“අත… අරින්නද… අල්ල ගන්නෙත් නැතුවම…” අරෝ හිමින් නමුත් බයෙන් කටහඬ අවදි කර ආෂිගේ ප්රශ්නයට ප්රශ්නයකින්ම උත්තර දෙද්දි ආශි හිස මඳක් දෙපසට වනමින් නෑ කිව්වේ කවදාවත් නැති අයුරෙන් ලස්සනට හිනාවෙමිනි. කලාතුරකින් ඉතාමත් කලාතුරකින් ඒ කඩවසම් මුහුණේ මැවෙනා ඒ ආඩම්බර ලස්සන හිනාව හදවතින්ම විඳගත් අරෝ ආශි දිහා බලන් හිටියේ වශි වී මෙනි.
“අත අරින්න නම් මුලින්ම අල්ල ගන්න ඕනද? හ්ම්…
ඇත්ත තමා ඒ නිසා මං මේ අත අල්ල ගන්න ද?”
“ඒ කියන්නේ අල්ලාගෙන අත අරින්නද? හාහ්…කමක් නැහැ. එක තත්පරේකට හරි අල්ල ගන්නකො. ඒ එක මොහොත ඇති මට මැරෙනකම්ම මතක තියා ගන්න.” |
Recent Comments