ආකාරය ඔඩිසි හි විස්තර කරන්නේ යුලිසීස් වන අතර හෙතෙම සිය රටවූ ඉතාකාවට පැමිණෙන්නේ සංග්‍රාමය නිම වී වසර දහයකට පසුය.සමුදුර හරහා ඔහු කළ වීර චාරිකාව ඔඩිසි – සමුදුරු සංහාරය වෙතින් විස්තර වෙයි.
මෙලින් මැදුරේ පාලිකාව
තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකාන්තාවකට විවාහයක් කර ගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත් ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරීකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩ්ලේඩ් නන්දා මාර්තා ලී ට කීවාය. ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමට ය. මව අන් පුරුෂයකු සමඟ පැන යන්නට උත්සාහ කරද්දී මහා දුම්රීය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුණ ද එසේ මිය ගීයේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.
ඩැනී ඔයා මැරෙන්නේ නෑ
” එහෙනම් ගුඩ් නයිට් ජෝර්ජ් ” කිව්ව ඩැනි තමාගේ මුහුණ විශාල හාවා දෙසට දිගු කළා. හෙමිහිට ඩැනිගේ මුහුණ සිපගන්නා අයුරු දුටූ අප කිසිවෙකුට එය විශ්වාස කළ නොහැකි වුණා. “අන්න එයා ඩැනි ව කිස් කළා අම්මා ” ‘ඒක එහෙම වෙන්නේ කොහොමද? ” ” ඒක එහෙම වෙන්නෙ කොහොමද? ” පෝලා පුදුමයෙන් ඇසුවා.
මරණයේ සෙවණැල්ල
බ්‍රිතාන්‍ය ජාතික විසිතුන් හැවිරීදී ජැකී, ඊජිප්තුවේ සංචාරයකදී හමුවන ඊජිප්තු ජාතික ඔමාර් සමග පෙමෙන් බැදෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි. සතියක කෙටි ඇසුරකින් පසු ඇය , ඔහු හා විවාහ වන්නිය. දෙමවුපියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී , තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමග සිය ජීවිතයේ මහා ඛේදවාචකයකට මුලපුරන්නිය. ඔමාර්ට දාව දියණියන් දෙදෙනකුගේ මවක් වන ඇය . ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්විත අතවරවලට හා අපමණ කෲරකම්වලට ද මුහුණ දෙයි. අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යලි එංගලන්තයට පලා යාමයි.
අභිසාරිකා
ඇගේ හොදම මිතුරිය විසින් ඇයව රවටා විකුණා දමන ලදී. යුක්රේනයේදී දාමරිකයින් විසින් රවටා විකුණනු ලැබූ ඇය අන්තිමේදී නතර වූයේ ලන්ඩනයේ ගණිකා නිවාසයකය. දාමරික තැරැව්කරුවන් විසින්, වධ දෙමින් ඇයව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන, දිනකට සළෙලුන් පහලොවක් පමණ පිනවන්නට සිදුවන, හරිහැටි කෑමක් බීමක්වත් නොලැබෙන බිහිසුණු ඉරණම විසින් ඇයව මානසික රෝගියෙකු කරනු ඇතිද? ගණිකා නිවාසයක සිරවුණු සිරකාරියකගේ සිට, ගත් කතුවරියක දක්වා ඇය එන ගමන ගැන අනුවේදනීය කතාවයි.
බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
උණු හිම
දෙවැනි ලෝක සංග්‍රාමයේදී හිට්ලර් සෝවියට් දේශයේ විශාල පෙදෙසක් අල්ලාගෙන උදම් වෙද්දී ඔහුට සෝවියට් දේශප්‍රේමීන්ගෙන් ප්‍රථම මාරාන්තික ප්‍රහාරය එල්ල වුයේ ස්ටාලින්ග්‍රාඩ් සටනෙනි.
ලේ කුඩැල්ලෝ
“ඒ සතා මෙහේ නැහැ. අපි ඔහුගේ හිත සතුටු වෙන විදිහේ සත්තු ගොඩාක් දැනටමත් අල්ලාගෙන තියෙනවානේ. ඒ නිසා අපි මේ කියන සතාව අමතක කරමු. මිනිහට ඒ ගැන මතක් වෙන්නේ නැතිවෙයි.”
ක්ලෝවර් මූන්
මගේ අම්මා ක්ලෝවර් නම තෝරා ගත්තේ මට වාසනාවන්ත නමක් දීමට තිබූ උවමනාව නිසා බව මා සිතනවා. මූන් කියන්නේ මගේ පියාගේ නමයි. එය උරුම වීම ගැන මා බොහෝ සතුටු වෙනවා.මොකද මූන් කියන්නේ සඳයි. සඳ බොහොම ලස්සනයි. මා මගේ නංගී මෙග් එක්ක රාත්රියේදී සඳ දිහා බලමින් කල්පනා කරන්නේ සඳේ ඇත්තටම මිනිසෙක් ඉන්නවද කියලයි. ඒක එහෙම නොවුනත් අපි එහෙම හිතාගෙන ඔහුට සුභ රාත්‍රියක් පතනවා.