කටු තුඩු මත
මම අතීතයද අනාගතයද
ඒ හා සබැඳි සියලු මිනිස් ප්‍රාණීන් හා
සිදුවීම්ද අමතක කර
මේ ගෙවී යන තත්පරයේ පමණක්
ජීවත් වීමට උත්සාහ කළෙමි.
ජීවිතයේ ඉතිරි අර්ධය
මේ උණුසුමෙහිම ගෙවා දමා
මතුයම් දිනෙක අවසන් සුසුමද
ඒ හදගැස්මට සවන් දෙමින්ම
හෙලන්නට තරම් තෘෂ්ණාවක්
මට දැනෙමින් තිබුණි.
නමුත් යථාර්තය ඇත්තේ
මින් බොහෝ දුරඈතක බව
මගේ යටිහිත කෑගසමින් තිබුණි.
ඉදිරියට කුමක් සිදු වුවද
මේ ගෙවීගිය මොහොත පිලිබඳ
කිසිඳු පසුතැවීමක් කිසිඳු දිනෙක
නොදැනෙන බව විශ්වාසය.
එය සදාතනික මතකයක්ව
මා සමඟම මියෙනු ඇත.
දහසක් තරු මැද
”මොකද මේ කළුවරේ තනියම කරන්නේ ?”
“තරු බලනවා”
“හ්ම්”
“කෝ…?”
”කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න”
“මොකද්ද ?”
“තරුවක් ”
“මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය.තරු අහසේ නෙමෙයි.අර මුහුද දිහා බැලුවත් පේනනේ.”
මුහුදේ තියෙන්නේ තරු එළිය විතරයිනෙ රෙහාන්..තරුවක් ලස්සන අහසේ තියෙද්දී ඔයාට මාව පේන්නෙත් ඒ වගේද…?”
“මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නෑනේ. ඔයත් ඈත අහසේ ලස්සනට පායලා තියන තරුවක් තමයි.
“මමත් මනුස්සයෙක් ශවින්දි..”
”මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ රොහාන්” පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැරවුණි.මම ඒ නෙත් තුළම ගිලීම ගිලී කිමිදෙමින් එහි ඇති හැඟිම අවබෝධ කරගන්නට උත්සහ කළෙමි.
Recent Comments