පුංචි කෝච්චිය – තිස්ස අබේසේකර
මෙම පොත “පුංචි කෝච්චිය” යනුවෙන් නම් කරඇත්තේ “Bringing Tony Home” යන්නට සුදුසු සිංහල නමක් සොයා ගැනීමට පරිවර්තකට නොහැකි වු නිසයි”පුංචි කෝච්චිය” යන්න මෙහි එන තුන්වැනි කථාංගයට තිස්ස අබේසේකරයන් දී ඇති නාමයයි.එසේම”පුංචි කෝච්චිය”යන්න මෙහි එන කථා ත්‍රිත්වයේම යටි පෙළ නියොජනය කරන රූපයක් සේ හැඟීයයි.
කමතේ වගතුග ( උරුමය 04 )
කමත, ශ්‍රි ලාංකික වී ගොවියා කාටු – බොල් – රොඩු
පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික
රැස්කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත්
ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික
කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ .
බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම
ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප
සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින්
අඩසියවසකට පෙරාතුව පැවති උප සංස්කෘතික
ලක්ෂණයන්ගේ මුලික හැඩතල මෙයින් විස්තර කෙරේ.
නිරෝධායන චාරිකාව
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.
වී බිස්ස ( ජනශ්‍රැති පර්යේෂණය )
‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්‍රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..
ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්‍රැති පර්යේෂණයයි.
පඬුරු බඳින ගස්
මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.
එදවස සොඳුරුමය1
එදවස මෙදවස සොඳුරු අඳුරු ඉසව් දකිනා තීර්ථ යාත්‍රිකයෙකුගේ මතක සමුදායෙන් බිඳක්….
එදවස සොඳුරුමය 2
මෙම ලිපි සරණිය තුලින් පොදු මානවර්ථ හා සමාජ විශ්ලේෂනයන්ද මතුකොට දක්වයි. සමාජය හා නිරතුරුව ,ගැවසෙන, අපගේ සංස්කෘතික හෘදය ස්පන්දනය හඳුනන කල ලෝකයෙහි ස්නායු කේන්ද්‍රයට සමීප ලේඛකයකුගේ රෝමාන්තික මතක සටහන් පෙළක අපුර්වත්වය ලේඛන ඉතිහාසයට විවර වූ අගන කවුළුවකි.
හයිඩි Heidi
`හයිඩි’ මුල්වරට පළවුයේ, 1980 දි ජර්මාණු භාෂාවෙනි. මේ වන විට එය ලොව පුරා, විවිධ භාෂා ගණනාවකට පරිවර්තනය වී, පිටපත් ලක්ෂ ගණනින් තවමත් අලෙවි වේ. සොබාදහම හා සබැදි, ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් අන්දරයක් මේ කතාවට තේමාව වීම එයට හේතුව යි. `හයිඩි’ නම් දැරියගේ අත්දැකීම් හා විමසිලිමත් බව ශ්‍රි ලාංකේය අපේ දරුවන්ට ද සමීප ය.
දෙයියො තමයි දන්නෙ…..! (CHETAN BHAGAT’S 400 DAYS)
සියා අරෝරා…අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි,තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉදල රෑට නිදගන්න යනව. පහුවහද උදේ සියා නෑ ! අතුරුදහන්!! සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද? කා එක්ක හරි පැනලා ගියාද? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද ? ..ද ?..ද?..ද? දෙයියො තමයි දන්නෙ !
චක්‍රවර්තී
ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගතේ ය.
රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අගුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හිං හීතලද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන සඳමඩල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය.
යාන්තමින් දැස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමග කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැගවූ කිනිස්ස වෙතය.
“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි.. මට බය හිතුණා.” ඒ හඬ සිහින් කෙඳිරියක් මෙන් විය.
කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඩල වැසී ගියේය.
Recent Comments