Fiction & Literature

Fiction & Literature

(Showing 1411 – 1440 products of 1714 products)

Show:

ඩැනී ඔයා මැරෙන්නේ නෑ

Highlights:

” එහෙනම් ගුඩ් නයිට් ජෝර්ජ් ” කිව්ව ඩැනි තමාගේ මුහුණ විශාල හාවා දෙසට දිගු කළා. හෙමිහිට ඩැනිගේ මුහුණ සිපගන්නා අයුරු දුටූ අප කිසිවෙකුට එය විශ්වාස කළ නොහැකි වුණා. “අන්න එයා ඩැනි ව කිස් කළා අම්මා ” ‘ඒක එහෙම වෙන්නේ කොහොමද? ” ” ඒක එහෙම වෙන්නෙ කොහොමද? ” පෝලා පුදුමයෙන් ඇසුවා.

නාග මෙහෙයුම

Highlights:

ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලධාරීන් අනුගමනය කරන අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියා කරන අකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.

Out Of Stock

මරණයේ සෙවණැල්ල

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික විසිතුන් හැවිරීදී ජැකී, ඊජිප්තුවේ සංචාරයකදී හමුවන ඊජිප්තු ජාතික ඔමාර් සමග පෙමෙන් බැදෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි. සතියක කෙටි ඇසුරකින් පසු ඇය , ඔහු හා විවාහ වන්නිය. දෙමවුපියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී , තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමග සිය ජීවිතයේ මහා ඛේදවාචකයකට මුලපුරන්නිය. ඔමාර්ට දාව දියණියන් දෙදෙනකුගේ මවක් වන ඇය . ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්විත අතවරවලට හා අපමණ කෲරකම්වලට ද මුහුණ දෙයි. අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යලි එංගලන්තයට පලා යාමයි.

බිඳුණු සඳ

Highlights:

ඒ සීතල අඳුරු රාත්‍රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. ම්ඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. “අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න.ඒත් හැම දෙනාටම පුළුවන් කම නෑ ඇහුනද දරුවෝ”?

Out Of Stock

මගේ පවුලයි අනික් සත්තුයි

Highlights:

ජෙරී නිවස තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්’ විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය “සුරතලුන්” ය මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය. තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා.

මට පුළුවන්

Highlights:

කුඩා කල පෝලියෝ රෝගයට ගොදුරු වී දෙපා අප්‍රාණිකව කිහිලිකරුවලින් ඇවිද යන්නට සිදු වු නමුදු කුඩා ඇලන් මාෂල්ගේ ලෝකය සුන්දරය. ඔහු අනෙක් ළමයි මෙන් කෙළි සෙල්ලම් කරයි. කඳු නගින්නට යයි. පිහිනයි. එපමණක් නොව අශ්වයන් පිටේ යන්නටද ඉගෙන ගනී.

අභිසාරිකා

Highlights:

ඇගේ හොදම මිතුරිය විසින් ඇයව රවටා විකුණා දමන ලදී. යුක්රේනයේදී දාමරිකයින් විසින් රවටා විකුණනු ලැබූ ඇය අන්තිමේදී නතර වූයේ ලන්ඩනයේ ගණිකා නිවාසයකය. දාමරික තැරැව්කරුවන් විසින්, වධ දෙමින් ඇයව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන, දිනකට සළෙලුන් පහලොවක් පමණ පිනවන්නට සිදුවන, හරිහැටි කෑමක් බීමක්වත් නොලැබෙන බිහිසුණු ඉරණම විසින් ඇයව මානසික රෝගියෙකු කරනු ඇතිද? ගණිකා නිවාසයක සිරවුණු සිරකාරියකගේ සිට, ගත් කතුවරියක දක්වා ඇය එන ගමන ගැන අනුවේදනීය කතාවයි.

Out Of Stock

මැකීගිය දඩමං

Highlights:

මැකීගිය දඩමං

බුරුම සමය

Highlights:

Burmese Days තුලින් ඕවල්ගේ විචාරයට හසුවන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ආසියාතික රටවල පාලනයයි. ඕවල්ගේ දේශපාලන විවේචන කොමියුනිස්ට් විරෝධී පමණක් නොව සියලු ආකාරයේ එකාධිපතීත්වයන්ට එරෙහි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියකින් සිදුකෙරෙන විවේචන බව පෙනීයන්නේ මෙම නවකතාව තුලිනි. ඔහු 1922-1927 කාලය තුල බ්‍රිතාන්‍ය රාජකීය පොලිසියේ නිලධාරියෙකු ලෙස බුරුමයේ සේවය කළ කාලයේ ලද අත්දැකීම් මෙම නවකතාවට පාදක වී ඇත.

බිඳුණු බිලින්දා

Highlights:

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.

එන්න මා සොඳුරිය

Highlights:

ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසි වලට අනුව ඉන්දියාව වෙනස් කීරීමේ පරමාර්ථයෙනි.

කෙළිමඩලේ දියණිය

Highlights:

ෂාගේ ඉරානයේ බටහිරකරණය ලක්වු ධනවත් ප්‍රභූ පවුලක උපන් සුසන් අසාඩ් හැදී වැඩුණේ සුබෝපභෝගී ලෙසය. අසන්න වෙමින් තිබු විප්ලවයේ තර්ජනය නොසලකා හරිම ඇගේ වරප්‍රසාද ලත් සමාජයට පහසු විය. ෂා පාලනය බිඳවැටුණු අතර බිහිවු අයටොල්ලා රුහොල්ලා ක්හොමෙයිනිගේ පාලනය යටතේ සුසන් සහ ඇගේ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ ටැග්හවුට්-යක්ෂයාගේ අනුගාමිකයන් ලෙසය.ඔවුන් දඩයම්කර ඔවුන්ගේ ළමයින් මනස ශෝධනයකට ලක්කර දේපොළ රාජසන්තක කෙරිනි.

Out Of Stock

උණු හිම

Highlights:

දෙවැනි ලෝක සංග්‍රාමයේදී හිට්ලර් සෝවියට් දේශයේ විශාල පෙදෙසක් අල්ලාගෙන උදම් වෙද්දී ඔහුට සෝවියට් දේශප්‍රේමීන්ගෙන් ප්‍රථම මාරාන්තික ප්‍රහාරය එල්ල වුයේ ස්ටාලින්ග්‍රාඩ් සටනෙනි.

ලේ කුඩැල්ලෝ

Highlights:

“ඒ සතා මෙහේ නැහැ. අපි ඔහුගේ හිත සතුටු වෙන විදිහේ සත්තු ගොඩාක් දැනටමත් අල්ලාගෙන තියෙනවානේ. ඒ නිසා අපි මේ කියන සතාව අමතක කරමු. මිනිහට ඒ ගැන මතක් වෙන්නේ නැතිවෙයි.”

Out Of Stock

ඇගේ කතාව

Highlights:

තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වු පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය.දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත.

ක්ලෝවර් මූන්

Highlights:

මගේ අම්මා ක්ලෝවර් නම තෝරා ගත්තේ මට වාසනාවන්ත නමක් දීමට තිබූ උවමනාව නිසා බව මා සිතනවා. මූන් කියන්නේ මගේ පියාගේ නමයි. එය උරුම වීම ගැන මා බොහෝ සතුටු වෙනවා.මොකද මූන් කියන්නේ සඳයි. සඳ බොහොම ලස්සනයි. මා මගේ නංගී මෙග් එක්ක රාත්‍රියේදී සඳ දිහා බලමින් කල්පනා කරන්නේ සඳේ ඇත්තටම මිනිසෙක් ඉන්නවද කියලයි. ඒක එහෙම නොවුනත් අපි එහෙම හිතාගෙන ඔහුට සුභ රාත්‍රියක් පතනවා.

කාන්තාරයේ කුසුම

Highlights:

එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනේකවිධ දුක් කම්කටළු, හිරිහැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහැනියකගේ අනුවේදනීය සත්‍ය කතාව.

සදාදර රෝසි 2

Highlights:

ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මග හරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි.

තිත්ත කොපි

Highlights:

වසර ගණනාවක් එකිනෙකා නුදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසි ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවෙතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම ඥාති සොහොයුරාගේ හිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබදව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොමි පොළඔවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමු වී විවාපත් වන ටොමි ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි.

Out Of Stock

නොපෙනෙන ළන්දූ

Highlights:

නොපෙනෙන ළන්දූ

Out Of Stock

නිමක් නැති ගමනක්

Highlights:

දරුණු ශිත සෘතුවේ දිගු ගමනකින් පසු සයිබීරියාවේ ශ්‍රම කඳවුර වෙත ළගා වෙන ඔහු එහි ජීවත්වීම යනු නිශ්චිත මරණය බව වටහාගෙන තවත් කණ්ඩායමක් සමග පැනගන්නේ අතරමගදී සිදුවිය හැකි මරණය භාරගැනීමට සූදානම්වය.

Out Of Stock

හිංචි පිංචි මහ පතුලා

Highlights:

මැක්සිමස් යේරි ගෝත්‍රිකයන්ගේ නායකයා ය. යේරිවරුන් යනු මානවයින් විසින් ‘මහ පතුලෝ’ යනුවෙන් හඳුන්වන ගෝත්‍රික සමූහයකි. මිලී යනු මැක්සිමස්ගේ එකම දියණියය. ඒ නිසා ඔහුගේ අවෑමෙන් ගෝත්‍රයේ නායිකාව බවට පත්වීමට සිටින්නේ ඇය ය. Jennifer Weiner විසින් රචිත The Littlest Big Foot ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.

හිතුවක්කාරි

Highlights:

ට්‍රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රොබින් වගේ නම්, ඈ සටන් කර දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව අවබෝධ වුණා. ඇගේ ඇස් දෙක…. ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුණා. ඇගේ ඇසිපිය සැලීමෙන් මට කරපු දේ හිත ගන්න බැරි වෙයි.

Out Of Stock

රාජකීය කාන්තාරය

Highlights:

අධි සුඛෝපභෝගී ජීවන රටාවකට හුරු වී සිටි අල් සා වුඩ් රජ පවුලේ සාමාජිකයෝ සහභාගි වු කාන්තාර සංචාරයේ දී තම එඬෙර ගෝත්‍රික මුලාරම්භයන් ගැන අවබෝධයක් ලබති. සියලු මුස්ලිම් රටවල ගැහැනුන්ගේඅයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇයට අවශ්‍ය ශක්තිය ලැබීමට එහි දී ලබන අත්දැකීම් හා අවබෝධය හේතු වී ඇත.

ක්‍රිස්ටි 2

Highlights:

ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඈති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවිරණය කරමින් ලියැවුණු ක්‍රිස්ටි, ආලෝකයක් තුළින් ජීවිතය දකින්නට සැලැස්විය.

Out Of Stock

කොරියැන්ඩර්

Highlights:

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප‍්‍රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.

උමතු මන්දිරය

Highlights:

‘ඇතුල්වීම තහනම්’ එහෙම දැන්වීමක් අලවල ත්බුණේ අගුළු දාලා තිබ්බ දොරක…. ඒ දොරෙන් එහා පැත්තෙ තීයෙන්නෙ පරණ කාර්යාලයක්….. ගිම්හාන ඉස්කෝලෙට ආපු ඩෑන්, ආබී, ජෝර්ඩාන් හොඳ යාලුවෝ.ඒ යාලුවොතුන්දෙනා එක රෑක ඒ දොරෙන් ඇතුල් වෙන්නෙ ‘ඇතුල් වීම තහනම්’ කියන්නෙ ඇයි කියලා දැනගන්න. ඒ තහනම් අඩවියෙන් ඒ ගොල්ලන්ට හම්බවෙන්නෙ…..ලෝකෙට වසන් කරපු බිහිසුණු රහස් ගොඩක්….

Out Of Stock

දෙවියන්ගේ අඩවිය

Highlights:

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.

Out Of Stock

මම හොරෙක් නෙමෙයි

Highlights:

මට පේනවා තමුන් මගේ තුවක්කුව දිහා බලනවා. ඒක ගණන් ගන්න එපා. මම තමුන්ට වෙඩි තියන්නේ නැහැ තුවක්කුවේ මීට අල්ලන ගමන් මිස්ටර් සර් කිව්වා. ‘මේක තියෙන්නේ කහපාට ලප තියෙන කටුස්සන්ට වෙඩි තියන්න. තමුන් වෙනුවෙන් උණ්ඩයක් නාස්ති කරන්න මට වුවමනාවක් නැහැ.”

සදාදර රෝසි 1

Highlights:

කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වු රෝසි සහ ඇලෙක්ස් ය .සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරීදි ඇලෙක්ස් ය. අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටව්, රෝසිගෙන් වෙන් වී ඇමරිකාවේ 0බොස්ටන්වලට යන්නටසිදු වෙයි.

1 2 46 47 48 49 50 57 58
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping