Sarasavi Publishers

Sarasavi Publishers

Showing all 18 results

Show:

සිරවූ කිරිල්ලිය

Highlights:

ළා නිල් පාට අහස් තලයේ කැටි ගසන වලාවන්
නොයෙක් හැඩ රුව ගන්නා තැන මම කවියක්
දකිමි.
වැස්ස වහිනා විට ගස්වල අතුපතර ඔස්සේ
වු වැහි බිඳුවල රේඛා චිත්‍ර අතරේ මම කවියක්
දකිමි.
රෑ අහසේ නිතර බබළන තරු අතුරින් වඩා
නිසලව රශ්මි ධාරා විහිදුවන්නා වූ සිකුරු,
බෘහස්පති වැනි ග්‍රහ තාරකාවන් අතරේ
මම කවියක් දකිමි.
එබැවින් කවිය යනු කුඩා කිවිඳියක වන මට
සාහිත්‍ය අංගයක් නොවන ජීවිත හැඟීමකි.

සිතුලි සඳගෝමි.

සයිබර් ප්‍රේමය

Highlights:

අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ්‍රී ලංකාව නමැති
මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි
වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම් ද
තුරඟ වේගයෙන් වෙනස් වෙයි.

එහෙත් මේ වෙනස් වන ශ්‍රී ලාංකික සමාජයේ තාක්ෂණික
භාවිතාව, වත්මන් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ වපසරියට
බොහෝ විට මඟ හැරෙන ඉසවුවකි.

ජීව පද්ම සඳගෝමිගේ සයිබර් ප්‍රේමය කාව්‍ය කෘතිය එබඳු
ඉමි පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලී
උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කළමනා
කරණ වෘත්තිකයෙකු වන ජිව පද්ම සඳගෝමි විදහ
සන්නිවේදකයෙකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ
පළමු කවි අස්වැන්නයි.

සුදු රටේ කළු ගැහැණු

Highlights:

2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩින් එවරිස්ටෝගේ ‘ Girl , Woman , Other ‘ නවකතාව එකිනෙකට ඉඳුරාම වෙනස් චරිත දොළහක ජීවන අරගලය පිළිබිඹු කරයි . ඔවුහු සියලු දෙනාම බ්‍රිතාන්‍ය කළු ජාතික ගැහැනු වෙති .

 

ඔවුන් රටේ සතර දිග් බාගයේ විසිරී හිඳිමින් සිය පවුලේ සාමාජිකයන් ද , ඥාතීන්ද , මිතුරු මිතුරියන් සහ ආදරවන්තයන්ද ඇසුරේ කාලාන්තරයක් පුරා විඳි අත්දැකීම් මුදා හරින්නට ලේඛිකාව පෑන මෙහෙයවා ඇත්තේ ඉතා දක්ෂ ලෙසටය .

 

බහු වාර්ගික සමාජයක් තුළ ඔවුන් අත්දකින ඒ අපූර්ව වූ සංසිද්ධීන් පාඨකයාගේ සිත නිරන්තරවම විස්මයටත් , කම්පනයටත් පත් කරවයි .

 

‘සුදු රටේ කළු ගැහැනු’ නුතනයේ වියමනකි . එහි ප්‍රබලත්වය සහ විවෘත හැඟීම් ප්‍රකාශනය කියවන්නාගේ කල්පනා ලෝකය මුළුමනින්ම වෙනත්ම දිශානතියකට යොමු කරවන්නට සමත් වේ .

 

බ්‍රිතාන්‍ය නයිජීරියානු සම්භවයක් ඇති කතුවරිය බුකර් සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබූ ප්‍රථම කළු ජාතික ලේඛිකාව ලෙස ඉතිහාසයට එක්වන්නීය . සාහිත්‍ය ක්‍රියාකාරිනියක ලෙස මෙම ග්‍රන්ථය තුළින් කළු ජාතිකයන් වෙනුවෙන් ඇය සිදු කොට ඇත්තේ අගනා මෙහෙවරකි .

 

මගේ චිකාගෝ හදවත

Highlights:

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය.

ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමඟ එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.

වීනස්ගේ උපත

Highlights:

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.

Out Of Stock

ස්වප්න

Highlights:

දේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.

පුලිඟු

Highlights:

මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…

විකෘත අංගාර

Highlights:

එය විසිපස් වන සියවසයී.දියුණු වූ තාක්ෂණය ජීවය යනු කුමක් දැයි යළි නිර්වචනය කර තිබුණි මානව විඤ්ඤාණය දැන් මොළයේ ගබඩා කර තැබිය හැකිය නව සිරුරක් තුළට බාගත කර හැකිය. මේ නිසා මරණය යනු තිරයේ කුඩා තිගැස්මක් පමණක් විය.

Out Of Stock

නිෂ්ක්‍රාන්තිය

Highlights:

මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.

Out Of Stock

රුදු රොන් සුනු

Highlights:

ඔහු රථය පන ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.

පන්හිද

Highlights:

මයෙ දැහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරලා දලා ගියේ.තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියා වූ

Out Of Stock

තී හා තා

Highlights:

තී හා තා අසීමිත බැදීමක් පිලිබද කතාන්දරයකි . ආදරයක මටසිලු බව සේම රළු පරළු බවද එක්තැන් කල අමුතු නවකතාවකි.

Out Of Stock

මුක්ති

Highlights:

මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිසු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා තේවත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒ්වායේ ගසා තිබුණුු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.

Out Of Stock

සේපියන්ලා

Highlights:

අපට අවිෂය ලෝකයේ වානරයාගේ සිට වත්මන් ලෝකයේ පාලකයන් දක්වා අපේ අරුම පුදුම ඉතහාසය පිළිබද විශ්මයජනක තොරතුරු මාලාවකින් සමන්විතය.

Out Of Stock

ඉකිගායි

Highlights:

මට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක්ද ඇත. තව අය අවුලක් තුළ කරදර විදිති. ඇයි ඒ ?

ගණිතය 8 ශ්‍රේණිය වැඩ පොත 2 කොටස

Highlights:

ගණිතය 8 ශ්‍රේණිය වැඩ පොත 2 කොටස

Out Of Stock

භෞතික විද්‍යාව විවරණය 2003 (12,13 ශ්‍රේණි )

Highlights:

භෞතික විද්‍යාව විවරණය 2003 (12,13 ශ්‍රේණි )

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar