Fiction & Literature

Fiction & Literature

(Showing 391 – 420 products of 1729 products)

Show:
Out Of Stock

Things Fall Apart (Penguin Modern Classics)

Highlights:

THINGS FALL APART tells two overlapping, intertwining stories, both of which center around Okonkwo, a “strong man” of an Ibo village in Nigeria. The first of these stories traces Okonkwo’s fall from grace with the tribal world in which he lives, and in its classical purity of line and economical beauty it provides us with a powerful fable about the immemorial conflict between the individual and society. The second story, which is as modern as the first is ancient, and which elevates the book to a tragic plane, concerns the clash of cultures and the destruction of Okonkwo’s world through the arrival of aggressive, proselytizing European missionaries. These twin dramas are perfectly harmonized, and they are modulated by an awareness capable of encompassing at once the life of nature, human history, and the mysterious compulsions of the soul. THINGS FALL APART is the most illuminating and permanent monument we have to the modern African experience as seen from within.

Out Of Stock

මේකි නං මහ

Highlights:

ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රැම්සීස් 5 (බටහිර ඇකේෂියා සෙවනේ)

Highlights:

“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”

-සේටෝ

“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”

-ආශා

“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”

-මෝසස්

“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”

-සෙරමන්තා

“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”

-ආමෙහි

රැම්සීස් 4 ( අබු සිම්බල්හි ආර්යාව )

Highlights:

අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.

පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.

සේටිගෙන් පසු ඔහුගේ රාජ්යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?

විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?

ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….

මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…

මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?

රැම්සීස් 3 (කාඩේෂ් සටන)

Highlights:

“…. එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැගී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස්ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.
” මා ඔබේ පියාණන්, ආමන්. ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි, පුතණුවනි.”
එක්වරම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදෙකලාව, අවුලට පත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහර දීම සඳහා අත්පහුරු විහිදා ගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස ඊයක් විදින්නට පටන් ගති…..”

රාග ගිනි

Highlights:

සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය.     එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳූම්න්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය.         “එයා මාව දූෂණය කළා.!”   මගේ හොඳම මිතුරිය කියන්නීය. “මං එහෙම කළේ නෑ.!”මගේ සැමිය කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමිය, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍ර දූෂකයෙකුද.? නැතිනම් මගේ හොඳම මිතුරිය බොරුකාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.?

රෙබෙකා

Highlights:

මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි. තම පුරුෂයාගේ හිටපු බිරිය පිළිබඳව මනසෙහි ඇදගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාවෙන් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැගැණිය පිළිබඳව කතා කිරීමට කිසි විට දිරිමත් නොවේ.    කාලයත් සමග ඈ තුළ තිබු පසුගාමි ස්වභාවයෙන් මිදෙන ඈ මැන්ඩර්ලියේ හිමිකරුගේ බිරිය ලෙස සැබවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා විටම අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්තාව අහිමි ව යයි.

රැම්සීස් 2 ( සදාතනික දෙවොල )

Highlights:

“ආලෝකයේ පුත්‍රයා”

 

පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.

 

සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?

 

මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?

 

බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට ?

මූ නං මහ…

Highlights:

සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.

Out Of Stock

චීන අධිරාජ්‍ය‍ය (අතීතයට යමු- පොත් අංක 3)

Highlights:

ඉතිහාසය ඉගෙන ගන්න ෆ්‍රිසිල්  ටීචර් එක්ක අපි අතීතයට යමු! ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඉක්මනින් ම ආපහු එමු!

මේ බදාදනං බෑ

Highlights:

ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.

කිචෙර ගිරි හිස බිඳූණු සෙවණැලි

Highlights:

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්,ඒ කිසිවක් සිදු නොවු විලසින් අපරදිග යුක්‍රේනයේ සොදුරු කර්පාතියානු ගිරි වළලුද, එහි පා අබියස වැතිරුණ නිමින බිමිද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳූල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිටිලි හරිතවත් ගිරි ශිඛර, චෙරමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිමි හරහා කොත්සුන්ස්කිය්‍ සිය පන්හිදෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිමිකඩට දැඩි සේ ඔවුන්ට ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුවරුන්ගේ ගොවි-එඩේර දිවි පෙවෙත, සාමිප්‍රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගමි බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප්‍රබන්ධයට සංකලනය කරමින් ඔහු පාඨකයා ප්‍රහර්ෂයට පත් කරන්නේ ඉන්ද්‍රජාලිකයෙකු විලසිනි.

අරාජිකයෙක්-ඇවිත්

Highlights:

අතීතය අනාගතය සමග කිසිදු දිනක එක් නොවන්නේය යන්න සැබැවක් නම්,අනාගතයද අතීතය හා එක් නොවන්නේය. අතීතය ඇසුරින් අනාගතය ගොඩනගාගත හැකි වතාවක් මෙන්ම අතීතයේ වු වැරදි අනාගතයේ නොමග යෑමටද බලපාන්නේය. එහෙත් එක් සත්‍ය‍යක් අනාගතයටත්, වර්තමානයටත් පොදු වන්නේය. එනම් නිරන්තර පීඩිතයන් සහ පීඩකයන් සමාජගත වීමයි. පීඩකයින් පීඩතයීන් වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව ආරක්ෂා කරයි.

සිරිමල්ගේ වික්‍රම

Highlights:

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට  නව පණක් දුන් ලේඛකයා කුලසේන  ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය.  පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ  සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.

අම්මා සහ මිහිකත

Highlights:

රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවි ලියකගේ, බිරිදකගේ සහ මවකගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.

ඇතුළුවිම තහනම් NO ENTRY

Highlights:

පිට පිට ම නිකුත් වු වෙඩි ප්‍රහාර දෙකකි ! සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කරගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංඟාවක් මධ්‍ය‍යේ මිහිමත වැටී සදාකාලික නින්දකට පිවිසී සිටියේය …. මේක තමයි යුක්තිය. මේක තමයි සාධාරණය ! මේක තමයි පරම සත්‍ය‍ය !

Out Of Stock

මරණ වරෙන්තුව THE DEATH WARRANT

Highlights:

රහස් සංකේත ක්‍රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස හඹා යන රහස් පරික්ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරූ දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක්‍රියාත්මක කරන්වුන් සතු බුදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද?

Out Of Stock

ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම Murder At The Anderson Road

Highlights:

දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද? දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු වන්නේ ද? දේශපාලනය නැමති පොතේ පාතාලය නම් පරිච්ජේදයට හිමිවන්නේ කුමන ස්ථානයක් ද? වඩාත් භයානක පාතලයේ යමපල්ලන් ද නොඑසේ නම් දේශපාලනඥයින් ද?

The Seven Moons of Maali Almeida

Highlights:

During the height of the Sri Lankan civil war, Maali Almeida, war photographer, gambler and closet gay, has woken up dead in what seems to be a celestial visa office. His dismembered body is sinking in the Beira Lake in central Colombo and he has no idea who killed him.

At a time when scores are settled by death squads, suicide bombers and hired goons, the list of suspects is depressingly long.

But even in the afterlife, time is running out for Maali. He has ‘seven moons’ to find out who killed him and to try and contact the man and woman he loves most in order to lead them to a hidden cache of photos that will rock Sri Lanka.

BLACK MONEY කළු සල්ලි

Highlights:

කළු සල්ලි “අනේ මට යන්න දේන්න… මේ කොහේද අපි ඉන්නේ.? ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත්‍ ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇදි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.

Out Of Stock

CURSE OF MANAMPITIYA මනම්පිටියේ භීෂණය

Highlights:

අභිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් !  එය ගන  මුකලානක් මැදින් වැටී තිබු ගුරු පරකි. දෙපස පිහිටි දැවැන්ත තුරු ලතාවන්ගෙන්ගේ ආවරණය හේතුවෙන් දිවා කල වුවද එහි පැවතියේ මඳ අදුරු වනාන්තරය තුළ සැඟව ඇති අබිරහස කුමක්ද?

ඇසින් දුටු සාක්කිකරුවා

Highlights:

එකක් පසුපස එකක් ලෙසින් පාතාල ලෝකය තුල ඇරඹෙන ඝාතන රැල්ලක් !

පාතාල ලෝකයේ “ගෝඩ් ෆාදර්” ට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කරන අතිශය බිහිසුණු මිනිසෙක් !

සියලු බාධක හමුවේ ඝාතකයන් පසුපස හඹා යන අබිත නිලධාරියෙක් !

වරදට දඬුවම

Highlights:

මරණයට පත්වුණු නිරාෂා බෲක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෑප සුන්දරියක්.මීට අවුරුදු හතරකට කලින් ‘මිස් ශ්‍රි ලංකා’ රෑ රැජින තරගයට සහභාගි වෙලා තෙවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා.මට දැන ගන්න ලැබුණා නිරාෂාගේ සීයා ඉංග්‍රිසි ජාතිකයෙක් බව…..

මිනීමරුවකුගේ ශෝකාලාපය

Highlights:

පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඇතැම්හු රැපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති.එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්‍තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබදූ වේදැයි අප වටහාගන්නේ කෙසේද ? එවන් චෛතසික ස්වභාවයක් සාධරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතිද?

Out Of Stock

සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය

Highlights:

මහාචාර්යතුමකු ගේ පැරණි නිවසක ඇඳුම් අල්මාරියක්  විවෘත කරන ලුසී පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි.එය වනාහී සදාතන සීත සෘතුවක් රජකරන හිමෙන් වැසී ගිය දේශයකි.

බලගතු මායාකාරියක ගේ අණසකට යටපත් වූ දේශයකි. සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මජනක සත්ත්වයන් ජීවත් වන මායාවෙන් හා ඉන්ද්‍රජාල වලින් පිරුණු දේශයකි.

එය හඳුන්වනු ලබන්නේ නානියාව යනුවෙනි

එහි වසන සැමගේ ම බලාපොරොත්තු ඇස්ලන් නැමැති සිංහ රාජ‍යා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා සදාතන සීත සෘතුවෙන් තම දේශීය ගලවා ගනු ලනු දැකීමය. එහෙත් ඒ සිදුවීමට මෙලොවින් ළමයින් සිව්දෙනෙකු නානියාව ට පැය තැබිය යුතුමය.

ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතීන් අතරින් ඉදිරියෙන්ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සිංහයා මායාකාරිය සහ ඇදුම් අල්මාරි ලොව කවර  කොතැනක ජීවත් වුවද කවර බසක් කතා කළ ද ළමයින් හැමටම කියවා රස විඳිය හැකි නිර්මාණයකි.

බැළ මෙහෙවර

Highlights:

විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.

රු1,137.50 13% OFF

රැජින

Highlights:

මේ වූකලී,

නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.

එසේම,

ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,

මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

Out Of Stock

Great Stories in Easy English – Tales From The Arabian Nights

Highlights:

This is a compilation of several stories of Arabic Nights, a well-known work in world literature. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

රු176.25 25% OFF

Great Stories in Easy English – Kidnapped

Highlights:

Written by Scottish writer Robert Louis Stevenson, it can be described as a novel built around several real events that took place in Scotland in the 18th century. Most of the people shown here were real people at the time. This book helps to better understand the social and political environment of this period. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

රු176.25 25% OFF
1 2 12 13 14 15 16 57 58
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping