පුංචිම දේවල් පුංචිම නෑ
දැවැන්ත දේවල් දකින්නට,අත්පත් කර ගන්නට,නිර්මාණය කරන්නට සිහින මවන අපි පුංචිම පුංචි දේවල් ගැන දක්වන්නේ අල්ප සැළකිල්ලක්. ඒත් සමහර පුංචි දේවල් ලෝකය එහෙම පිටින්ම අනිත් පැත්තට හරවන්නට තරම් බලගතුයි. එක වචනයක්, සියුම් කම්පනයක්, සරල සිදු වීමක්, මද පවනක්, පොද වැස්සක්, නෙතග බැල්මක්,සොදුරු සිනාවක්,වැනි පුංචි දේවල් තුළින් හොද අතට වගේම නරක අතටත් වෙනස් වූ ජීවිත ගැන කතාන්දර අපි ඕනෑ තරම් අහලා තියෙනවා.
ඇසට නොපෙනෙන තරම් පුංචි විෂබීජයකින් ලෝකයක් විනාශ කරන්න පුළුවන්. එකම එක
බෙහෙත් බින්දුවකින් මරණාසන්න රෝගියෙකු සුවපත් කරන්න පුළුවන්. ඒ තමයි පුංච් දේවල්වල බලේ.
පියබඳ සරසි
සසල සිත් ඉම…
රැදෙන නොරැදෙන ..
සදාකාලික සිහිනයයි නුඹ..
සැලෙන දෙතොලග..
නිතින මිමිනෙන..
සදා නොගැයෙන ගීතයයි නුඹ..පැතුම් පිරි නෙතු..
ළගට නොවඩින..
දුරක දිදුලන මිරිගුවයි නුඹ..
මටම ඉපදුන..
මට අහිමි වුන..
කදුල ලංකල ප්‍රේමයයි නුඹ..
රන් දෝලි
රෝස පාට හීන පොකුරු
ඉහ ඉද්දර පිබිදෙනකොට..
දෝත පුරා සුවද රැගෙන
නුඹ සිත ළග දැවටෙනකොට..
දෑස පිරුණු කදුළු බිංදු
සෙනෙහස දැක සැගවෙනකොට..
දාස් ගණන් පැතුම් මැදුරු
ඉදි වෙනු ඇත නුඹ වටකොට..වහන් වෙවී නෙතු පිය ළග
පැතුම් පිරූ යුගය නිමකොට ..
සිහින් මියුරු ගීතයක්ව
ගැයෙනු ඇසෙයි යුග සවනත..
පහන් දොරින් අදුරු තිමිර
ඉරා මගේ ලොව එළිකොට..
පහන් තාරුකාවක් වී
පායනු මැන සිත් අහසට…
පිච්ච මල් බිසව්
“ඈත ඈත කදු යාය සසල කොට
මගුල් සිලෝ ඇසුණා…
උණ පදුරක කොළ සැලෙනා විලසට
මගේ සිතත් සැලුණා….ගං ඉවුරේ සුදු වැලි තලයේ තැබු
පා සටහන් මැකුණා…
පිච්ච මල් සුවදට බැදි සෙනෙහස
කුසුමක් වී හැගුණා…”
තුරඟ මායම්
සිථිල සේනාධීර, නිවසේ තිබු එකම කණ්ණාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරන්නට වූයේය.
නළලට වැටෙන සේ කපා තිබු ඔහුගේ කොණ්ඩය අමුතුවෙන් පීරන්න්ට අවශය නොවිණි.එහෙත් පුරුද්දක් ලෙස ඔහු හිස පීරීය. සාමානය උස මහත සිරුරකින් යුක්ත වූ සිථිල රැවුල සම්පුර්ණයෙන්ම කපා සිටියේය.
කොණ්ඩය සකසා ගත් ඔහු උරුවම් බාමින් ඇදුමේ අඩුපාඩු සකසා ගන්නට වූයේය.
ලා නිල් පැහැති අත්දිග කමිසයත් කලු පැහැති කමිසමත් ඔහුගේ පෙනුම ඔප් නංවන්නට සමත් විය.
“ඔය මදැයි හලෝ හැඩ බැලුවා.. ඔය ඉන්නේ නිකම් ෂහීඩි කපූර්ගේ අයියා වගේ..”
සිථිල පසෙකට තල්ලු කර දැමු ඔහුගේ නැගණිය රන්දුනු කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත්තාය.
“ආපෝ තමුසෙගේ කට.. මට කටවහ පුච්චන්න වෙනවා දැන්..”
සිථිල ඇයට නොටිදෙන තරම් සෙමින් ඇගේ හිසට ටොක්කක් ඇන්නේය. කට ඇද කර ඔහු දෙස බැලු රන්දුනු පාසල් නිල ඇදුමට ටයි පටිය පැළදගන්නට වූවාය.
ආදරණීය විරුවාණනී
|
සල සිලිලාරය
|
ඉසදිය මංගල්ලේ
පිරිමි දෑසකින් නික්මෙන අනුරාගී කාන්තියෙන් සිත ගිනිකණ වැටුණු කල යුවතියකට සිදු වන්නේ එහෙමම නතර වෙන්නටය. එතැනින් එහාට යන්නට ඇගේ දෙපා එසවෙන්නේ නැත. ඇය සිය දෙමව්පියන්ගේ ආදරණිය සෙවණින් වහා අබිනික්මන් කොට ඔහුගේ ආගන්තුක ලෝකයේ සිරකාරියක වන්නීය. හැදු වැඩු දෙමව්පියන් නෑදෑහිතවතුන්, හොඳ නරක කිසිවම ඇගේ ඇස්වලට පෙනෙන්නේ නැත ඇය දේව භාෂිතය ලෙසින් අදහන්නේ ඔහු කරන කියන දේවල්ම පමණකි. තමා මොන තරම් මුලාවක වැටී සිටියේදැයි ඇයට පසක් වන්නේ ගිනිකණ වැටුණ දෑස පියවී තත්වයට පැමිණියාට පසුවය. ඒ වන විට ඇයට ලෝකය එහෙම පිටින්ම අහිමි වී හමාරය.
Recent Comments