Weight | 390 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 978-955-8425-52-4 |
Language | Sinhala |
Cover | Soft Cover |
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
රු700.00
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එමෙන්ම ඇවැතුම් පැවැතුම් මගින් දූෂණය නොවී නගරයේ ජනයා මෙන් කෘතිම ඇවැතුම් පැවැතුම් බෙදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුල අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකතා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබද කතාවයි.
Related Products
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]
දුටුගැමුණු රජු මළේ නැත
ඓතිහාසික පොත් පත් හා ජනප්‍රවාද ඇසුරෙන් දුටුගැමුණු රජතුමාගේ චරිතය පිළිබඳ නව අර්ථ කථනයක් ඉදිරිපත් කරන ඓතිහාසික නවකතාවක් ලෙස ‘දුටුගැමුණු රජු මළේ නැත‘ කෘතිය හඳුන්වා දිය හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f382640d91411e9bf07997b3ca70725″ ]
මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
උඩරට මහ කැරැල්ල
උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.
මද්දුම බණ්ඩාර
වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.
පණ්ඩුකාභය රජතුමා
පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fcd799a0d90d11e99dbbb5030e23e1d8″ ]
බ්‍රෝහියර් දුටු ලංකාව
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.
සිංහල ථූපවංශය
සිංහල වංශ කථා ග්රන්ථාවලියෙහි මහාවංශය, චූලවංශය, බෝධිවංශය සේම ථූපවංශයට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ථූපවංශයේ සන්දර්භය ගොඩනැඟී ඇති අයුරු වටහා ගැනීමට ග්රන්ථාවසානයෙහි ගෙන මෙම පාඨය ප්රමාණවත්ය. “සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කරන ලද ථූපවංශයෙහි කියන ලද රුවන්වැලි දාගැප් කතාව මෙලෙසින් කියා නිමවන ලදී.” ඓතිහාසික තොරතුරු මෙන්ම බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට බඳුන් වූ ග්රන්ථ රත්නයක් පරිශීලනය කිරීමේ භාග්‍ය මෙයින් ඔබට උදාවේ.
ඉතිහාසයෙන් ඇසෙන කතා
කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d2ac47e0adce11e99547bdadfae81db9″ ]
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.