පිදුරු බල්ලෝ
මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්රගතියෙහි අඳුරු
ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය
අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට
අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ
අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ
නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක
අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය
මග හැර කිසිම ක්ෂේත්රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?
ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි:
“අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග්‍රේ
සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම
පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු
කෙරෙනු ඇත….”
ලුලූට පවුල් දෙකක්
මගේ අම්මගේ නම වෙරොනික්.
වයස විසිහයයි. අම්මාගේ වයස
හදාගන්න එක හරි ලේසියි.
මගේ වයස දහයයි. මාව අම්මාට
හම්බවෙලා තියෙන්නේ අම්මට
වයස දහසයේදී. පුංචි කාලෙදිම
අම්මා අනාථ දරුවෙක් වෙලා.
ඊට පස්සේ හැදිලා වැඩිලා
තියෙන්නේ, මං වගේ දරුකමට
හදාගත්ත පවුලක. ඒ කියන්නේ
අම්මා දන්නවා මං ඉන්න තත්ත්වේ!
දැරියකගේ ප්‍රයාමය
ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමුඅමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු දහහතක් වයසැති මේ ළමයා සිය සුකුමාර ළපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත.
අර බලන්න! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඬු වී මැරී වැටී සිටින හැටි.
සංසක්කාරී
…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
Recent Comments