1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිනිය මාස දාහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කර නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.
ලක්දිව කොකෝවා අන්දරය
රු720.00
Price Summary
- රු720.00
- රු720.00
- රු720.00
Related Products
ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල
ඉංග්‍රීසි පාලකයන්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය ක්‍රම ක්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කරගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
බ්‍රෝහියර් දුටු ලංකාව
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.
වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f385ace0a12b11e9b8166713ca210a88″ ]
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
මද්දුම බණ්ඩාර
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.
දුටුගැමුණු රජතුමා
දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
සිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
ශ්‍රී ලාංකීය ඉතිහාසය
ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඊළාම් යුද්ධය අවසන් වන තෙක් වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, සමාජයීය, ආර්ථික, දේශපාලන ආදී කරුණු ඇතුළත් කොට සම්පාදනය කරන ලද, වෙළුම් 5 කින් සමන්විත කෘතියකි. එකී විෂයයන් සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු 49 දෙනෙකු මෙයට දායකත්වය සපයා තිබේ.
විසි වසක් වන්නියේ
වන්නි ජනයාගේ ගති පැවතුම්, සිරිත් විරිත් හා භාෂා විලාශය ඔවුන්ට පමණක් සීමා වී ඇත. මාස ගණනක් දිවා රෑ නොබලා වෙහෙස විද වගා කරගත් හේනක්, එක් රැයකදී වල් අලීන් වැද සම්පූර්ණයෙන් විනාශ කල හොත් ඔබට මොන අන්දමේ සිත් වේදනාවක් ඇති වෙයිද? එහෙත් ඔවුහු එය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකා ඔබ මෙන් සිත් වේදනාවක් ඇතිකර නොගැනීමට සමත් වෙති. වන්නි ජීවිතයේ අත්දැකීම් ඇසුරින් සකසා ඇති මෙම කෘතිය සුනිල් කුලරත්න මහතා ගේ රචනයකි.