සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
හොල්මන්, අවතාර පමණි.
මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.
කුරුලු මෙහෙයුම
පරිසරයේ සුවිශේෂී අංගයක් වන සත්ත්ව සම්පතට ආදරය කරමින් අපමණ අභියෝගවලට මුහුණ් දෙමින් ජීවත්වන සතුන් වෙනුවෙන් උදාර සේවයකට කැපවු දරු පිරිසක් ගැන කියවෙන “කුරුලු මෙහෙයුම” යොවුන් නවකතාව පරිසර හිතැති ආචාරධර්ම දරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් ලියවුණු කෘතියකි.
පාරිසරික කතා ගනයට ඇතුළත්වේ. සත්ව සම්පතට ආදරය කරන දරු පිරිසකගේ වික‍්‍රමයක් ගැන කියැවෙන කතාවකි. මතු පරපුර පරිසර හිතැත්තන් බවට පත්කිරිමේ අරමුණෙන් ලියැවී ඇත.
එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.
“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.
“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”
“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”
සත් මිතුරියෝ
සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හැදී වැඩී පාසල් අධ්‍යාපනය ලද සෝමලතා වෛද්‍යරත්න සිය ළමා කාලයද ,ඇසුරු කර ගනිමින් ,තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප්‍රබන්ධ බොහොමයකි.මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි සරල සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි.
රාජ්‍ය සම්මාණ ලාභී ලේඛිකාවක වන ඇයගේ නවතම කෘතිය ”සත් මිතුරියෝ” ය.වත්මන්හි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවීතය ඇසුරේ දරුවන් යහමගට යොමු කිරිමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි.ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දිනාගනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.
තණ කන අපි
”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”
ප්‍රේමානිසංශ
පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.
හපනා
මම කළුවර තැනකට ගොස් ගෝනියක වැතිර ගතිමි. ආතා මොහොතකින් මා ළගට විත් ” මෙන්න පුතා මේවා කාපන් ” කියා බෙලෙක් පිඟානක් මට දුන්නේය. මම දෑතින් රැගෙන බැලුවෙමි. කුරක්කන් පිට්ටුත්, මුදවපු කිරිත්, තිබ්බටු මාළුවකුත් එහි විය. ඒ සියල්ල කා දම්මි . පිඟාන සෝදා දමා වතුර ලබ්බකින් පිඟානට වත්කර දිය බී නැවතත් හාංසි වීම්.
Recent Comments