තිවංක කතාව
නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.
මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.
තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ
පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.
ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.
හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ
වවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්‍රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්‍රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?” මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි” යන අදහස් මගේ සිතට නැගෙයි.
“බලන්න යාල්දේවි කෝච්චියෙ බුෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ ”
දෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි
The Wise And The Fool (From The Buddhist Perspective)
This work provides a comprehensive study about people, their activites and behavioural patterns. The primary purpose of this book is to show genuine contrast between the wise (sappurisa) and fool (asappurisa) from the buddhist point of view. Accordingly, Buddhism considers a man as wise when he lives in righteous way achieving material as well as spiritual progress sensitively thinking of he himself, other people, animals and the enviroment in one way and the other believing and accepting that he has next world too. The exact opposite of it, is of course considers as a fool.The book gives the reader wider knowledge to distinguish the major difference of these two categories of people as their identity is very clearly expressed in full length. Some of their characteristics are stated and explained in a broader sense. Their living styles, paths that they select and follow to achieve their targets, how they think, act and talk are elegantly described. Whoever reads this with an open mind will definitely have sufficient knowledge of people, their behaviours and what happens to them at the end of life. It is fervently hoped that the frequent reader of this book will start a new journey of life.
Recent Comments