Weight | 350 g |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
ISBN | 578-555-166-32-63 |
Authors |
බෞද්ධයාගේ අත්පොත
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
ආගම සම්බන්ධ කරුණුවල දි බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා කියා කරනු දුටූ අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත්පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහතදී ඇතිවිය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකි වීමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකි අවශ්‍යයෙන් දත යුතු නිතර දැන සිටින යුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේ ය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත් පොත යන නම තබන ලදී.
Related Products
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.