Weight | 350 g |
---|---|
Publishers | |
ISBN | 978-955-8663-06-9 |
Language | Sinhala |
Cover | Soft Cover |
Authors |
පාරමිතා ප්‍රකරණය
රු320.00
Price Summary
- රු320.00
- රු320.00
- රු320.00
පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක්සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදුවීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනෙක් නිවන් දකින්නේද නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රයම පිළිබද පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Related Products
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත