කුඹුරු අක්කර දහස් ගණනක් අස්වද්දමින් රට ස්වයංපෝෂිත කිරීමට තරම් ශක්තිමත් වාරි තාක්ෂණයක් එදා ලංකාවේ පැවතුණි. මෙවැනි විශිෂ්ට වාරි තාක්ෂණයකින් අනුන වාරි ශිෂ්ටාචාරයක් පැවතීම අතීත මුතුන් මිත්තන්ගේ දක්ෂතාවය මොනවට පැහැදිලි කරයි. වාරි තාක්ෂණයේ අති විශිෂ්ට නිරමාණයන් ලෙස සැලකෙන බිසෝකොටුව, කුඹ සොරොව්ව ආදී ඇතැම් නිරමාණ ගොඩ නැගූ ආකාරය අදටත් නූතන තාක්ෂණයට අනුව පැහැදිලි කිරීම අසීරු වී තිබේ. ලෝක කෘෂිකාරමික උරුමයක් වන එල්ලංගා පද්ධති හෙවත් වැව් පොකුරු, අතීත රජවරුන් ගොඩ නැගූ වැව් බැඳී රාජ්‍යයේ වාරි සංකල්පයේ පැවති ජල කළමනාකරණයේ උපරිම කාරයක්ෂමතාවයක් සඳහා මෙන්ම තිරසාර කෘෂිකරමාන්තයක් සඳහා ඉදිවුණු අනරඝ නිමැවුමකි.
ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරය සහ එල්ලාංගා පද්ධති
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
Related Products
මඟ දිගට ජනකතා 2
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 26කින් යුක්ත පොතකි.
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]
බ්‍රෝහියර් දුටු ලංකාව
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.
පිටිසර මිනිස්සු
මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.
දුටුගැමුණු රජු මළේ නැත
ඓතිහාසික පොත් පත් හා ජනප්‍රවාද ඇසුරෙන් දුටුගැමුණු රජතුමාගේ චරිතය පිළිබඳ නව අර්ථ කථනයක් ඉදිරිපත් කරන ඓතිහාසික නවකතාවක් ලෙස ‘දුටුගැමුණු රජු මළේ නැත‘ කෘතිය හඳුන්වා දිය හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f382640d91411e9bf07997b3ca70725″ ]
එදා හෙළ දිව
මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/cddc73601d6b11eaba640525ed2af645″ ]
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
පණ්ඩුකාභය රජතුමා
පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fcd799a0d90d11e99dbbb5030e23e1d8″ ]
උඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.