Wijesuriya Grantha Kendraya

Wijesuriya Grantha Kendraya

(Showing 1 – 30 products of 107 products)

Show:
Out Of Stock

ලේ

Highlights:

තොට මැරෙන්ඩ හිතිලද? මෙච්චර වෙලා මට කතා නොකර මොකද ගොනෝ කෙරුවේ? අම්මා පරල වී අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය.

Out Of Stock

සාර්ථක වන්නේ මෙහෙමයි

Highlights:

සාර්ථක වන්නේ මෙහෙමයි නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහාය.

අතීතය ගුරුවරයෙකි

Highlights:

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය.

Out Of Stock

සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්

Highlights:

මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහා උපයෝගී කර ගැනීමට මනෝවිද්‍යා ක්ෂේත්‍ර නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නම් වේ.

සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය තම භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් පුරුෂයන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

Out Of Stock

සාර්ථක ජිවිතයේ රහස

Highlights:

අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි සිතන අයටද, කෙතරම් උත්සහ කලත් සතුටින් ජීවත්වීමට නොහැකියැයි සිතන අයටද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබෝධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයැයි සිතන අයටද මෙය බෙහෙවින් ඵලදායක අත් පොතකි.

Out Of Stock

ඔබේ දරුවාට නව ලොවක්

Highlights:

ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින් ද යත් දරුවා මිනිසාගේද සමාජයේද නිර්මාපකයා වන බැවිනි.

Out Of Stock

දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?

Highlights:

මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බියගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නොවනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසිදාක ඉගැන්වීමට නොහැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩහැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසිම උත්සාහයකින් තොරව, මගේ ගුරුවරුන්ගේ නොයිවසිලිමත්කම, කේන්තියෑම, පක්ෂග්‍රාහීකම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන්ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නොවීම මා ලත් එකම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ලෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි.

Out Of Stock

සාර්ථක දරුවෙකු හදාගැනීමේ මග

Highlights:

අප හැම විටම පුරුදු වී ඇත්තේ හොඳ ළමයින් ගැන කතා කිරීමටයි. එනමුත් හොඳ හැම විටම හොඳ නොවේ.

ඉස්කෝලෙට භාර දීම

Highlights:

ඉස්කෝලෙට භාර දීම

දරුවන් දිවි නසා ගන්නේ ඇයි?

Highlights:

දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් උරුම කරදීම දෙමාපියන් සතු වගකීමකි. යුතුකමකි. හොඳ පාසලකට නැතිනම් ජනප්‍රිය පාසලකට දරුවා භාරදීමෙන් ඉටුවන්නේ දෙමාපියන් සතු වගකීමද? යුතුකමද? නව යොවුන් වියේ දරුවෙකු දිවි නසා ගැනීම ඛේදයකි. මේ අකාරුණික කාරණාව සම්බන්ධයෙන් ගුරු භවතුන් මෙන්ම වැඩිහිටියන්ද සංවේදී විය යුතුය.

ආදරය දැනෙන්න ජීවත්වෙන්න

Highlights:

මේ පොත රචනා කර ඇත්තේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන යටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමටය.

ජීවිතයට ගරු කරන්න

Highlights:

අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද?දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම, මිල මුදල් අත් කර ගැනීම, කායිකාස්වාදය අත් කර ගැනීම, සැබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද? අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බැදීමක් නැත්නම් ජීවිතය වෙහසකරය. පීඩාකාරිය. ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඇයි? මේ පොත ගෞරවනීය බැදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහැර අභියෝග වලට මුහුණ දුන් හැටි විස්තර කරයි.

සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් කාන්තාවන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

සරුංගල් ලුහුබඳින්නා

Highlights:

දොළොස් හැවිරීඅමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහායට ඉන්නා ඔහුගේ හිතෛෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසන් සතුව ඇති නිර්භීතභාවයනිසාත්. ඔහු පිලිබදව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊඊෂ්‍යා කරයි. මේ අතර පැවැත්වුණු දිනයේ සෑන්දෑවේ හසන්ට මුනුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීම් සමග ඔවුන් සියලූ දෙනාගේම ජීවිත දෙදරා යයි.

Out Of Stock

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි

Highlights:

මේ කතාව ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානයේ පිටිසර ගමක ජීවත් වන අම්මා නැති දරුවන් දෙදෙනකු වන පාරි සහ අබ්දූල්ලා අතර පවතින හද සසල කරවන, අසාමාන්‍ය සබැඳියාවන් සමගිනි. ඔවුන්ගේ වෙන්වීම තවත් බොහෝ දෙනෙකුගේ චරිත ඔස්සේ දෝංකාර දෙමින් ජීවිතයේ ඇති සදාචාරාත්මක සංකීර්ණතාවයන් අපට තහවුරු කර දෙයි.

ගැටී

Highlights:

මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැල මෙහෙකම් කළ, කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නුගත්, අවිහංසක ගොවි දැරියක වන ගැටී ද දෛවෝපගතව මේ වන්දනා ගමනට එක් වන්නීය.

සත් වැනි සඳේ රෑ

Highlights:

අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘතව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම මේ සැම අතීතයට එක් වූ පුරාවෘත්තයන් ය. යුද්ධය පිලිබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ. මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී. ඔහුත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී.

Out Of Stock

මදුරාසි කෙල්ල

Highlights:

විජී… මදුරාසි කෙල්ලෙක්. මදුරාසියෙ මුඩුක්කුවක….. අම්මයි, නංගියි එක්ක…. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම ව්ජීටත් තිබුණේ හරි පුංචි බලාපොරොත්තු…. බෝනික්කෙක්…. පුළුන් වලහෙක්… අලුත් ගවුමක්… විජීගෙපහළොස් වෙනි උපන්දිනේ දවසෙත් ව්ජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා ව්ජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා… ඒත් ව්ජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි. “තිර පරීක්ෂණයක්..” එතනින් මදුරාසියෙ ලබා හෝටල් කාමර වල රූගත කෙරෙන “නිල් චිත්‍රපටි” වල “රඟපාන” නිළියක් විදිහට .

Out Of Stock

පිටුවහල් සිත්තරී

Highlights:

එදා රැ…. උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව, හොරු සහ ගණිකාවෝ” විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා.

පුතුනි ඔබ නැතිව

Highlights:

මේරියල් ඇගේ කුඩා පුතා හදිසි අනතුරකින් මිය ගිය පසු, තම ස්වාමිපුරුෂයාව ජීවිතයක් ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් ඔහුව හැරයයි. පසුව ඇය ධනවත් මිනිසෙකුගේ කලා එකතුවක භාරකරු ලෙස රැකියාවක් සොයාගත් විට, කාලයත් සමග ඇය තම සේවායෝජකයා හා ආදරයෙන් බැදෙයි. යුවළ එක්ව නව පවුලක් ආරම්භ කළත්, ඔවුන්ගේ පුතා අතුරුදහන් වූ විට, ඇගේ අතීතයට මුහුණ දීමට ඇයට බල කෙරෙයි.

ක්‍රිස්ටි 1

Highlights:

1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර අන්ත දූගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරීදී ක්‍රිස්ටි හඩ්ල්ස්ටින් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දූගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදි දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරික්ෂාවට ලක් වන අතර ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.

Out Of Stock

අසම්මතය

Highlights:

එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට කඳුලු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින් වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති. හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුහු තම ජීවිත ගමන ගෙන යන්නේ නොසැලෙන ආයුරීනි.

Out Of Stock

කොලනියේ කුමරිය

Highlights:

අම්මා ගණිකාවක් වුනාට මට ඕනෙ වුණේ අම්මාගෙ අඩිපාරෙ යන්න නෙවෙයි. මට ඕනවෙලා තිබ්බෙ ඉගෙනගන්න. ඒත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවසෙ වැඩකාරී වෙන්න නම් සිද්ධ වුණා. නගරයෙ හිටපු හැමෝම මගේ දිහා බැලුවෙ කසළ ගොඩක් දිහා බලන ගාණට පිලිකුලෙන්. ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලක් වුණාට මටත් තිබුණා හීනයක්.කවදා හරි මේ නගරෙන් පිටවෙලා විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්.

වීදුරු මාලිගාව

Highlights:

තමන් ගැන බලාගැනීමට ඉගෙනගත් වෝල්ස් දරුවෝ කෑම සහ ඇඳුම් සපයාගත් අතර එකිනෙකා ආරක්ෂා කරගත්හ. ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ජීවීතයට මුනුණ දුන් ඔවුන් ළමා කාලයේම නිව්යෝර්ක් පැමිණෙන්නේ තම ජීවිත ගොඩනගා ගැනීම සදහාය ඔවුන් සොයා නිව්යෝර්ක් පැමිණෙන දෙමාපියන් තෝරාගන්නේ විදි ජීවිතයකි.

Out Of Stock

ෂැංහයි කඳුළ 2

Highlights:

මා ඈ පසුපස කාන්තා සිරමදිරිවලින් පිටතට ගොස් මිදුලට පිවිසුනෙමි. තවත් සෙබළෙකු එහි බලා සිටියේ මාංචු යුගලක් ද රැගෙනය. සෙබළිය මගේ දෑත් පිටුපසට අඹරවා මාංචු කුට්ටම දැමුවාය. අනතුරුව ඈ මා වේගයෙන් තල්ලු කෙරුවේ මා විසිවන පරිදිය. මා මගේ සමබරතාවය රැකගෙන සාමාන්‍ය පරිදි ඇවිදීමට පටන් ගත් හැටියේ ඈ නැවතත් මා තල්ලු කළාය.

Out Of Stock

ෂැංහයි කඳුළ

Highlights:

එය එක්තරා අන්දමකින් සමාජවාදී ලෝකයේ වීරයෙකුගේ සැගවුණු ඇතුළාන්තය හෙළිදරව් කෙරෙන්නකි. ඈ මෙම සත්‍යය මුහුණුවර ලොවට කියා පෑම පිණිස දිවි බේරාගත් අතලොස්සක් අතරින් එක් නිර්භය දිරිය ගැහැනියක වුවාය.

Out Of Stock

ශුද්ධ භූමිය

Highlights:

ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේ දී ය. එය රතු මැණිකකි. ගින්දර තරමට දීප්තිමත්ව ඇවිලෙන අමුතු බලයක් ඇති රතු මැණිකකි. මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතු මැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරා ගත් එකක් වු නිසා ද? එහෙම නම් දෙවැනි වරට එහි හිමිකරුවා මරා පුංචි කොලුවෙකු ඒ රතු මණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වන්නට ඇති ද? ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරා ගන්නා “ශුද්ධ භුමිය” කුමක් ද?

බිඳුණු සඳ

Highlights:

ඒ සීතල අඳුරු රාත්‍රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. ම්ඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. “අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න.ඒත් හැම දෙනාටම පුළුවන් කම නෑ ඇහුනද දරුවෝ”?

Out Of Stock

මගේ පවුලයි අනික් සත්තුයි

Highlights:

ජෙරී නිවස තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්’ විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය “සුරතලුන්” ය මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය. තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා.

1 2 3 4
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar