Novels

(Showing 1 – 30 products of 732 products)

Show:
NewOut Of Stock

Harry Potter and the Order of the Phoenix (Illustrated Edition)

Highlights:

This is a stunning visual feast of a book, filled with dark magical delights for both fans and new readers alike. Breathtaking scenes, iconic locations and unforgettable characters await inside – Luna Lovegood, Professor Umbridge, Grawp the giant, and many more – as Harry Potter and Dumbledore’s Army prepare for the coming battle against Lord Voldemort. Perfect for Potterheads of all ages!

රු10,863.00 10% OFF

සුළග මගේ නම දනී

Highlights:

විනාශයේ ප්‍රමාණය තක්සේරු කර ගැනීමටවත් නොහැකිව, බෙර හඬක් සේ පවතී හදවතේ ගැස්ම උහුලා ගත නොහැකිව ඔහ පඩිය මත වාදී ගත්තේය. ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් යුදෙව්වන්ට විරුද්ධව නැගී සිටීමට ජර්මන් ජනතාව කැඳවන ලද අවස්ථාවේ, සිතු ප්‍රමාණයට වඩා සිදුවූ විනාශය ඇති මහත් විය. හිට්ලර්ගේ නියෝජිත අමාත්‍යවරයා විසින් හිට්ලර් වෙනුවෙන් කතා කරමින්, යුදෙව්වන්ට විරුද්ධව විරෝධතා දැක්වීමට අවසර දෙනු ලැබීය. ජර්මානු සහ ඔස්ට්‍රියානු ජාතිකයන් විසින් යුදෙව්වන්ගෙන් කරනු ලබන පළිගැනීම් පූර්ණ ලෙස සාධාරණීකරණය කරන බව ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබීය. එය කලකෝලහල කරමින් කැරලි ගසීමට්, සියළු විනාශයන් සිදු කිරීමටත්, සමූහ ලෙස ඝාතනය කිරීම් සිදු කිරීමටත් දෙන ලද විවෘත ආරාධනයක් විය.

රු1,260.00 10% OFF
NewOut Of Stock

හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ

Highlights:

වවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්‍රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්‍රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?” මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි” යන අදහස් මගේ සිතට නැගෙයි.
බලන්න යාල්දේවි කෝච්චියෙ බු‍ෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ ”
දෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි

රු2,700.00 10% OFF

වඩේ කෙල්ල

Highlights:

“හිතාගෙන ඉන්නේ මගේ පුතා මට බොරු කිව්වට වඩේ නංගි අම්මට බොරු කියයි කියලද? ඒ නංගි කවදාවත් අම්මට බොරු කියන්නේ නෑ.”

” ඒ.. එයා දන්නවද මම කවුද කියලා අම්මේ…?”

නෑ එයා දන්නෙ නෑ. එයා දන්නේ හෙල්මට් අයියා තමන් ව පණ වගේ ආරක්ෂා කරනවා කියලා විතරයි. එයා ගොඩක් ආශාවෙන් ඉන්නවා තමාව ආරක්ෂා කරන හෙල්මට් අයියා කවුද කියලා දැනගන්න. අම්මා කීවාය.

“අනේ අම්මේ වඳින්නම්. කවදාවත් කියන්න එපා ඒ මම කියලා. එයා මට කවදාවත්ම සමාවක් දෙන එකක් නෑ එයාගේ අම්මට වෙච්ච දේට. මට ඕනේ මගේ අතින් වෙච්ච වැරැද්ද හදන්න විතරයි අම්මේ ”

එවර සෙනෙත් පැවසුවේ ඉවත බලාගෙනය. සිදුවන්නේ ඔහු සිතු දේ නොවේ.

 

රු810.00 10% OFF

රන් නාරි කුඤ්ජරය

Highlights:

සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?

එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.

හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී. ‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.

රු1,080.00 10% OFF

උත්තම පුරුෂ

Highlights:

“දෙවියෙක් වගේ ඇවිදින් ඔයා මාව බේරගත්තා.. ඔයා නොදැක ඉන්න බෑ වගේ..”

“මටත් ඒහෙමයි”

“අපේ අය මේවගේ ප්‍රශ්නකදී හැසිරෙන්නෙ ජාතිවාදී ගෝත්‍රිකයන් විදිහටයි . ඒත් ඔයාව අගේ කරනවා.. තාත්තා දුක්වෙනවා.”

“කෝටිපතියෙක් අහිමිවීම ගැන ඔයා යටි හිතින් මට බණිනව ඇති..”

” වැඩේමයි. අපේ අක්කලා, නැන්දලා ඔයාට පින් දෙනවා. මාව ඒ නාකි මනුසස්යගෙන් බේරපු එක ගැන. නැතිනම් මම නොදන්න රටක සිර කඳවුරක් වාගෙ මාළිගාවක ඉන්න තිබුණා..”

රු720.00 10% OFF
NewOut Of Stock

මීනා

Highlights:

සිංහල සාහිත්‍ය ඉතිහාසයේ වංශ කතාවට අනුව ප්‍රථම සිංහල නව කතාව ලෙස සළකනු ලබන්නෙ වර්ෂ 1905 දී පළවූ ඒ සයිමන් ද සිල්වා විසින් රචනා කරන ලද “මීනා” නව කතාවයි

“මීනා” නවකතාව අපිට වැදගත් වෙන්නේ හුදෙක් ප්‍රථම සිංහල නවකතාව විදිහට සළකනු ලැබීම ම නිසා පමණක් නොවේ සාහිත්‍ය කලාංගයක් විදිහට සිංහල නවකතාවේ විකාශනය දිහා ආපසු හැරිලා බලද්දී සාහිත්‍යමය හා කලාත්මක අගයෙහි විශේෂිත බවක් දරන නිර්මාණයක් විදිහට “මීනා” නවකතාව අදටත් සළකනු ලබනවා.

රු630.00 10% OFF

Never Never

Highlights:

Charlie Wynwood and Silas Nash have been best friends since they could walk. They’ve been in love since the age of fourteen. But as of this morning… they are complete strangers. Their first kiss, their first fight, the moment they fell in love… every memory has vanished.

Now Charlie and Silas must work together to uncover the truth about what happened to them and why. But the more they learn about the couple they used to be… the more they question why they were ever together to begin with.

Forgetting is terrifying, but remembering may be worse.

The Number One Sunday Times bestselling author of It Ends with Us joins forces with the New York Times bestselling author of The Wives for a gripping, twisty, romantic mystery unlike any other.

රු2,430.00 10% OFF

Amba Yahaluwo (English Version)

Highlights:
In Sinhala අඹ යහළුවෝ (Amba Yahaluwo) means ‘The Best of Friends’ and this story is the story of two inseparables to which barriers in society are of no concern, Just as long as they are together, be it in school or out of it. However these barriers exist among their parents, mostly based on economic conditions and different status in society, but these do not influence and different status in society, but these do not influence the two friends, Nimal and Sunil.

”Amba Yahaluwo” is a story of courage and steadfast resolve by Nimal and Sunil to stay together the vicissitudes of life and the changing fortunes of the two families.

”Amba Yahaluwo” in its Sinhala original has been reprinted several times and was an approved Reader for use in schools. The book was made into television series in Sinhala and became very popular. The translation into English will afford the English reader an opportunity to understand village life and rural life as it then existed.

රු621.00 10% OFF

කැමෙලියා

Highlights:

“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”

ඇනිටා

“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”

ජෙෆ්රි

“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට

දැනේ”කැමෙලියා

අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.

කළු අශ්වයා

රු877.50 10% OFF

හැරදා නොයන්නෙමි

Highlights:

“හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා…  මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා…..මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ”

හඳපාන

Highlights:

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපුර්ණ ප්‍රථම සිංහල නවකතාව ‘සිරියලතාව’ බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලේවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පන්තියේ පවුලක උපන්නේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ඩියෙන් විශාරද විය. ලෝකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නිවණින් ප්‍රවීණ විය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්විය.

නවකතා චක්‍රවර්ති, සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලේඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේ ය.

Out Of Stock

Twisted Love (Twisted – 1)

Highlights:

Alex Volkov is a devil blessed with the face of an angel and cursed with a past he can’t escape.

Driven by a tragedy that has haunted him for most of his life, his ruthless pursuits for success and vengeance leave little room for matters of the heart.
But when he’s forced to look after his best friend’s sister, he starts to feel something in his chest:
A crack.
To melt.
A fire that could end his world as he knew it.

***
Ava Chen is a free spirit trapped by nightmares of a childhood she can’t remember.
But despite her broken past, she’s never stopped seeing the beauty in the world.. including the heart beneath the icy exterior of a man she shouldn’t want.
Her brother’s best friend.
Her neighbour.
Her savior and her downfall.

Theirs is a love that was never supposed to happen – but when it does, it unleashes secrets that could destroy them both . . . and everything they hold dear.

ඉඳිකටු තුඩු

Highlights:

මම බරැති සුසුමක් පිට කලෙමි. අහස අල්ලනන්ට බැරිය. අහසද අනුන්ගේය. ඉතින් සඳ ඉල්ලා කුමට වැලපෙම්ද… මම පන්ති කාමරයට ගොස් ඉඳගත්තද මගේ හදවත තරමක් වේදනාවකින් බරවිය. හදවත මැද්ද ඉදිකටුවකින් කවුදෝ විසින් හාරනවා වැනිය. නමුත් එසේ දැනෙන්නේ ඇයි දැයි මටම නොතේරෙන මොහොතක… පන්තිකාමරයේ දොර ඇරුනි.

එය තිබුනේ මට පිටුපාය… මම හරිබරි ගැහිවැඩි වී පිටුපස බැලුවෙමි.

අනේ දෙවියනේ දුටු දසුනින් මගේ දෙපා පන නැතුව ගියාක් මෙන්ය. මා පසුකර ගියේ සැර විලවුන් සුවදක්ය. දැන් මා කුමක් කරයි මගේ යටිසිත පෙරලා මගෙන්ම ප්‍රශ්න කලේ. බඩ හරහා පපුව තෙක් පැමිනි දැවිල්ලද සමගිනි. මට පැන දුවන්නට තරම් හිතුනි.

අභිපාරි

Highlights:

අරුත් නැති ලෝකයක් හමුවේ – සිනාසෙන්නට වෙර දරන නුඹ

නමක් නොම දත් මලක් සිඹිමින් – ආදරේ සුව සොයනු කෙලෙසද

 

සිතක සිතිවිලි වාන් දමනා –  යොවුන් වයසේ කිරිලියේ නුඹ

නුබට පෙම් නැති සිතක් වෙනුවෙන් – නෙත් ඉමේ කඳුලක් දරණු කිම

 

” මේ ලෝකේ හැම පෙම්වතෙක් ම බෝසත් පෙම්වතෙක් වෙන්නේ නැහැ,

කෙනෙක්ගේ අතීතයේ අතපසුවීම් ලස්සන අනාගතයකට බාධාවක්

කියලා කවුද කිවුවේ?

හ්ම්ම්! සමහර රහස් රහස් විදියටම තියෙන්න ඕනි…. එහෙම නොවුනොත්

අතීතයට පුළුවන් වර්තමානය වගේම අනාගතයත්  විනාශ කරන්න”

 

බිනර මල

Highlights:

මම දුර්වල කෙල්ලෙක් නෙවේ.මහියංගනය කාශ්ඨක පොලවේ මව්පියන්ද අහිමිව වියපත් සීයා සමග ජිවිතේ හා පොර බැදි මට දුක කියන දේ නුහුරු දෙයක් නොවේ.ඒත් මගේ පුංචි ලෝකයට දවසක් පෑයුවා ලස්සනම ලස්සන හඳක්. හඳ අපිට අල්ලගන්න, ළගට ගන්න, අයිතිකරගන්න බෑ. දුරින් ඉදලා බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ඉතින් මම ඒ හඳට ආදරේ කළා. අසීමිතව ආදරේ කළා. අයිති නෑ කියලා දැන දැන ආදරේ කළා. මගේ ජිවිතයෙන් මම ආදරේ කරන ඒ ලස්සනම ලස්සන හඳ බැහැලා ගිහින් දැන් මාස ගණනක් වෙනවා.

නෘත්‍යාංගනා

Highlights:

“මට රිදෙනවා ..”

මා මිමිනුවේ ඇහෙන නෑහෙන හඩින් මුහුණ අකුලාගෙනය.

“මට ඊට වැඩිය රිදෙනවා.. මේ මෙතන ඊට වැඩිය රිදෙනවා..”

ඔහු වම් ළය මඩලට ගසාගන්නේ අත ගුලි කොටය. ඒ තමා ඉදිරියේ සිටින මාගේ සියුමැලි සිරුරට පහර දෙන්නට බැරිකමට බව මා දනිමි.

“තමුන්ට ඕන වුනේ සල්ලි නම්, මං දෙන්නැද්ද..? ඔය ලැබුණා වගෙ දාස් ගුණයක් මට දෙන්න තිබුණා. වෙන උන්ගේ ඇස් ඉස්සරහ නටන්න තරම් තමුන්ට තිබුණ වුවමනාව මොකක්ද..?”

ඔහු ගසන්නේ මාගේ දුර්වලම නිලයටය. සල්ලි.. හරිම තැනට ඔහු ඒ වචනය දමන්නේ හරියටම රිදෙන තැනටම පහර වදින්නටය.

නෘත්‍යාංගනා

Highlights:

“මට රිදෙනවා ..”

මා මිමිනුවේ ඇහෙන නෑහෙන හඩින් මුහුණ අකුලාගෙනය.

“මට ඊට වැඩිය රිදෙනවා.. මේ මෙතන ඊට වැඩිය රිදෙනවා..”

ඔහු වම් ළය මඩලට ගසාගන්නේ අත ගුලි කොටය. ඒ තමා ඉදිරියේ සිටින මාගේ සියුමැලි සිරුරට පහර දෙන්නට බැරිකමට බව මා දනිමි.

“තමුන්ට ඕන වුනේ සල්ලි නම්, මං දෙන්නැද්ද..? ඔය ලැබුණා වගෙ දාස් ගුණයක් මට දෙන්න තිබුණා. වෙන උන්ගේ ඇස් ඉස්සරහ නටන්න තරම් තමුන්ට තිබුණ වුවමනාව මොකක්ද..?”

ඔහු ගසන්නේ මාගේ දුර්වලම නිලයටය. සල්ලි.. හරිම තැනට ඔහු ඒ වචනය දමන්නේ හරියටම රිදෙන තැනටම පහර වදින්නටය.

පන්තක

Highlights:

පන්තකගේ ජීවිතය සුව පහසු එකක් නොවීය. පන්තකගේ පියා වන නන්දසෝමට ස්තීර රැකියාවක් තිබුණේ නැත. හෙතෙම රාස්සගල, මල්වාන, දිවියා වැල්ල, නවගමුව වැනි තොටුපලවල ඔරු පදින තොටියෙක් බව පන්තක දැන සිටියේය. ඔවුන් ජීවත් වූයේ රාස්සපාන තොටුපලට නුදුරෙන් පිහිටි කුඩා නිවසකය.

කොතරම් අගහිඟකම් දුෂ්කරතා තිබුණත් ඔහු බෝමිරිය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන් ඉගෙනුම ලබමින් සිටියේය. කොපමණ දක්ෂතා තිබුණත් සෙසු මිතුරන් දමන අඩිඩාස් පාවහන් යුගලක් දැමීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කොතරම් දක්ෂතා තිබුණත් විද්‍යාලයේ සිසුන් හා සුහදව ඇසුරු කිරීමට කැමති වූයේ නැත.

එයට ප්‍රධාන හේතුව වූයේ කසිප්පු නමින් හඳුන් වන හොර අරක්කු ව්‍යාපාරයට තාත්තා සම්බන්ධ බවට ආරංචි පැතිර තිබීමය. තාත්තා දඩ ගෙවමින් සිරගත වෙමින් මෙ තරම් දුක් විඳින්නේ නංගිලා දෙදෙනා ඇතුළු පවුල ආරක්ෂා කිරීම වෙනුවෙනි. ලොකු නංගි හොඳින් ඉගෙන ගත්තාය. සුදු නංගි අපස්මාර රෝගයෙන්

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Highlights:

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

ධූම

Highlights:

“මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින්
බරවූ නෙතිනි. “මටත් ඉන්න දෙන්න පාඩුවේ..
ඔය ඇස් මාව පුච්චනවා..”

තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන්
මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය.
ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත්
ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය..
ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති හැඩ ය.
ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ
දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට
කරන්නේ ආරාධනාවකි.
තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දී ම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහස්ගේ උරහිස් අතර මුහුණ සගවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව – ප්‍රචණ්ඩ වූයේ මන්දැ’යි සිතාගත නොහැකිව ය.

කුරුලු කිරුළු

Highlights:

“දෙයියනේ මම ඔයාගේ අම්මා… ඔය විදිහට මට කතා කරලා
පව් පුරෝගන්න එපා බබා…”

අඬ අඬා එයා කිව්වේ ඒක. මම හිනා උනා.

“මීට වඩා පවක් ඕනෙ නෑ… ඔය දෙන්නගෙ ළමයෙක් වෙලා
ඉපදුණ එකම තමයි මගේ පව… ඔයා අපිට කිසිම ආදරයක්
නෑ… ඔයා ආදරේ අර නපුරු මිනිහට විතරයි… ඒක නෑ
කියන්න එපා, මට පාඩුවේ ඉන්න දීලා යන්න අම්මේ…

වජ්‍ර කස්තුරි

Highlights:

“පටන්ගත්ත හැටියේම ප්‍රශ්න කියවන්න මමත් ආස නැහැ චූටී..නමුත් ඔයාට වගේ ජීවිතය ඔහේ වෙච්චාවේ කියලා හරවගෙන යන්න පුළුවන් පාරක නෙමෙයි මම ඉන්නේ. මම කාගේ කවුද, එතකොට මගේ අතීතය
ගැන ඔයා දැනගන්න ඕනේ චූටී.. ඔය හිතේ තියෙන ඔක්කොම
හරි වෙන්න ඇති. මේ ආදරයත් වෙන්න ඇති. ඒ වගේම මමත්
ඔයාට ආදරෙයිත් තමයි. නමුත් ඇත්ත තිත්තයි චූටී..ඒ ඇත්ත
අපිට වඩා ඔයාගේ අම්මාට තේරෙනවා. අම්මා ඉන්න තැන ගැන
මටත් හොඳට තේරෙනවා. මොකද මමත් එහෙම වෙලා ජීවිතයෙන්
හෙම්බත් වෙච්ච මනුස්සයෙක් නිසා” මේඝ ඔහේ කතාකළා.

“ම..මට ඔයා කියන ඒවා දැන් හිතන්න බයයි අයියේ.. මොකද
එතකොට මට මේ දැනෙන සැනසීම නැතිවෙයි. ඔයාට බැරිද ඔය
හැමදේම මට ඉස්සරහ දවසකදී කියන්න? එතකල් ඔයාට පුළුවන්ද
මේ වගේ මගේ අතක් අල්ලගෙන හෙමිහිට මෙහෙම ඇඟිලි එහා
මෙහා කරන්න? තව පුළුවන් නේද මගේ කොණ්ඩේ අස්සෙන් මේ
විදියට ඔයාගේ නහය තියාගෙන ඉන්න” විහේලි අඩුම ඔළුවවත්
උස්සන්නේ නැතිව ඒ ඉරියව්වෙන්ම අහද්දී මේඝ ඉබේම ගොළු වුණා.

සදහටම ඔබගේමයි

Highlights:

“මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ.
එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න
පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත්
කෙනෙක් අවශ්‍ය නැහැනේ. වෙන කෙනෙක් මට
ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ
ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන
අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ.
මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ
නැහැනේ වෙන කෙනෙක්…

යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ
හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි
මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා
ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට
අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා
වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට
පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න
මම සදහටම ඔයාට ආදරෙයි. මගේ වයිෆ් වෙන්නේ…
මගේ ළමයින්ගේ අම්මා වෙ න්නේ ඔයයි කවදා හරි.”

අරිත සිංහබාහු.

පමාවී පිපුණු මල්

Highlights:

“ආදරය එක එක කෙනා දකින විදිය වෙනස් මිලී. ඔයා
හිතන්නේ මගේ ආදරය මගේ ජාතිය අනුව වෙනස් කියලා නම්
මට හිතෙන්නේ ඒ අදහස වැරදියි කියලා. මම දන්නවා අපිට
ලැබුණේ පොඩි කාලයයි අදුනගන්න. ඒක නිසා මම ගැන
එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා මගේ ආදරේ. මම ගෑනු
ළමයි එක්ක ඕන තරම් ළඟින් ඉදලා තියෙනවා. ඒත් ඒ හැඟීමට
ආදරය කියන්නේ නැහැ මම කවදාවත්. මම ආදරේ කළේ
දෙන්නටයි මිලී. එක්කෙනෙක් ජෙසී. ඔයා දන්නවා එයා ගැන.
අනිත් කෙනා ඔයා මට ඔයා ගැන දැනෙන විදිය ගොඩක්
වෙනස්. මම ආදරේ කරන්නේ ඒ දේ හැමතිස්සෙම හිතේ
තියාගෙන. ඔයා මට ගොඩක් වැදගත්”

ස්වෛරී

Highlights:

මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි.

අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප්‍රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කියවනු ඇත. ඔබ ඊයේ දිනයේ කෙතරම් කඩා වැටුණා වුවත් කමක් නැත; අද අලුත් දවසක් බව පමණක් සිහි කරගන්න.

රු675.00 10% OFF

මගේ පුත්තු හොරු අරං

Highlights:

කතාවට නම් අම්මල හැමෝම කියන දෙයක් තමයි මං මගේ දරුවන්ට කරන්න තියෙන හැම යුතුකමක්ම ඉෂ්ට කලා. දැන් මාව එයාලා බැලුවත් එකයි නොබැලුවත් එකයි. මං කවදාවත් දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියලා. අම්මලා එහෙම කියන්නේ පට්ටපල් බොරුවක්. ඔය අම්මා මැරෙන පුරාවටම තමන්ගේ පුතාගෙන් බලාපොරොත්තු වෙනවාමයි.  මොනවද` සල්ලිද` නැහැ, ආදරය

තමන්ගේ මුළු ජීවිතයම පුතුන් වෙනුවෙන් කැප කරන අම්ම කෙනෙක් එක සත පහක් වත් වියදම් නොවන ඒ ආදරේ ලබන්න පෙරුම් පුරනවා. ඒ අම්මා ඒ ආදරේ ලබන්න ආස කරන එක වරදක්ද` මතකද පුංචි කාලේ අනේ මගේ රත්තරන් පුතේ කියලා අම්මා පුතාව තුරුලු කරගත්ත විදිය` සමහරවිට පුතාට දැන් ඒව අමතක ඇති නමුත් කවදා හෝ දවසක ඔහුගේ බිරිඳ ඔහුගේ දරුවන් බදාගෙන සුරතල් කරන විට ඔය විදිහටම නේද මගේ අම්මාත් මාව හදන්න ඇත්තේ කියා හිතෙන්නේ නැද්ද`

රු1,350.00 10% OFF

ද්‍රෝහී

Highlights:
මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි;
ප්‍රත්‍යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය.
ද්‍රෝහියා…?
මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට ,
අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි.
මේ වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටාප්‍රාප්තියයි;
දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප්‍රමෝදය අත්විදිමින්
පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි.
මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම,
කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි.
‘දෝහියා’ මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේද , කොතැන දී ද
කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය
පුරවා දැමීමට සිදු වෙයි. පොත සම්පූර්ණ වූ විට
ඔහු කවුරුන් දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න
මට සිදු නොවනු ඇතැයි මම සිතමි.
මේ ප්‍රහේලිකාව සකස් කරන්න මා වන මුත්,
එහි කොටු පුරවන්නා බවට පත් විය යුතු වන්නේ ඔබයි.

Victory City

Highlights:

The epic tale of a woman who breathes a fantastical empire into existence, only to be consumed by it over the centuries – from the transcendent imagination of Booker Prize-winning, internationally bestselling author Salman Rushdie.

In the wake of an insignificant battle between two long-forgotten kingdoms in fourteenth-century southern India, a nine-year-old girl has a divine encounter that will change the course of history. After witnessing the death of her mother, the grief-stricken Pampa Kampana becomes a vessel for the Goddess, who begins to speak out of the girl’s mouth. Granting her powers beyond Pampa Kampana’s comprehension, the goddess tells her that she will be instrumental in the rise of a great city called Bisnaga – literally ‘victory city’ -the wonder of the world.

Over the next two hundred and fifty years, Pampa Kampana’s life becomes deeply interwoven with Bisnaga’s, from its literal sowing out of a bag of magic seeds to its tragic ruination in the most human of ways: the hubris of those in power. Whispering Bisnaga and its citizens into existence, Pampa Kampana attempts to make good on the task that the Goddess set for her: to give women equal agency in a patriarchal world. But all stories have a way of getting away from their creator, and Bisnaga is no exception. As years pass, rulers come and go, battles are won and lost, and allegiances shift, the very fabric of Bisnaga becomes an ever more complex tapestry – with Pampa Kampana at its centre.

Brilliantly styled as a translation of an ancient epic, this is a saga of love, adventure and myth that is in itself a testament to the power of storytelling.

Out Of Stock

කඩවර

Highlights:

ප්‍රේතයින් පිසාචයින් යක්ෂයින් අමුනුස්සයින් පමණක් නොව, විශ්වයේ ඇති සියලුම අඳුරු බලවේගයන් තම පාලනයට ගත් එක් බලගතු මිනිස් ආත්මයක්…

ජීවත් වීමටත්, මිය යෑමටත් නොහැකිව සියල්ල අහිමි කරගත් එක් සාමාන්‍ය ගැහැණියක්…

අහිංසක ගැමියන් සිටින සතුට පිරුණු ගම්මානයක්…

එක් අරමුණක් වෙනුවෙන් සියලු දේ වැනසූ එක් මිනිසෙකුගේ කතාවක්….

“කඩවර”

1 2 3 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping