Buddhism

Buddhism

(Showing 121 – 150 products of 196 products)

Show:

තිසරණ වන්දනා ගාථා

Highlights:

බුද්ධ වන්දනාවේ දී එය මානසික සහ චාරිත්‍රානුකූල වශයෙන් පරිපූර්ණ වන්නේ අවශ්‍ය වන වතාවත් නිවැරදිව අනුගමනය කිරීමෙනි. බෞද්ධයන්ට වුව ද ඇතැම් විට බුද්ධ වන්දනාවකට අදාළ ගාථා පිළිබඳ අවබෝධයක් නොමැත. ඇතැම් විට ඒවා පිළිවෙලක් නොමැත. ‘තිසරණ වන්දනා ගාථා’ කෘතිය ඒ සඳහා ඔබට මග පෙන්වයි. තැන තැන රැගෙන යා හැකි පහසු ප්‍රමාණයකින් ද මුද්‍රණය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d35c0cb02ba911ea806cb3c69780e55b” ]

The Revered Book of Five Hundred & Fifty Jathaka Stories Vol. 1

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්රීසි පරිවර්තනයෙහි පළමු වෙළුම මෙය වේ. මෙහි 1 – 200 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/033bd570c26911e9a5f0bb4c9c5f13c0″ ]

රු1,125.00 25% OFF

ආනාපානසති භාවනා විධි

Highlights:

දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංසවලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ, ඒකාග්‍රතාවයි. ඒ නිසා දාන සීලා දී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි.

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

Highlights:

බුදුරදුන්ගේ අනන්ත ගුණ කන්දරාවත් හෙළ සාහිත්‍යයේ අපරිමිත රස කන්දරාවත් එකසේ දරාගත් සම්භාවනීය ග්‍රන්ථ රත්නය මෙසේ සැදැහැත් දෝතට පිදෙයි. සිතුවම් සහිතව තනි කාණ්ඩයක් ලෙස අගනා මංජුසාවක් සමගින් ප්‍රකාශයට පත්ව ඇති මෙය අති විශිෂ්ට නිමාවෙන් යුතු ය.

Out Of Stock

වෙස්සන්තර කතාව

Highlights:

වෙස්සන්තර කතාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මේ කතා පුවත ජනයා අතර ප්‍රකට ය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මේ කතා නිර්දේශිත ය. එයට සරිලන ලෙස මෙය සම්පාදිත ය.

Out Of Stock

ලෝවැඩ සඟරාව

Highlights:

වීදාගම මෛත්‍රය හිමිපාණන් විසින් රචිත මෙහි ත්‍රිපිටකයෙහි ඇතුළත් වැදගත් ධර්ම කරුණු රැසක් කවිවලින් දක්වා තිබේ. එබැවින් මේ කෘතිය ප්‍රගුණ කිරීමෙන් ත්‍රිපිටකය පිළිබඳව ද යම්තාක් දැනුමක් ලබා ගත හැකි වේ. කවි 140 කින් යුක්ත මෙහි 140 වැනි කවියෙන් මෙය වීදාගම මෛත්‍රය නාහිමිපාණන් විසින් සම්පාදනය කොට ඇති බව කියවේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9dabfb302d5311ea8b02c16c30e8d243″ ]

ලෝකෝපකාරය

Highlights:

උපදේශාත්මක කාව්‍ය්‍යට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි ව තිබේ. සංස්කෘත සාහිත්‍යයෙහි පංචතන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය , නීති ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යයාවලියක් තිබේ. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැනක් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍යයන් අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරයයි.

මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනා

Highlights:

සතිය යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවිම සතිපට්ඨානයයි. සියලු දුක්ඛ දෝමනස්සයන් නසා නුවණ වැඩීමට මෙය ඉවහල් වෙයි. එබැවින් සතිපට්ඨානය වැඩීම සෑම බෞද්ධයකු විසින්ම මනාව වටහාගත යුතු ය. මෙම කෘතිය එයට මහඟු අත්වැලක් සපයයි.

Out Of Stock

මහ පිරිත් පොත (ඝන බැම්ම)

Highlights:

ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.

මහ පිරිත් පොත

Highlights:

ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.

බෞද්ධ නිවස

Highlights:

තමා තෙරුවන් සරණ ගිය හොඳ බෞද්ධයකු යැයි ප්‍රකාශ කිරීමෙන් පමණක් නියම බෞද්ධයකු වන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ දහමත් චරිතයත් අප මැනවින් දත යුතුය. නිවසක් බෞද්ධ නිවසක් වන්නේ එවිට ය. මේ කෘතිය සියලු බෞද්ධයන්ට ඒ සඳහා අත්වැල සපයයි.

බුද්ධ ගද්‍ය සහ සකස්කඩය

Highlights:

පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්ධ ගද්‍යය මහඟු බුද්ධස්තොත්‍රයකි. මෙය පද්‍යයක් බැවින් මෙයට විය යුතු නම ‘බුද්ධ පද්‍යය’ යනුයි. එහෙත් කලෙක සිටම ‘බුද්ධ ගද්‍යය’ යැයි ව්‍යාවහාර වී තිබේ. මෙය අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b5b5aa50c3d911e9b13b3fe5048b67e6″ ]

බුද්ධ ඇදහිල්ල

Highlights:

සූත්‍ර, ව්නය, අභිධර්මය යන දැන ඉගෙනගැනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග්‍රන්ථය පරිශීලනය කළ හැකි ය.

රු427.50 25% OFF

බුදුහාමුදුරුවෝ

Highlights:

බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කර දෙයි.

බුදුගුණ අලංකාරය

Highlights:

දහම්ගැට මාලාව, හංස සංදේශය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි විවිධ ප්‍රස්තුත රැගත් පද්‍ය කෘති රචනා කළ වීදාගම මහානේත්‍රප්‍රාසාදමූළ මෛත්‍රෙය මාහිමිපාණන් විසින් ලින ලද තවත් කෘතියක් ලෙස ‘බුදුගුණ අලංකාරය‘ දකින්නට පුළුවන. බුදු රජාණන් වහන්සේ ගුණ කදම්භයේ සෞන්දර්යාත්මක භාවය යන අර්ථයෙන් මේ කෘතිය නම් වී තිබේ. එබැවින් කතුවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ බුද්ධ ගුණය වර්ණනා කිරීම බව පැහැදිලගි ය.

පූජාවලිය

Highlights:

බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය, පූජාවලියට මාතෘකා වී ඇත. හුදෙක් මෙය බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් පමණක් නොවේ. ලක්දිව ශාසන ඉතිහාසය මෙන්ම ඓතිහාසිත, දේශපාලනික, ආර්ථික හා සමාජයීය තතු මේ කෘතියෙන් හෙළි කෙරේ.

පංච මහා වාදය

Highlights:

විදේශීය ආධිපත්‍යය නිසා මෙරට බෞද්ධාගමට ලැබුණේ නොවැදගත් තැනකි. රාජ්‍ය අනුග්‍රහය ක්‍රිස්තියානි ආගමට ලැබුණු බැවින් බෞද්ධ ජනතාව ක්‍රිස්තියානි ආගම වැළඳගත් හ. මීට එරෙහි විවාදාත්මක සටන මෙහි විස්තර වේ.

ධම්මපද විවරණය

Highlights:

බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලු ධර්මය, ධම්මපදයේ කැටිකොට ඇත. එහ හැම වගන්තියකින්ම මිනිසාගේ මෙලොව පරලොව සුගතියට ඉවහල් වන කරුණු ඉගැන්වෙයි.

Out Of Stock

සිංහල ධම්ම පදය

Highlights:

බුදුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අතිශයින් ශ්‍රේෂ්ඨ කෘතිය කි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමට ඉවහල් වන මගපෙන්වීම කි. තවත් අතෙකින් භික්ෂුන් වහන්සේලා ට දම් දෙසුම් උදෙසා තේමා තෝරා ගත හැකි සදහම් ආකරය කි. ධම්මපදයේ හරය විශ්වයටම පොදු ය. අකාලික ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/84139d30c4bd11e9b184cf6b40d3a12b” ]

Out Of Stock

දවස

Highlights:

වර්තමාන ලෝකය විවිධය, විෂමය. එනේම කාර්ය බහුල ය. එවන් සමාජ පසුබිමක ජීවත්වන මිනිසාගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ තම ජීවිතය වඩාත් සාර්ඛත කරගැනීමයි. ඒ සාර්ථකත්වය සඳහා මහගු උපදෙස් මෙහි සංගෘහිතයි.

ගුත්තිල කාව්‍යය

Highlights:

ජාතක කතා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ යුගයේ දී ලියැ වී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යය වේ. එම සමයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. උසස් විභාග සඳහා නිර්දිෂ්ට කෘතිය කි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/18c011f0c3ee11e9b0a4ffdb41d78a18″ ]

උම්මග්ග ජාතකය

Highlights:

පන්සියපනස් ජාතක කතා අතර උම්මග්ග ජාතකය යනු දීර්ඝතම ජාතකයයි. දස පාරමිතාවලින් එකක් වන ප්‍රඥා පාරමිතාව මැනවින් විදහා දක්වන මෙහි ඇත්තේ මහෞෂධ පණ්ඩිතයන් සිය නුවණ මෙහෙයවා කටයුතු කරන ආකාරයයි.

ගණ දෙවි හෑල්ල සහ වදන් කවි පොත

Highlights:

ගණදෙවි හෑල්ල වදන් කවි පොත පැරණි සම්භාව්‍ය කෘති දෙකකි. ‍පැදියෙන් සම්පාදිත මෙම අගනා නිර්මාණයන් හි කතුවරු අවිනිශ්චිතය. අධ්‍යාපනයට හා සබැඳි අවස්ථාවන්හිදී නුවණට අධිපති ගණ දෙවියන්ගේ ආශිර්වාදය ගණ දෙවි හෑල්ල ගායනයෙන් බලාපොරොත්තු වේ.

බුද බව පතා

Highlights:

බුදු බව පතා සිද්ධාර්ථ තවුසාණෝ පුරා සයවසක් විඳි දුෂ්කර ක්‍රියාව, සංවේදී රිද්මයකින් සහ සරල බස් වහරකින් මේ කෘතිය තුළ ලියැවී ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/504548a010d511eaa3715baea9817a27″ ]

අපේ බුදුහාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/05824490a48e11eaa5868f225496689e” ]

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b43c1cd0cdfe11e99eb2432c9c01ce3a” ]

Out Of Stock

කරණීය මෙත්ත සූත්‍රය (පාලි – සිංහල-ඉංග්‍රීසි)

Highlights:

කරණීය මෙත්ත සූත්‍රය පාලි – සිංහල – ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය. මෙහි සුවිශේෂත්වය වන්නේ ඉහල භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ශ්‍රවණ සංයුක්ත තැටියක් ද ඇතුළත් වීමය.

සතිපට්ඨාන භාවනා ක්‍රමය

Highlights:

“මේ පොතෙහි ඇත්තේ සතර සතිපට්ඨානයම එකවර භාවනා කිරීමේ ක්‍රමයය. මෙය අනිකුත් භාවනා මෙන් නොව සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ කෑම් – බීම්, මලමුත්‍ර පහ කිරීම්, මුව දෙවීම්, අත්- පා දෙවීම්, වතුර නෑම්, කථා කිරීම්, දීම්, ගැනීම්, හැදීම්, පෙරවීම්, ආදී සකල ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූද චකුෂුරාදි ඉන්දියයන්ට හමුවන අරමුණු හා සම්බන්ධය ඇත්තා වූද කල්පනා කිරීම් වැටහීම් සැප දුක් හා සම්බන්ධ වූද සන්තානයෙහි ඇතිවන කෙලෙස් සම්බන්ධ වූද ශ්‍රද්ධාදී ගුණ ධර්ම සම්බන්ධ වූද යහපත් වූත් අයපත් වූත් කල්පනා සම්බන්ධ භාවනාවකි. හොදින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියයන්ට මුණ ගැසෙන සියල්ල හා මේ භාවනාව සම්බන්ධ වේ. ”

Out Of Stock

උභය ප්‍රාතිමෝක්ෂය

Highlights:

“ ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහ සංඝ සභාවේ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැත්තේය. සෑම වර්ෂයකම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ නියමිත දිනයකදී එය සිදුවිය. සිරිත් පරිදි අදත් එය සිදු කෙරේ. එහිදී ශ්වේජින් නිකායේ මාහිමියන් ඇතුලු මධ්‍යම, නවක, සෑම භික්ෂුවක්ම ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දිය යුතුය. එසේම සාමණේරවරු සතර බණවර කටපාඩම් දිය යුතුය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping