සුළඟට පවසමි
ප්‍රේමය ජාති, ආගම්, කුල ගෝත්‍ර පමණක් නොව සමාජ මට්ටම, උගත්කම වැනි මිනුම් දඬු පවා අභිබවා යා යුතු ගුණයක් විය යුතු යයි සිතමි. එහෙත් එවැනි සුවඳ හමන මානව සබඳතා මෙවැනි විප්‍රවකාර සමාජයක් තුළ දුලබය. එහෙයින් “ සුළඟට පවසමි ” ලියා තැබෙන්නේ එවැනි ගුණෝපේත හදවත් බිහිවීම සඳහා හැකි පමණ උත්‍තේජනයක් ලබාදෙනු පිණිසය.
ආල නුරා
ඔය කොයි දේකින්වත්
හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ
දොලේ උනත් වතුර ටික බොර උනාම
මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ.
හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම
බොර වෙච්චි දොල වගේ තමයි.
මොකක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම
බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා.
හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක්
වෙන දේවල් හිතෙන්නෙ නෑ
පැහැබර දවසක්
කිසිත් නොකී විමුත් සෙමෙන් පහත් වී
ඇගේ නළලත සිය දෙතොල් තැබුවේ යන්තමටය.
තත්පරයකදු එහි සිය දෙතොල් තබා නොසිටි විමුත්
නිහඬිවම රිය පණ ගන්වා ගත්තේය.
කුසුම්ගේ වැඩිමල් පුතුගේ නිවස අසලට පැමිණෙන තුරු
ඔවුන් අතර පැතිර ගියේ නිහඬියාවකි.
කටු තුඩු මත
මම අතීතයද අනාගතයද
ඒ හා සබැඳි සියලු මිනිස් ප්‍රාණීන් හා
සිදුවීම්ද අමතක කර
මේ ගෙවී යන තත්පරයේ පමණක්
ජීවත් වීමට උත්සාහ කළෙමි.
ජීවිතයේ ඉතිරි අර්ධය
මේ උණුසුමෙහිම ගෙවා දමා
මතුයම් දිනෙක අවසන් සුසුමද
ඒ හදගැස්මට සවන් දෙමින්ම
හෙලන්නට තරම් තෘෂ්ණාවක්
මට දැනෙමින් තිබුණි.
නමුත් යථාර්තය ඇත්තේ
මින් බොහෝ දුරඈතක බව
මගේ යටිහිත කෑගසමින් තිබුණි.
ඉදිරියට කුමක් සිදු වුවද
මේ ගෙවීගිය මොහොත පිලිබඳ
කිසිඳු පසුතැවීමක් කිසිඳු දිනෙක
නොදැනෙන බව විශ්වාසය.
එය සදාතනික මතකයක්ව
මා සමඟම මියෙනු ඇත.
Recent Comments