Health Family & Lifestyle

Health Family & Lifestyle

(Showing 1 – 30 products of 63 products)

Show:

දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits

Highlights:

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම්‌ පුරුදු දිනෙන්‌ දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස්‌ ක්ලියර්‌ විසින්‌ මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්‌ වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

First Aid Box Medium (J2010A)

Highlights:
Size 23.5 x 16 x 14 cm – sma

First Aid Box Medium (J2212)

Highlights:
Product Specifications
Material – Plastic
Color – Transparent
Shape – Rectangular

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ආචාරධර්ම

Highlights:

ආයුෂ පවත්වා ගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවාරණය පදනම් කර ගත්තකි. එහි ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවතුම් පැවතුම් ක්‍රම හා වත් පිළිවෙත් ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන පරිදි කායික – මානසික දෙ අංශයෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ.

දෙපලු වන බුද්ධ බීජය

Highlights:

“දෙපලු වන බුද්ධ බීජය” අප තුළ සැඟව පවතින ප්‍රඥාව සොයා ගැනීමට පවතින මාර්ගය මෙහි සඳහන්ග බුදු දහම ඇතුලාන්ත දහම බුද්ධියෙන් දකින්නට උත්සාහ දරන ඔබ වෙනුවෙන්.

අප තුළ සැඟව පවතින ප්‍රඥාව සොයා ගැනීමට පවතින මාර්ගය මෙහි සඳහන්. බුදු දහම ඇසුරින් තමන්ගේ අවබෝධය සොයා යන මග මඟ පෙන්වීමට ගත් උත්සාහයක්.

ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු

Highlights:

“ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු”ජීවිතයට සැහැල්ලුව හරිම අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙකුට නැති වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මේ පොතේ තියෙන්නේ තමන්ට අවශ්‍ය සැහැල්ලු වීම ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම රැසක්. ඒ වගේම ඔබට ඔබ ගැනම දැනගන්නට, තමන්ටම ලියන්න පුළුවන් අභ්‍යාස ගණනාවක් තිබේ.

සුරාධුර්ත්වය (මත්පැනට ඇබ්බැහි වීම)

Highlights:

මධ්‍යසාර භාවිත ආබාධය හෙවත් සුරාධුර්ත්වය,
කෙනෙක් මධ්‍යසාරය භාවිත කරන ලීලාව මගින් ද.
ඒ හා බැඳුණු මානසික හා කායික ක්‍රියාදාමයන්
මගින් ද හඳුනාගත හැකි ය.සුරාධුර්ත්වය හා සමීපව
බැඳුුණු රෝග ලක්ෂණ කිහිපයකි. තමාගේ මධ්‍යසාර
භාවිතය පාලනය කරගත නොහැකි වීම ඉන් එකකි.
බීමට පටන් ගත් විට දින ගණනක් එකදිගට බීම
සුරාසොඬාගේ ගතියකි. මධ්‍යසාර ඔහුගේ ජීවිතයේ
ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙන අතර,
ඔහු හෝ ඇය නිතර ම ඒ ගැන සිතයි.

මත්පැනට ඇබ්බැහි වීම එය හඳුනා ගැනීම, ඒ හා
බැඳි රෝග ලක්ෂණ හා ඒවායෙන් සිදුවන කායික
හා මානසික බලපෑම් මෙම කෘතියෙන් ඉතා සරලව
විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

නිරෝගී දිවියකට අක්මා බද්ධය සඳහා අත්වැලක්

Highlights:

උතුරු කොළඹ අක්මා බද්ධ කිරීමේ අංශයේ වෛද්‍යවරුන් විසින් රචිත මෙම ග්‍රන්ථය අක්මාවේ සිරෝසිස් හෝ අනෙක් රෝග තත්ත්ව ඇති රෝගීන් සඳහා රචිත මෙම කෘතිය ඔස්සේ අක්මාව අශ්‍රිතව වැළඳෙන රෝග පිලිබඳ රෝගීන් හට අක්මා බද්ධ කිරීමට පෙර සහ පසුව අවශ්‍ය වන තොරතුරු දිර්ඝ වශයෙන් සඳහන් කර ඇත. මෙම කෘතිය රෝගීන්ට පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන්ටත් වෛද්‍ය සේවා සපයන පාර්ශවයන්ටත්, වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, උසස්පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා සාමාන්‍ය ජනතාවට අත්වැලක් වනු ඇත.

දත් සුරකිමු

Highlights:

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වර්තමාන මුඛ සෞඛ්‍ය
තත්ත්වය අනුව වඩාත්ම ඛෙදනීය ප්‍රතිඵලය
අත්විඳින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි කණ්ඩායමයි. වයස
කුමක් වුවද මිනිසකු ලෙස නීරෝගි දිවියක් ගෙවීම
සඳහා අවම ලෙස දත් 20ක් අවශ්‍ය වුවද, අපේ
රටේ අවුරුදු 65 වයසට පැමිණෙන විට සාමාන්‍ය
අගයක් ලෙස කෙනෙකුට ඇත්තේ දත් 13ක් පමණි.
සාමාන්‍ය අගය එය වුවද කටේ එක් දතක් වත් නැති
අයගේ ප්‍රතිශතය 22%කි. ඒ හේයින්ම වෛද්‍ය මාරසිංහයන්
මෙහිදී සිය මාධ්‍ය භාවිතය හසුරවන්නේ ගැබිනි මව
සිය දරුවා ඉපදෙන්නට පෙර සිටම ජීවිතය හැඩගස්වාගත
යුතු තැනින් පටන් ගෙන, උපදින දරුවා දිවිය පුරා හැසිරිය
යුතු ආකාරයද කියා දෙමිනි.

විෂ වෛද්‍ය ප්‍රකරණය

Highlights:
 ” විෂ වෛද්‍ය ප්‍රකරණය” නම් වූ මෙය විෂ චිකිත්සාව පිළිබදව මෙතෙක් පළ වූ  ග්‍රන්ථවලින් විශිෂ්ට ග්‍රන්ථයකි.

රාවණාගේ කුමාරතන්ත්‍රය

Highlights:
“රාවණාගේ කුමාරතන්ත්‍රය” නාගර ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.

ද්‍රව්‍යගුණ දර්පණය

Highlights:
ද්‍රව්‍යගුණ දර්පණය නමැති මේ සංස්කෘත ග්‍රන්ථය අවුරුදු සිය ගණනක සිට මෙරට වෛදයවරුන් තම ශිෂයනට උගැන්වීමට අතින් අත ලියාගෙන එන්නකි. මෙහි අග මුල කොතැනකවත් රචකයාගේ නම සදහන් වී නොමැති නිසා කිනම් කාලයක කවුරුන් විසින් කරන ලද ද යනු නොදනිමි. මෙය දඹදිවි වැසි බ්‍රාහ්මණ පඩිවරයෙකු විසින් ලියන ලදැයි යෙති. අවුරුදු සියයකට පෙර වරක් මෙය මුද්‍රණය වූ බවක් ද ඇසීම්. අපට දකින්නට ලැබුණු අත් පිටපත් කිහිපයෙකි. ඒ සියල්ලෙහිම ශ්ලෝකාංක අවුල් සහිතය. අපගේ සංස්කරණෙහි ද ද්‍රව්‍යගුණ ප්‍රකාශයට මුල් තැන දුන්නා විනා අංක අවුල නිරාකූල කිරීමෙහි තැනක් දරා නැත. පොත භාවිතා කරන්නවුන්ට පහසුවෙන් සොයා ගන්නට හැකිවන පරිද්දෙන් ද්‍රව්‍යයනට මුල් තැන දී මෙය සකසා ඇත.

යොවුන් වියට ලිංගික අධ්‍යාපනය

Highlights:

ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍ය‍යේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.

සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍ය‍ය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.

ඇදුම හා ශ්වසන රෝග වළක්වාගනිමු

Highlights:

නුතන වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු
තත්ත්වයක පැවතුණත් මරණය කවදා
කෙසේ කොතනකදී සිදු වේදැයි කිසිවකුට
කිව නොහැකිය.එතෙක් නීරෝගිමත්ව සිටීම
ඕනෑම කෙනෙකුට කළ හැකි අතර,ඒ සඳහා
අවශ්‍ය වන්නේ දැනුම, අවබෝධය හා ඒ
අනුව ජීවන රටාව හැඩගස්වාගැනීමේ
අවශ්‍යතාව පමණි.

මෙම පොත් පෙළ ප්‍රකාශනය කිරිමේ ප්‍රධාන
අරමුණ වන්නේ ජීවිතයේ අවසන් මොහොත
දක්වාම ඕනෑම පුද්ගලයකුට කායික හා
මානසික වශයෙන් නීරෝගිභාවය
රැකගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා
කරුණු නිසි ලෙස ඔබ වෙත ලබාදීමයි.

පියයුරු පිලිකා හඳුනා ගනිමු

Highlights:

1985 සිට 2010 දක්වා ජාතික පිළිකා ලේඛනයට වාර්තා වු දක්ත විශ්ලේෂණය කිරීමේදී පියයුරු පිළිකාව වාර්තා වීම කාලයක් සමඟ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරයි.කල් ඇතිව හඳුනාගැනීමෙන් සහ නිශ්චිත ප්‍රතිකාර ලබාගැනීමෙන් නියත සුවයක්ලබාගත හැකි පිළිකාවක් ලෙස පියයුරු පිළිකාව සැලකෙන බැවින් ජනතාව අතරපියයුරු පිළිකාව පිළිබඳ දැනැවත් භාවය වැඩි කිරීම සඳහාත් , කාන්තාවන් පියයුරුපිළිකාව කලින් හඳුනාගැනීමේ කටයුතු සඳහා උනන්දු කරලීමටත්, පියයුරු පිළිකාවටප්‍රතිකාර සහ පසුවිපරම් සත්කාර ගැන සරල අවබෝධයක් ලබාදීම සඳහා සරලභාෂාවෙන් ලියැවුණු ලිපි, පත්‍රිකා,පොත්වල අවශ්‍යතාවයක් ඇති අතර සරල භාෂාවෙන්ලියා ඇති ‘පියයුරු පිළිකා හඳුනාගනිමු’ නැමැති මෙම ග්‍රන්ථය එම අවශ්‍යතාවයනිසි ලෙස සපුරයි.

Out Of Stock

ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානාර්ණවය

Highlights:

ආයුර්වේද මූල සිද්ධාන්ත අනුව ශාරීරික රෝගවලට ප්‍රධාන හේතුව වාත,
පිත්ත,කඑ විෂමතා නමින් හඳුන්වන දෝෂ කෝපය යි. විශවයේ සියල්ල
මෙන් ම ත්‍රිදෝෂ ද සෑදී ඇත්තේ පංචමහා භුතයන් ගෙනි. භාරතීය දර්ශනික
මත සහ ආයුර්වේද දර්ශනික මත අනුව ද මනුෂ්‍ය‍යා ඇතුළු සමස්ත
භෞතික ලෝකය ම නිර්මාණය වී ඇත්තේ පංචමහා භුතයන් ගේ
සංකලනයෙනි මනුෂ්‍ය ශරීරය පංච භෞතික යන්න පමණක් ම කීමෙන් නතර
නොවී ශරීරයෙහි දෝෂ ධාතු මලවලින් යුක්ත වන අතර ඒවා ශරීරයෙහි
සම තත්තවයෙන් තිබිය යුතු යැයි සංහිතා ග්‍රන්ථවල දැක්වේ.

එදිනෙදා දිවියට ප්‍රථමාධාර

Highlights:

ගෝලීය ආර්ථික රටාවක් ඔස්සේ ජීවත් වන්නා වු මිනිසා එදිනෙදා ක්‍රියාකාරකම්වල දී විවිධ අනතුරු වලට මුහුණපායි.

එවැනි අවස්ථාවක දී ප්‍රථමයෙන් අපට සිහියට නැගෙනුයේ ප්‍රථමාධාර පිළිබඳවයි.අද අප රටේ දවසකට සිදුවන්නා වු අනතුරු බෙහෙවින් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. රිය අනතුරු මෙන්ම විදුලි අනතුරු ද බහුලව දක්නට ලැබේ.

මදුරු උවදුරෙන් ආරක්ෂා වෙමු

Highlights:
ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට පත් කරන මදුරු රෝග පිළිබදවද
මදුරුවන්ගේ ජීවන චක්‍රය හා වයාප්තිය පිළිබදවද මේ පොතෙන්
ඔබ දැනුවත් කෙරෙයි.

සිංහලේ අත්වෙද පොත හෙවත් වෛද්‍යක හස්තසාරය

Highlights:

මහවලතැන්න මැතිඳුන්ගෙ පුස්තකාලයෙහි තිබු අත්පොතකි. සබරගමුවේ පැරැණි ග්‍රන්ථයෙකි

පාරම්පරික කෂාය ප්‍රකරණය

Highlights:

විමසිලිමත්ව සොයා බලා දේශිය දේ කෙරෙහි විශ්වාසය තබන එයින් ප්‍රයොජන ගන්නා විශාල පිරිසකට අවශ්‍යව තිබු අඩුපාඩුවක් සපුරා ලීමේ පරමාධ්‍යශයෙන් පාරම්පරික කෂාය ප්‍රකරණය නම් වු මෙම ග්‍රන්ථය එළිදක්වන ලදි. බුද්ධිමත් ජනතාව මෙහි ඇතුළත් ඖෂධ ක්‍රම රෝග ව්‍යපශමනයෙහි තම තමන් පාවිච්චිකර බලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂකර ගනිත්වා!

ආසව -අරිෂ්ට විඥානය බස්න හා රසායන සහිත යි

Highlights:

ආසව අරිෂ්ට බස්න සම්පාදනයේ දී වස විෂ වර්ග ද ගැනේ. වෛද්‍යවරු නම් විෂහරණ විධි දනිති. එක නමට ඇති ඖෂධ වර්ග ගණනාවක් ඇති තැන යෝගයට සුදුසු ඖෂධය තෝරා ගැනීමට ද කෘතහස්ත උගත් වෛද්‍යවරු දනිති. ඔවුන් ගේ ඒ ක්‍රියාව ලොවට වැඩද්‍රයක ය.

වෛද්‍ය ජිවනය

Highlights:

වෛද්‍ය ජිවනය ලෝලිම්බරාජ පඬිවරයාගේ නාගර ග්‍රන්ථයේ සිංහල අනුවාදය

පැරණි පීනස වෙද පොත

Highlights:

පැරණි පීනස් වෙද පොත : පහතරට පැවිදි වෙද පරපුරක වට්ටෝරු ඇතුලත් උපග්‍රන්ථයක් සහිතයි

අතිසාර චිකිත්සා

Highlights:

මේ පැරණි අත්පිටපත බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් වහන්සේගේ පුස්‍තකාලයෙ අති ශ්‍රේෂ්ඨ වටිනා වෛද්‍ය ග්‍රන්ථයකි.

Out Of Stock

සබරගමුවේ වට්‍ටෝරු වෙදපොත

Highlights:

මහවලතැන්නෙ මැතිදුන්ගෙ පුස්තකාලයෙහි තුබු අත්පොතකි.

රෝස පාට හීන

Highlights:

මනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්‍රන්ථයකි.

රු656.25 13% OFF

බුද්ධිමත් දරුවෙකුගේ වාසනාවන්ත උරුමය

Highlights:

දරුවෙකු මේ ලෝකයට දායාද කිරීමට වාසනාව උදා වී ඇති ඔබ දෙපල ඉතාම වාසනාවන්ත යුවලකි. ලොව උත්තරීතම පදවි දෙක වන මව් පදවිය හා පිය පදවිය තව නොබෝ දිනකින් ඔබ දෙපළට උරුම වනු ඇත.
ලොව බිහිවූ සෑම ශේෂ්ඨ මිනිසෙකුම ඔබගේ සහකරු වැනි පියෙකුට දාව, ඔබවන් මවකගේ මව් කුසින් මෙලොවට බිහි වී දැවැන්ත මිනිස්සු බවට පත් වූහ. එවන් මහා මිනිසුන් බිහි කළ මෑණිවරුන් හා පියවරුන් සියල්ලන්ගේම ගෞරව ආදරයට පත්වූවා පමණක් නොව වන්දනාමානයට පවා ලක් විය.

1 2 3
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping