Dayawansa Jayakody & Co - Book Publishers

Dayawansa Jayakody & Co - Book Publishers

Showing all 20 results

Show:

හන්සයො ඉගිළෙති

Highlights:

“සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහගු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්. දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, දුක්ඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්‍රී භාවනා වඩවනවා.කකුලක් කොට කරලා, විවහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දු පණිවිඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැකනැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන්නම් අපි දිනුම්.

බුදුදහම සහ සිංහල ජාතියේ අනාගතය

Highlights:

යම් රටක ඓතිහාසික උරුමයත්, එරට පාරම්පරික ජනකායත්, ඔවුන්ගේ දිවි පෙවෙත හා සංස්කෘතිය හැඩගැස්වූ ආගමත් එකින් එක වෙන් කළ නො හැකි ආධ්‍යාත්මික බන්ධනයකින් වෙලී පවත්නා කල්හි එම සභ්‍යත්වය නිර්මල දිය දහරාවක් සේ දීර්ඝ කාලයක් අවිච්ඡින්නව ගලා යන්නක් වෙයි. ආගම නිසා ජාතිය බැබළවූ චිරකාලීන සභ්‍යත්වයක් ලොව බිහි වූයේ නම් එහි අග්‍රස්ථානය හිමි විය යුත්තේ සිරිලක් දිවයිනට ය. ව්‍යවහාර වර්ෂ පූර්ව තුන්වැනි සියවසේ සියවසේ සිට අද්‍යතන යුගය දක්වා අවුරුදු දෙදහස් තුන්සියයකට අධික කාලයක් සිංහල ජාතිය බුදු දහම නිසා රැකුණේ එකී සජාතීය අංගයන්ගේ ඒකමිතිය හේතුවෙනි. බුදු දහමේ පිළිසරණින් සිංහල ජාතිය ප්‍රභාවිත වූ අයුරු විවරණය කළ හැක්කේ පිටු සිය ගණනක ග්‍රන්ථයකිනි.

මහ බැද්දේ සුදු වැද්දා

Highlights:

පාඨකයාගේ සිත තුළ
සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම
සතුට හා ශෝකය ද දනවන
අපූරු සිදුවීම් රැසකින් පිරුණු
මෙම රසබර වෘතාන්තයේ වනසතුන්
හා වැද්දන් ගැන එන විස්තර
අතිශයින්ම චමත්කාරජනකය
වනාන්තරයේ ගහ කොළවල
අතුපතර සෙලවෙන රිද්මය
පමණක් නොව සතා සිව්පාවුන්ගේ
හඬ පවා මෙහි පිටු ආතරින්
අප දෙසවනට ඇසේ.

ශ්‍රී ලංකාවේ වනගත ජිවීතය හා
ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක්
ඉතාමත් ළගන්නා සුළු අයුරින්
ප්‍රතිනිර්මාණය වී ඇති
“මහ බැද්දේ සුදු වැද්දා” නම් වූ
යොවුන් නවකතාව පාඨකයාව අමුතුම
චමත්කාරජනක ලොවකට
කැන්දාගෙන යයි.

ස්විස් ෆැමිලි රොබින්සන්

Highlights:

වර්ෂ 1789 දී ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පීඩා විඳි අය අය අතර බටහිර ස්විස්ටර්ලන්තයේ විසූ දේවගැතිවරයෙක්ද විය. මෙම පූජකවරයා සතු සියලුම දේපළ හා වස්තු මෙම විප්ලවය නිසා ඒහුට අහිමි විය. ඒ නිසා මිෂනාරී සේවයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු පළමුවෙන්ම සිය බිරිඳ හා පුතුන් සිව් දෙනා සමග එංගලන්තයට පැමිණි‌යේය. එහි දී ඔහු උතුරු ශාන්තිකර සාගරයේ පිහිටි. පසුව ප්‍රංශයට අයත් වු, සොසයටි දූපත් රාශියට අයත් ලොකුම දූපත වූ ඔටහයිට් දූපතේ මිෂනාරි පත්වීමක් භාර ගත්තේය. අනෙකුත් මගීන් සමග මෙම දේවගැතිවරයා ද සිය බිරිඳ සහ දරුවන් රැගෙන මෙම දූපත කරා යාත්‍රා කිරීම සඳහා නැව් නැග්ගේ ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පසු කලෙක දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් පෙදෙසේ පදිංචියට යාමට ය. මේ නිසා එම යටත්විජිතයේ මිල දී ගැනීමට හෝ ලබා ගැනීමට හෝ නොමැති විවිධ ආයුධ, බීජ වර්ග, පැළෑටි වර්ග, ගොවි උපකරණ හා හරකුන් ආදී සතුන් ද ආදිය නැවේ ගෙන යාමට මෙම පවුල සහ නැවේ අනෙකුත් මගීහූ වග බලා ගත්හ. ටික දවසක් යන තෙක් සියල්ල හොඳින් සිදු විය. එහෙත් නීරක්ෂණය අසල දී මෙම රුවල් නැව මහා කුණාටුවකට අසු විය. නැව මුහුදේ ගසා ගෙන ගියේය. කුණාටුව ඒ අති උච්ඡ අවස්ථාවේ මෙම කතාව මෙසේ ආරම්භ වූ වගයි.

ගිහි ගෙදර

Highlights:

අසං‍යත ලෝකාස්වාද රතියේ ගුඨස්ථාන හෙළිකෙරෙන
මානව චාරිතාංග රැගත්
පන්සිය පනස් ජාතකයේ
අන්ධභූත, දුරාජාන, මුදුලක්ඛණ, කුද්දාල
ඉල්ලිස, චූල පලෝහන, වාත සෛන්ධව
බ්‍රහ්මදත්ත,චුල්ල ධනුර්ධර, තක්කාරිය
හිස,මහ පලෝභන, සාම්බූලා, සරභංග
නලිනිකා, කුණාල හා මුගපක්ඛ යන
සතළොසක් කතා වස්තු,
වර්තමානිකයන්ගේ ජීවිත පරිඥානය සඳහා
යතු මැද පුරුද්දා නවකතාවක් සේ
මෙසේ ප්‍රතිනිර්මාණය කළ වගයි.

මහ අනඳ හිමි

Highlights:

අප මහා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවත්, ලෝ සත කෙරෙහි අනුකම්පවෙන් දරා සිටීමේ හැකියාවත්, ඒ ඇසුරේ කල් ගෙවන මහා ආනන්ද හිමිගේ විනීත චර්යාවත් කියවන්නා තුල ශ්‍රද්ධාව ඉපදවීමට සහ උපන් ශ්‍රද්ධාව වැඩි දියුනුවටත් හේතු වෙයි. ආනන්ද චරිතය ගැන පෙර අසා නොමැති සිදුවීම් රැසක් මෙහි ඇතුලත්‍කොට ඇත. ආනන්ද හිමි සේම බුදුන් වහන්සේත් අතිශය සාමන්‍ය මනුශ්‍යයින්සේ කතුවරයා හැඳින්වීම ඉතා සිත් ගන්නා සුලුයි.

“මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීනි, මා නොමග හෙළුවෝ ඔබ වහන්සේගේ මධුර ස්වරයට, රන්වන් පැහැයට, සුපිපි වත කමලට, විනීත පැවතුමට, ප්‍රණීත බැල්මට මා වශීව ගියේ ය. අනේ ස්වාමීනි, ගිනිගෙන දැවෙන මට අනුකම්පාකොට එකම එක් වරක් මා වැලඳගන්න! මට ඒ ඇති ය. නො එ සේ නම් ම දිවි නොරැඳේ!…

“සුවය රැඳෙන්නේ ඇලීමෙන් නොවේ නැඟණිය, අත්මිදීමෙනි. ගිනි නිවනු සඳහා ළංකළයුත්තේ දර නොවේ දිය ය. මවෙත දිය මිස දර නොමැත.”

මහ මිහිඳු හිමි

Highlights:

“බලවත් සොම්නසින් පසුවනු පෙනේ?”

“නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිලත මෙ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!”

ඕලු 3

Highlights:

‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයෙකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු අධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.

ඕලු 1

Highlights:

“අර සිල්වා කියන වල් බල්ලා. මට සිද්ධ වෙන්නේ ඒකව මරාගෙන මැරෙන්න….

” ඇයි? ඒ මිනිහ අම්මට මොකුත් කීව ද?..

“ඌ හේවාරාළ අතේ ප්ණිවිඩයක් එවලා අපි දෙන්නට හෙට හවස බංගලාවට
එන්ට කියලා. එදා ඕකා වැවේදී මුලිච්චි වෙච්ච වෙලාවේ මම හිතුවා මහා
වින්නැහියක් වෙන්ට තමයි එන්නේ කියලා….

ඕලු බියපත් දෑසින් බලා සිටින්නට වුවා ය. දැන් ඉතින් කුමක් කළ යුතු ද?
මේකෙන් බේරෙන්නේ කොහොම ද? අනේ දෙයියනේ…..? මගේ අම්මට
මාව රැක ගන්න බෑ. අපි මොන තරම් අසරණ ද?

සුන්දර සහ දේවින්ද

Highlights:

එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට ‘බිරිඳ’
නමින් කවි පෙළක් ලියා තිබිණි.

සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
“සුන්දර සහ දේවින්ද” ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 2

Highlights:

මෙය කීර්තිමත් බ්‍රිතාන්න්‍ය ගවේශක,ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.

කළු දෝංකාරය

Highlights:

“…මගෙ දුවේ.. ඇත්ත ලෝකය.. ප්‍රබන්ධ කතාවලට
වඩා දරුණුයි.. සාහසිකයි.. නරුමයි.. ඇත්තටම
විශ්වාස කරන්ඩ බැරි තරම්..

ඒ අමානුෂික ක්‍රියාව පියවරෙන් පියවර විස්තර කළා
නම් කියාවි, අවිශ්වාසනීය ප්‍රබන්ධයක සාහසික
ජේදයක් කියලා…”

දෙබෑයෝ

Highlights:

දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිච, කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් ව සිටින කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණුදාට? මොන? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුන්ත් උසිගන්වන්න ඒ තුළින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරුය.

අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

Highlights:
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු පැවිදි ශ්‍රාවකයා ය. එසේම ගෞතම බුදුසසුනේ පළමු ව චතුරාර්‍යා සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින්ම නම සදහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වූ අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මෙහි ඇතුළත් වන්නේ උන්වහන්සේගේ චරිතය හා සම්බන්ධ කතා පුවතය.

සැරියුත් මහ රහතන් වහන්සේ

Highlights:
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුසසුනේ මහා ප්‍රාඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් භික්ෂූන් වහන්සේය.මෙහි ඇතුළත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ හා සම්බන්ධ කථා පුවතය.

උප්පලවණ්ණා මහ රහත් තෙරණිය

Highlights:
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය වනාහි අප මහා ශාන්ති නායක ශක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකා නමයි. එසේ ම සෘද්ධිමත් භික්ෂූණීන් අතරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. මෙහි අතුලත් වන්නේ එතුමියගේ ජීවිත කථාව හා සම්බන්ධ තවත් කථා පුවතය.

අංගුලිමාල මහ රහතන් වහන්සේ

Highlights:
අංගුලිමාල මහ රහතන් වහන්සේ ගෞතම බුදුසසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබු තෙරුන් වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තැහය වැනි ස්ථානයේ සදහන්ව ඇත.මෙහි ඇතුලත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කථා පුවත්ය.

දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ

Highlights:
දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක ශාකයමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි සේනාසන පණවන භික්ෂුන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිත් කථාව හා ඒ සම්බන්ධ කථා පුවත් ඇතුළත් කොට මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

පිණ්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ

Highlights:
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍රස්ථනය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අට වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කතා ඇතුළත් කර මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

Highlights:

“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar