JK LAW BOOKS

JK LAW BOOKS

Showing all 3 results

Show:

නීති ප්‍රවේශයට අත්වැලක්

Highlights:

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, ජනාධිපතිවරණය 2005 ද 2006 ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව , මූලික අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ නීතිය , පළාත් මහාධිකරණ ක්‍රියාදාමය සහ ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය , ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති පද්ධතිය , ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය සහ ජනාධිපතිවරණ පුරාණය යන ග්‍රන්ථ නීති සාහිත්‍යයට හඳුන්වා දුන් ජයකුමාර් මහතාගේ ‘නීති ප්‍රවේශයට අත්වැලක්’ නමැති මෙම කෘතිය සාර්ථක නීති අධ්‍යයන ග්‍රන්ථයක් වේ. උසස් අධ්‍යාපනයෙන් පසු නීති විද්‍යාල නීතිවේදය පිළිබඳ විවිධ අධ්‍යයන හා ඒ හා සබැඳි වෙනත් සියලු විෂය ක්ෂේත්‍ර ව්‍යුහය පිළිබඳ විශ්ලේෂණාත්මක පර්යේෂණ කෘතියක් වන මෙහි ඊට අදාළව සිසුන් යොමුවිය හැකි මාර්ග පිළිබඳ පුළුල් මඟපෙන්වීමක් හා නීති ක්ෂේත්‍රයේ තොරතුරු රැසක් අන්තර්ගතය.

Out Of Stock

දෙවියෝ සහ භූතයෝ

Highlights:

දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්‍රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්‍රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්‍රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්‍රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.

මා කළ ගවේෂණ

Highlights:

ආචාර්ය කොවූර් ස්වකීය ගවේෂණ රැසක් එක් කොට ලියු ග්‍රන්ථයක සිංහල පරිවර්තනයක් ‘ මා කළ ගවේෂණ ‘ නමින් බිහිවන මෙමඅවස්ථාවෙි මතකයට නැංවෙන කරැණු කීපයකි.කොවූර්ගේ මූලිකත්වයෙන් ගොඩනැංවුනු ලංකා හේතුවාදි සංගමය’හේතුවාදි සංදේශය ‘ නමැති සඟරාව සිංහලෙන් පළ කළ අවධියේ ඒ වෙත පළ වූයේ නොමද පාඨක අවධානයකි. කොවුර්ගේ කෘතියකපරිවර්තනයක් ‘ දෙවියෝ සහ භුතයෝ ‘ නමින් සිංහලෙන් පළ වූයේ තවත් කලක් ගතවු පසුවය. එය කොවුර් ප්‍රකට කළ හේතුවාදි චිනත්නයලිඛිත මාධ්‍යයක් ඔස්සේ ග්‍රහණය කරගැනිමට සිංහල කියවන ඡනතාවදැක්වු කුහුල හා කැමැත්ත මතු වී පෙනුන අවස්ථාවක් විය.

කොවූර්ගේ තවත් ග්‍රන්ථ සිංහලෙන් පළ වී ඇත්ද, එම විෂයය ගැනලියැවුනු අනෙකුත් පොත් මොනවාදැයි පාඨකයන් විමසන්නට පටන්ගත්තේ එතැන් පටන්ය.’ මා කළ ගවේෂණ ‘එය පාඨක උත්තේජනය වෙනුවෙන් නැගුණු ප්‍රතිචාරයකි.හේතුවාදී සාහිත්‍යය තව දුරටත්පරිහරණය කිරීමෙි අභිරැචියකින් පසුවන පාඨකයන් හට මෙය ‘දෙවියෝ සහ භුතයෝ ‘ අභිබවාලන කෘතියක් වනවාට කිසිදු සැකයක් නැත.පහසුවෙන් රැවටෙන,අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබලකමිවලට සිනාසෙමෙින් කොවූර් මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ අපුරැ ශෛලයකිනි.ඔහු සිනසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවෙි. මිථාවෙි බරින් මිදීමට හේ ජනතාව වෙත සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි.වසර අසුවක් ඈතට දිවගොස් නිවී ගිය මොහුගේ ජිවිතය පුරාම එම මානව දයාව ඉතිර පැවතුනි.

විවිධ සංනිවෙිදන මාධ්‍යයන් ඔස්සේ මිථ්‍යා මතිමතාන්තර ජන ජිවිතය පුරා පැතිරෙමින් පවතින අවධියක කොවූර් නැති පාඩුව මඟ හරවා ගැනිමට මෙම කෘතිය මඳ වශයෙන් හෝ උපකාරී වන්නේ නමි ඔහු මෙවැන්නක් ලිවිමෙි අරමුණ එයින් ඉටු වනවා ඇත.

එඩිවඩි චන්ද්‍රසිරි

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar