අභිපාරි
අරුත් නැති ලෝකයක් හමුවේ – සිනාසෙන්නට වෙර දරන නුඹ
නමක් නොම දත් මලක් සිඹිමින් – ආදරේ සුව සොයනු කෙලෙසද
සිතක සිතිවිලි වාන් දමනා – යොවුන් වයසේ කිරිලියේ නුඹ
නුබට පෙම් නැති සිතක් වෙනුවෙන් – නෙත් ඉමේ කඳුලක් දරණු කිම
” මේ ලෝකේ හැම පෙම්වතෙක් ම බෝසත් පෙම්වතෙක් වෙන්නේ නැහැ,
කෙනෙක්ගේ අතීතයේ අතපසුවීම් ලස්සන අනාගතයකට බාධාවක්
කියලා කවුද කිවුවේ?
හ්ම්ම්! සමහර රහස් රහස් විදියටම තියෙන්න ඕනි…. එහෙම නොවුනොත්
අතීතයට පුළුවන් වර්තමානය වගේම අනාගතයත් විනාශ කරන්න”
බිනර මල
මම දුර්වල කෙල්ලෙක් නෙවේ.මහියංගනය කාශ්ඨක පොලවේ මව්පියන්ද අහිමිව වියපත් සීයා සමග ජිවිතේ හා පොර බැදි මට දුක කියන දේ නුහුරු දෙයක් නොවේ.ඒත් මගේ පුංචි ලෝකයට දවසක් පෑයුවා ලස්සනම ලස්සන හඳක්. හඳ අපිට අල්ලගන්න, ළගට ගන්න, අයිතිකරගන්න බෑ. දුරින් ඉදලා බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ඉතින් මම ඒ හඳට ආදරේ කළා. අසීමිතව ආදරේ කළා. අයිති නෑ කියලා දැන දැන ආදරේ කළා. මගේ ජිවිතයෙන් මම ආදරේ කරන ඒ ලස්සනම ලස්සන හඳ බැහැලා ගිහින් දැන් මාස ගණනක් වෙනවා.
නෘත්‍යාංගනා
“මට රිදෙනවා ..”
මා මිමිනුවේ ඇහෙන නෑහෙන හඩින් මුහුණ අකුලාගෙනය.
“මට ඊට වැඩිය රිදෙනවා.. මේ මෙතන ඊට වැඩිය රිදෙනවා..”
ඔහු වම් ළය මඩලට ගසාගන්නේ අත ගුලි කොටය. ඒ තමා ඉදිරියේ සිටින මාගේ සියුමැලි සිරුරට පහර දෙන්නට බැරිකමට බව මා දනිමි.
“තමුන්ට ඕන වුනේ සල්ලි නම්, මං දෙන්නැද්ද..? ඔය ලැබුණා වගෙ දාස් ගුණයක් මට දෙන්න තිබුණා. වෙන උන්ගේ ඇස් ඉස්සරහ නටන්න තරම් තමුන්ට තිබුණ වුවමනාව මොකක්ද..?”
ඔහු ගසන්නේ මාගේ දුර්වලම නිලයටය. සල්ලි.. හරිම තැනට ඔහු ඒ වචනය දමන්නේ හරියටම රිදෙන තැනටම පහර වදින්නටය.

මංජරී
නුඹම පලදාපු
පා මුදු,
නුඹම තවරාපු
කුංකුම,
නුඹම සිපගත්තු
සියොලග..
රැය පුරා හීනියට වර නැගෙන
නුරා සර,
නිරුත්තර ප්‍රේමයක මතක අතරෙහි රැදී
නුඹ යලිදු එනතුරා
රැය පුරා මග බලයි…
යාරා
මෙල්බනයේ නගර සෝබනිය,
යාරා
නදිය නගරය මැදින් නිහඩවම
ගලා බසිනවා..
අයෙක් තම දුක වේදනාව කියන්න
යාරා
නදිය අසබඩට පැමිණියා.
තවත් අයෙක් විනෝද වෙන්න ගග අසබඩට ආවා.
නිහඩ නදිය ඔවුන් සැම පිනවමින්
ඔහේ ගලා ගියා.
එහෙත් නදියේ විලාපය ඇසුනේ කාටද?
සද දෙවිදු
ඉතින් මිස්සක,එයා අරාධනා කරලා ඉවරයි,අනෝරාවට.ඒ බව කිව්වේ තත්පරෙන් තත්පරේ වේගය වැඩිකර ගනිමින් මම වටේ දැවටෙන ඒ සුසුම් සුළං කෝඩ…විටින් විට හිත අහසේ විදුලි කොටන්නේ,එයාගේ අතැඟිලි මතින් නිදහස් කරන හැඟුමන් වල බර දරාගන්න බැරිම තැනදි. එයා තනන්නෙම එයා එක්ක තෙමෙන්න මාවත් එක්ක යන්නමයි.
Recent Comments