බේරෙ ගෙදර සිට
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ මාධ්‍යවේදිනියක සහ සාහිත්‍යකාරියක වූ අනුල ද සිල්වා ලේක් හවුස් ආයතනයේ සේවය කළ සමයේ සිය පුවත්කලා ජීවිතය තුළ ලද විවිධ සුන්දර, සංවේදී අත්දැකීම්වල එකතුවක් ලෙස මේ කෘතිය හඳුන්වා දිය හැකි ය.
මකරන්ද දඩයම
කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.
මලබාර් නෑයෝ
නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .
මන්දාරම් උයන
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.
වීනස්ගේ උපත
යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.
ස්වප්න
දේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.
පුලිඟු
මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…
මා
ජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.
ගුම්
ඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.
නව පනතක් සම්මතායි සහ තවත් කතා
මහින්ද රත්නායක සිය නවකතා, කෙටිකථා නිර්මාණයන්ගෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ ජාතික සහිතය සම්මානය,යෞවන සම්මාන ගණනාවක් දින ඇත. 2015 වසර අග බාගයේදී දෙවෝපගත ලෙස මාරාන්තික රිය අනතුරකට මුහුණ දුන්නේය, ඔහු තවමත් දෙනෙත් අඩු පෙනීම ඇතළු නොයෙකුත් අපහසුතා මදයෙයේ ලිවිම අත නොහැර සිටි. මේ ඔහුගේ එම අනතුරින් පසු ඒ
යුරි ගගාරින් : තරු මගට පිවිසුනේමි
1961 අප්‍රියේල් 12 දින ඔහු ඉතිහාසය පිටු අතරට සිය නම එක් කලේ සෝවියට් දේශයේ කීර්තිමත් පුරවැසියකු ලෙස ලොව නියෝජනය කල ඔහු මියෙනතුරුම කොමියුනිස්ට්වාදියකු ලෙස මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කැප වුවේය’ ප්‍රථම අභ්‍යවකාශ චාරිකාවක් සමග ලොව පුරා ඇගැයුමට හා උපහාරයට ලක් වූ ඔහු සිය දේශය තුල ඉහලම සම්මානයෙන් එනම් ‘සෝවියට් සංගමයේ විරය’ සම්මානයෙන් පිද්ම් ලැබිය.
අනන්තන්මය නිමේෂයක
නයායිකය සහ තර්කික්යෙහි අත්‍යවශ්‍ය දෘඪගුණය සහිත ඝන ගද්‍යය යට සැගවී සිටි සුමිත් චමින්ද නමැති කවියාගේ රුපකත්මකය සහ හසයත්මකය පදය විසින් මතුවන දැක සතුටු වූ අය අතර මමද වීමි’ඒ අලුත් ප්‍රකාශනය පදයමය රචනය ඉක්මවා කවයත්මකය බවට පත්වන අසිරියද ඒ අසිරියෙහි එළියෙහි දේශපාලනිකය වෙතද අලුත් එළියක් සපයන සැටිද මේ කවි මාලාවෙන් පෙනේ’
අසිරි සිරිනි 3
අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’