Buddhism

Buddhism

(Showing 151 – 180 products of 196 products)

Show:
Out Of Stock

කෙලෙස් එක්දහස් පන්සියය

Highlights:

“ කෙලෙස් එක්දහස් පන්සියය යනු බොහෝ විට ධර්ම කථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත්වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයකි. එමෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්න වුන් දුලබ නිසා එයවචන මාත්‍රයක් වී ඇති බැවින් ( කෙලෙස් එක්දහස් පන්සියය ) ඒ ගැන පොතක් කිසිවෙකු විසින් හෝ ලියුවහොත් මැනවැ යන අදහස අප තුල බොහෝ කලක සිට පැවතිණ. කෙලෙස් ගිනි දල්වන, කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහි උනා මිස කෙලෙස් ගිණි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් බිහි නොවුනි. එබැවින් බෞද්ධ ග්‍රන්ථ මාලාවට අඩුවක්ව පවතින මේ කෙලෙස් එක්දහස් පන්සියය නැමැති ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදි.”

Out Of Stock

ධර්ම විනිශ්චය

Highlights:

“ බුදු දහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමැති, සැක උපද්දවා බුදු දහම ගැන බෞද්ධයන් කළකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන ප්‍රශ්න බොහෝ ඇත්තේය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති කිසියම් සුලු දෙයකින් හිස ඉදිමී ඇති ඇතැමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදි පින්කම් කරන හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහර දීම පිණිස අපදවන බොහෝ ප්‍රශ්න ඇත්තේය.  භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයන්ට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියා ඇති ග්‍රන්ථය කී.

Out Of Stock

බෞද්ධයාගේ අත්පොත

Highlights:

ආගම සම්බන්ධ කරුණුවල දි බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා කියා කරනු දුටූ අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත්පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහතදී ඇතිවිය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකි වීමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකි අවශ්‍යයෙන් දත යුතු නිතර දැන සිටින යුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේ ය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත් පොත යන නම තබන ලදී.

අභිධර්මතා සංග්‍රහය

Highlights:

අහිධමාර්ථ සංග්‍රහය අහිධර්මය උගන්නවුන් විසින් මුලින්ම ප්‍රගුණකළ කටපාඩම් කළ යුතු පොතක් වශයෙන් සෑම බෞද්ධ රටක්ම පිළිගන්නා පොතකි. එය අත්පොතකි. ලක්දිව අභිධර්ම පාඩම පොත් ලියැවී ඇත්තේද මේ අනුව යමිනි.

පොහොය දිනය

Highlights:

“ උපාසක උපාසිකාවන් සිල් සමාදන් වීමට පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භිකෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය ලබාදීම භික්ෂූන් වහන්සේගේ යුතුකමකි.සමහර විට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නොවීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පලකරනවා අසන්නටද ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාටද නොයෙක් කටයුතු ඇත්තේය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩ වල දවස මුලුල්ලේම ඔවුන්ගේ වැඩවල යෙදීමට භික්ෂූන් වහන්සේටද ඉඩක් නැත්තේය. එබැවින් මෙය දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ. පොහෝදිනය නැමැති ග්‍රන්ථයෙන් ඒ ප්‍රශ්නය බොහෝ දුරට විසදා ගත හැකිය.”

වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

Highlights:

“ වඤ්චක ධර්ම නැමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙන් දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වයයි. චිත්තය වනාහි අති විචිත්‍රවත් දෙයකි. එයට වඩා විචිත්‍රවත් දෙයක් තවත් ලොවෙහි නැත.”

විනය කර්ම පොත

Highlights:

“විනයකර්ම පිලිබද දත යුතු කරුණු විනය පිටකයෙහි එක් පරිච්චේදයකම සදහන් නොවන බැවින් විනය පොත කියවා විනයකර්ම පිලිබද දතයුතු සියල්ල දැනගැනීමට ලෙහෙසි නැත. විනය පොත් භාවිතය අඩු භික්ෂූන්ට විනය පොත්වලින් ඒ ඒ විනය කර්ම ගැන සදහන් වන තැන් පවා සොයා ගැනීම අපහසුය. එබැවින් විනයකර්ම ගැන පලපුරුදු කම් මද වූද, විනය පොත් භාවිතය මද වූද, භික්ෂූන්ට ඒ ඒ විනයකර්ම කරන සැටි පහසුවෙන් දත හැකිවනු පිණිස විනයකර්මයන් නිවැරදිලෙස කරගත හැකිවන පිණිස මෙම පොත සම්පාදනය කර ඇත.

Out Of Stock

විදර්ශනා භාවනා ක්‍රමය

Highlights:

කොතරම් වීරියකොට කොතෙක් දුක් ගෙන කලක් භාවනාවෙයි යෙදුනත් ක්‍රමානුකූලව  භාවනා නොකැරුනහොත් එයින් මොලොවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබේ.  ඉක්මනින් ඵල දැකීමටනම් භාවනා ක්‍රමය හොදින් දැනගෙන භාවනා කල යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාශය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරැණක් වී තිබෙන්නේ මාර්ග දේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාර වීමේ අදහසින් විදර්ශනා භාවනා කුමය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත

සූවිසි මහ ගුණය

Highlights:

අරහං සම්මාසම්බුද්ධො යනාදීන් දැක්වෙන ගුණ නවයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යනාදීන් දැක්වෙන ගුණ සයක්ද ධර්මරත්නයෙහි අරත්තේය.  සුපටිපන්නො භගවතෝ සාවක සංඝො යනාදීන් දැක්වෙන ගුණ නවයක් ඇත්තේය. සියල්ල එකතු කල කල්හි තෙරුවන් ගුණ සූවිස්සක් වේ. එයට සූවිසි මහා ගුණයයි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කෙරෙන මෙම ග්‍රන්ථයට සූවිසා මහා ගුණය යන නමම තබා ඇත.

Out Of Stock

ශාසනාවතරණය

Highlights:

“ සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත්, නැණවත් කුල පුත්‍රයනට ඒ සදහා පිලිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුන්‍ය ක්ෂේත්‍රයක් වශයෙන්ද මහා කාරැළණික වූ භාගවත්, අරහත් සම්ම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවනා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුල ප්‍රත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනෙකුන්  ඔවුන් විසින් පිරිය යුතු ශීලය පිලිබදව සෑහෙන දැනුමක් නැතිව, ඔවුන් විසින් පිරිය යුතු  ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව නොමනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්‍රන්ථයක් නැති පාඩුව දුටුවා වූද ශාසනෝදයකාමී මහ ස්ථවරයන් වහන්සේලා කිහිප නමක්  සාමණේර ප්‍රතිපදාව විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත.

Out Of Stock

පුණ්‍යෝපදේශය

Highlights:

දෙවියන්ට පින්දීම සදහා භාවිතා කරන එත්තාවතාච අම්මේහි යන ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සදහා රචිත ගාථාවකි. එසේ හෙයින් ඒ වෙනුවෙන්ද ගාථාවක් පිලියෙල කරන ලදි.  බෞද්ධයෝ රෝග සුව කරගැනීමටත්, ග්‍රහ අපල දුරුකරගැනීමටත් පිරිත භාවිතා කරති.  එසේ හෙයින් ඔවුන්ට ඒව සිදුකර ගතහැකි වනු සදහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලබන ආකාරය ආදිය පිලිබද මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත.

පාරමිතා ප්‍රකරණය

Highlights:

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක්සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදුවීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනෙක් නිවන් දකින්නේද නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රයම පිළිබද පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Out Of Stock

චතුරාර්ය සත්‍යය

Highlights:

නිවන් දැකීම යනු චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම වේ. බුද්ධ කාලයෙහි සමහර රහතවන්වහන්සේලාට එක් බණ පදයකින් පවා චතු සත්‍යය අවබෝධ විය. සමහර ස්වාමීන් වහන්සේලාට වසර විස්ස තිහ මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. ඊට හේතුව වන්නේ පෙරභවයන් හිදී ගැඹුරු ධර්මයට සිත යොමු නොකිරීමයි. ඔබත් හැකිපමණනින් ගැඹුරු ධර්මය උගෙනීමට උත්සාහ කරන්න.  එය ඔබට නිවන් අවබෝධයට මග පහසු කරනු ඇත. .සත්‍යයන්තරමකින්වත් දැනගැනීමට උපකාර වීමේ අදහසින් මෙම පොත සම්පාදනය කර ඇත.

චත්තාළීසාකාර මහ විපස්සනා භාවනාව

Highlights:

“ චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන- මාර්ග- ඵල- අභිඥා ආදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති මටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි.
සීලන්ත සූත්‍ර-සුතවන්ත සූත්‍ර දෙකෙහි දැක්වෙ කරුණු අනුව දැනට ජීවිතවේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටාගතිමු. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් පිලිබද ඇතිවන දැනුමට වඩා උසස්, පිරිසිදු , පුලුල් දැනුමක් ඒ දෙය විස්තර කිරීමෙන් ලබාගත හැකිය. එබැවින් අපගේ දැනුම දියුණු කර ගැනීම,මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .

බුද්ධ නීති සංග්‍රහය

Highlights:

“ බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සුදුප දේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම , මුව සේදීම, නෑම, මල මුත්‍ර පහකිරීම, කෙල ගැසීම ආදී සුලු කරුණු වලදී පිලිපැදිය යුතු උපදෙස් පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිලිපදින්නා‍ වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදුකරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේය.

බෝධිපාක්ශික ධර්ම විස්තරය

Highlights:

“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”

අභිධර්මයේ මුලික කරුණු

Highlights:

“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත   සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අව‍බෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අව‍බෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.

Out Of Stock

අභිධර්ම මාර්ගය

Highlights:

“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු  ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත

උපසම්පදා ශීලය

Highlights:

අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්‍රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්‍රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්‍ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .

පේතවස්තු වර්ණනාව

Highlights:

ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.

අසූ මහා ශ්‍රාවකයෝ

Highlights:

මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.

Out Of Stock

සිංහල අර්ථ සහිත ධම්මපදය

Highlights:

බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.

Out Of Stock

විශුද්ධි මාර්ගය

Highlights:

අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.

විමාන වස්තු ප්‍රකරණය

Highlights:

පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.

Out Of Stock

විචිත්‍ර දේශනා

Highlights:

බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Out Of Stock

සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම

Highlights:

කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්‍රන්ථයකි.

Out Of Stock

සඟ රස බස්

Highlights:

සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.

සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )

Highlights:

සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.

පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)

Highlights:

ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය

පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත

Highlights:

ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්‍රයෝජනවත්ය.

1 2 4 5 6 7
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping