Weight | 350 g |
---|---|
Authors | |
Publishers | |
ISBN | 955-9219-05-07 |
Language | Sinhala |
Cover | Soft Cover |
දුක් බිය නැති ජීවිතය
රු280.00
Price Summary
- රු280.00
- රු280.00
- රු280.00
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
Related Products
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
චත්තාළීසාකාර මහ විපස්සනා භාවනාව
“ චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන- මාර්ග- ඵල- අභිඥා ආදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති මටිසම්භිදාමග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්රමයකි.
සීලන්ත සූත්‍ර-සුතවන්ත සූත්‍ර දෙකෙහි දැක්වෙ කරුණු අනුව දැනට ජීවිතවේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටාගතිමු. කියැවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් පිලිබද ඇතිවන දැනුමට වඩා උසස්, පිරිසිදු , පුලුල් දැනුමක් ඒ දෙය විස්තර කිරීමෙන් ලබාගත හැකිය. එබැවින් අපගේ දැනුම දියුණු කර ගැනීම,මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.