Weight | 250 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-21-2307-8 |
Language | Sinhala |
Publishers | |
Source | MDG |
Template | BOOKS |
බුදු මහ සව්වෝ
රු550.00
Price Summary
- රු550.00
- රු550.00
- රු550.00
‘බුදුන් වහන්සේ සමයෙහි සසර මග දිනූ ශ්‍රාවක ශ්‍රාවිකා
චරිතයන් සරල බසින් මෙසේ ලියැවෙන්නේ හුදෙක්, දහම්
මග දකිනු රිසි පාඨක සහෘදයන් වෙනුවෙනි.
වර්තමාන අධ්‍යාපනයේ නියැළෙන පාසල් දරුවන්ගේ බුදු දහමේ
පෙළපොත්වල මේ වැදගත් චරිත ඇතුළත්ය. දහම් පාසල්,පිරිවෙන්,
අධ්‍යාපනය හාදාරන දරුවන්ටද, භික්ෂුන් වහන්සේලාටද, උවැසි
උවැසියන්ටද,මේ මාහැඟි චරිත වැදගත්ය. අධ්‍යාපන කටයුතු සාර්ථක
කර ගැනීමටත්, තම තමන්ගේ චරිත නිවැරදි කර ගැනීමටත්
‘බුදු මහ සව්වෝ’ ග්‍රන්ථය බෙහෙවින් ප්‍රයෝජනවත් වියහැක.
Related Products
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
බුද්ධ නීති සංග්‍රහය
“ බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සුදුප දේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම , මුව සේදීම, නෑම, මල මුත්‍ර පහකිරීම, කෙල ගැසීම ආදී සුලු කරුණු වලදී පිලිපැදිය යුතු උපදෙස් පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිලිපදින්නා වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදුකරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේය.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .