Weight | 430 g |
---|---|
Cover | Ellawala Medananda Thero |
ISBN | 978-955-551-831-4 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සිංහලේ මහා රාජවංශෙ 2
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
ලංකා ඉතිහාසය සොයා යන්නන්ට අමතක කල නොහැකි මහගු ග්‍රන්ථය මහාවංසයයි.මෙහි එන සුළු කරුණක් පවා සොයා ගැනෙන සෙල්ලිපි වලින් තහවුරු වීම පුදුම සහගතයි. මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය භික්ෂූන්ගේ ප්‍රබන්ධ කථාවක් ලෙසත් එය පක්ෂග්රාහීව ලියන ලදී. එහෙත් ඔවුන් එලාර රජු දැහැමින් පාලනය කළ බව සඳහන් වන මහාවංස පාඨය කියවා නැත. නැතහොත් වාසිය තකා නොකිය වු සේ ඔවුහු සිටිති.
උතුරේ දෙමළ රාජ්‍යක් තුබුණු බවට අමු බොරු කියන මොවුහු එයට කිසිදු සාධකයක් ඉදිරිපත් නොකරති. දෙමළ ජනයා වැඩියෙන් උතුරේ සිටීම වෙනම රාජ්‍යයක් තුබු බවට සාධකයක් නම් මුස්ලිම් ජනයා වැඩියෙන් සිටින බේරුවල ද වෙනම මුස්ලිම් රාජ්‍යයක් තුබුණා යැයි කිව හැකිය. මේවා මිථ්‍යා කථා වෙයි. යාපනයේ සිටි සිංහලයන් ලක්ෂ ගණනක් පලවා හරින ලද්දේ වර්තමානයේ ප්රභාකරන් මෙන් දහහත්වන සියවසේ සිටි සංකිලි නම් දාමරිකයා විසිනි.
Related Products
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
උඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
බ්‍රෝහියර් දුටු ලංකාව
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.
ගැමුණු රජ සහ දස මහා යෝධයෝ
‘ගැමුණු රජ සහ දස මහා යෝධයෝ‘ නම් යුත් මේ සංස්කරණය වනාහී සද්ධර්මාලංකාරයෙහි කාක වර්ණ, ගෝඨයිම්බර, ඵුස්සදේව යන වර්ග තුනට අයත් කතා වස්තූන්ගෙන් උපුටා කරන ලද සංග්‍රහයකි.
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f385ace0a12b11e9b8166713ca210a88″ ]
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5d1769e0128a11ea8eb38927f14ff56b” ]
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
දුටුගැමුණු රජු මළේ නැත
ඓතිහාසික පොත් පත් හා ජනප්‍රවාද ඇසුරෙන් දුටුගැමුණු රජතුමාගේ චරිතය පිළිබඳ නව අර්ථ කථනයක් ඉදිරිපත් කරන ඓතිහාසික නවකතාවක් ලෙස ‘දුටුගැමුණු රජු මළේ නැත‘ කෘතිය හඳුන්වා දිය හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f382640d91411e9bf07997b3ca70725″ ]