Weight | 350 g |
---|---|
Publishers | |
ISBN | 978-955-8663-14-X |
Language | Sinhala |
Cover | Soft Cover |
Authors |
පුණ්‍යෝපදේශය
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
දෙවියන්ට පින්දීම සදහා භාවිතා කරන එත්තාවතාච අම්මේහි යන ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සදහා රචිත ගාථාවකි. එසේ හෙයින් ඒ වෙනුවෙන්ද ගාථාවක් පිලියෙල කරන ලදි. බෞද්ධයෝ රෝග සුව කරගැනීමටත්, ග්‍රහ අපල දුරුකරගැනීමටත් පිරිත භාවිතා කරති. එසේ හෙයින් ඔවුන්ට ඒව සිදුකර ගතහැකි වනු සදහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලබන ආකාරය ආදිය පිලිබද මෙම ග්රන්ථයට ඇතුලත් කර ඇත.
Related Products
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.