ගෝරා
“මේක මගේ යාළුවෙකුගේ පින්තූරයක්.” “යාළුවෙකුගේ? යාළුවා කවුද?” විනය සිනාසුණේය. “ඔයා එයාව දන්නේ නෑ. මගේ යාළුවගේ නම ගෞර්මොහාන්. අපි එයාට කියන්නේ “ගෝරා ” කියලා අපි පොඩි කලේ ඉඳලා එකට ඉගෙන ගත්තේ “.
ගෝ දානය
“මගෙන් වෙච්ච වැරදිවලට මට සමාවෙන්න මලිති. මට අද ඔය දෙන්නා ඇර වෙන කවුරුවත් නැ. ඔයා මාව පහත් මිනිහෙක් කියලා සලකන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉරණම මට සතුරු වෙච්ච හැටි”
ශ්රී කාන්ත
මෙකල කාන්තාවන්ට තිබුණු නිදහස ඉතා සීමිතය. දැනට නාගරික බලපෑම නිසා මේ තත්වය තරමක් දුරට වෙනස් වී තිබුණත් ගැමි සමාජය තුළ තවමත් මිට සමාන තත්වයන් දක්නට ඇත. වංග දැරියක් ඉතා අඩු වයසින් ම විවාහ කර දෙනු ලැබේ. පති කුලයට කැන්දා යාමට පෙර සැමියා මිය ගියත් ඇය ජීවිතකාලය තුළම “සති ධමය ” රකිමින් කණවැන්දුම් ස්ත්රියක් ලෙස සිටිය යුතුය.
අපූගේ ලෝකය
“අපුගේ ලෝකය” අපු නම් වු ස්වාමි පුරුෂයාගේ, පියාගේ පමණක් නොව දහසකුත් දුක්ව දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වු පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපුගේ ජීවන ධාරීතාව පෘථූල කළ සුන්දර බිරිද අපර්ණා – ජීවත්වීමේ ආශාව දැල්වූ කාජල් ජීවනයේ මිහිරී සුවද විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණිය චරීත ලෙස අපුගේ ලෝකය සිතුවම් වී ඇත.
අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටික. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය. මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරණේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය ස්වභාවිකව තැනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබිණ.
මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. “මේ කොයි වෙලාවද අපූ?” ” තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. “ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. “අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?” “මොකක්ද අක්කේ?” අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. “මට දවසක කෝච්චිය පෙන්නනවද ?”
ශ්රීකාන්ත සහ රාජලක්ෂ්මී
ඒ දඟකාර තරුණිය එදින රාත්රියේ පැමිණ හෙළූ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතිණ්. ඔවුන් දැන් කොහේ ඇද්දැයිමට නිතරම සිහි විය. ඔහුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වුයෙමි.
අපරාජිත ජිවිතයක්
මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතය නවකතාවට විෂය වී ඇත.
Recent Comments