Weight | 600 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-624-5579-22-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හන්ටිං පාටි
රු2,100.00
Price Summary
- රු2,100.00
- රු2,100.00
- රු2,100.00
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
Related Products
විනිවිඳින සිතිවිලි
‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f6ed3f50ad3d11e9a5ce27e481854e67″ ]
හෙයිඩි
‘හෙයිඩි’ යනු 1881 වසරේ දී ස්විස් ජාතික ජොහැන්නා ස්පයිරි විසින් ලියන ලද ළමා කෘතියක් වන අතර වර්තමානය වන විට එය ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානය වැජඹෙයි. මෙය ස්විස් සාහිත්‍යයේ ඉතා ඉහළ අළෙවියක් ඇති කෘතිවලින් එකකි. කතාව ගෙතී ඇත්තේ සිය දෙමාපියන් මිය යාම නිසා මව් පාර්ශ්වයේ නැන්දනියකගේ භාරයට පත්වන ‘හෙයිඩි’ නම් දැරියක වටාය. මේ නැන්දනිය විසින් හෙයිඩිව හදාවඩා ගැනීමට ස්විට්සර්ලන්තයේ කඳුකර පෙදෙසක ඇගේ සීයාට බාර කෙරෙන අතර ඒ ගම්බද පරිසරයේ ඇය සොබා දහමත් සමග හැදී වැඩෙන අයුරු මේ කෘතියෙන් විස්තර කෙරේ. වර්ෂ 1920 සිට මේ දක්වා මෙම කෘතිය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට සංඛ්‍යාව 12 කට අධිකය. මෙය භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර ලොව වටා මිලියන 50 කට අධික සංඛ්‍යාවක් අළෙවි වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9a9894f0f3d311e9af4d2d86699f18f0″ ]
වනගත මැණික – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවල මහතාගේ ‘වනගත මැණික’ නම් කෙටි කතා සංග්‍රහයයි.
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
මහා වියවුල
සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e60f2a70ae8911e9a0b4ef1820f9fde2″ ]
බිසව් සීගිරි
‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/22896220a6b511e99b1357d6eefefa7b” ]
අපි මහලු වයසේ
විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/067757e0dc5f11ea854297e62c83d47e” ]
අලුත් නැන්දම්මලා
තම නිවස කුළ නැන්දම්මා ලේලි අරගලයට නැවතීමේ ලකුණක් දැමූ ඈ තවත් බොහෝ නැන්දම්මලා හා ඒ සතුට බෙදාගැනීමේ අභිලාශයෙන් ඒ අත්දැකීම් ලියා තැබීමට ගත් උත්සහයකි මේ අලුත් නැන්දම්මලා.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d90cb750b33d11e984178b11299445ae” ]
මාතා
විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0e023200adfe11e99a72d7614f5fde09″ ]
Charlie and the Chocolate Factory
Charlie and the Chocolate Factory is a 1964 children’s novel by British author Roald Dahl. The story features the adventures of young Charlie Bucket inside the chocolate factory of eccentric chocolatier Willy Wonka.
දෝංකාරය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ හියුබත් දිසානායක මහතාගේ ‘දෝංකාරය’ නම් කෙටි කතාවයි.