යක්ඛරාජ
පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු – යසස් මොනවට කියා පානා ඇස් තුනෙන් හැම පිරික්සා සිව් – අතින් ගති බිලි සියල් ඕනා
රැස් දෙනා සුදු වතින් සැරසී – නිල් කයින් සිත් කුකුස් ගේනා
අශ්ව මුව එළු බැටළු සූකර – පිටෙහි පැමිණේ මහා සෝනා
දක්ෂකම් පෑ සේන සෙන්පති – මොහුයි පෙර පිදු ගැමුණු සේනා
යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ – ලබා දස දෙස බලය පානා
රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු – විකුම් පා සමයමේ පේනා
වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ – සසලවයි සැම මහා සෝනා
ගැහැනු පිරිමි මල් පලතුරු
“මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ… අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා – රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි… ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා… අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ…” එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.එය මට සැනසුමකි.ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි.එහි තෙතක් විය.ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.
වසවර්තියෙක් ද නොවීම්
දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව, අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම්, මිථ්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත් වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී. නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්වවිද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂණය වී ගැමි බුද්ධිමතකු බවට පත් වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේද නායකයෙකු බවට පත් වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව, තම ජීවිතයෙන් සන්තෘප්තියක් ලැබූවකු පිළිබඳ පුවතකි.
සූර්යනාශ
ඇය තම දෑස් විවර කළාය.
ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි.
වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්‍රියේදී
සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව
ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය
කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ
අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම
සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත්
ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට
තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි.
ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි.ඒ පළිගැනීමම පමණි…
විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන්
ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ
අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමුව වූයේ ඒ
අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි…
ලෝකෝත්තරයෙක් නොවීමි
|
නාරි
|
දමරඣ
|
එ පුර රැජයූ ඇය
මේ ඇයගේ (අනුලා රැජින) කතාවයි. |
ශ්වේත කළුවර
|
කාල
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ 2015 වසරේ හොඳම නවකතාව,ප්‍රථම ස්ථානය. කලා ඓතිහාසික වෘත්තාන්තය වූ කලී ධාතුසේන රජ සමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාද ගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි.කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීන්කුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කර ගත් මෙම වෘතාන්තයෙන් දිග හැරෙනුයේ හිංකුරුට්ටා ගේ පුත් ‘කාල’ නමැති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි.
ඩ්‍රැකෝන් බලවතුන්ගේ බිහි වීම
සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගුවා තම ආයුධ ගෙන නැඟී සිටියහ.
“හැමෝටම දැනුම් දෙන්න. අපි මාළිඟාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු.”රණ බෙර හඬ පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙකු පිට නැගි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී, ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ.
දඩයම් බල්ලෝ
|
දහසක් තරු මැද
”මොකද මේ කළුවරේ තනියම කරන්නේ ?”
“තරු බලනවා”
“හ්ම්”
“කෝ…?”
”කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න”
“මොකද්ද ?”
“තරුවක් ”
“මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය.තරු අහසේ නෙමෙයි.අර මුහුද දිහා බැලුවත් පේනනේ.”
මුහුදේ තියෙන්නේ තරු එළිය විතරයිනෙ රෙහාන්..තරුවක් ලස්සන අහසේ තියෙද්දී ඔයාට මාව පේන්නෙත් ඒ වගේද…?”
“මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නෑනේ. ඔයත් ඈත අහසේ ලස්සනට පායලා තියන තරුවක් තමයි.
“මමත් මනුස්සයෙක් ශවින්දි..”
”මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ රොහාන්” පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැරවුණි.මම ඒ නෙත් තුළම ගිලීම ගිලී කිමිදෙමින් එහි ඇති හැඟිම අවබෝධ කරගන්නට උත්සහ කළෙමි.
බැතිමතාගේ අසිපත
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .
සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි . කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත . වසංගතය බටහිර අර්ධගෝලය පීරා , අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය
|
කිචෙර ගිරි හිස බිඳූණු සෙවණැලි
සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්,ඒ කිසිවක් සිදු නොවු විලසින් අපරදිග යුක්‍රේනයේ සොදුරු කර්පාතියානු ගිරි වළලුද, එහි පා අබියස වැතිරුණ නිමින බිමිද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳූල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිටිලි හරිතවත් ගිරි ශිඛර, චෙරමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිමි හරහා කොත්සුන්ස්කිය් සිය පන්හිදෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිමිකඩට දැඩි සේ ඔවුන්ට ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුවරුන්ගේ ගොවි-එඩේර දිවි පෙවෙත, සාමිප්‍රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගමි බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප්‍රබන්ධයට සංකලනය කරමින් ඔහු පාඨකයා ප්‍රහර්ෂයට පත් කරන්නේ ඉන්ද්‍රජාලිකයෙකු විලසිනි.
අරාජිකයෙක්-ඇවිත්
අතීතය අනාගතය සමග කිසිදු දිනක එක් නොවන්නේය යන්න සැබැවක් නම්,අනාගතයද අතීතය හා එක් නොවන්නේය. අතීතය ඇසුරින් අනාගතය ගොඩනගාගත හැකි වතාවක් මෙන්ම අතීතයේ වු වැරදි අනාගතයේ නොමග යෑමටද බලපාන්නේය. එහෙත් එක් සත්‍යයක් අනාගතයටත්, වර්තමානයටත් පොදු වන්නේය. එනම් නිරන්තර පීඩිතයන් සහ පීඩකයන් සමාජගත වීමයි. පීඩකයින් පීඩතයීන් වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව ආරක්ෂා කරයි.
Recent Comments