Weight | 250 g |
---|---|
Authors | |
Cover | Soft Cover |
ISBN | 978-955-31-2736-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
තණ කන අපි
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”
Related Products
අරගලම් – Aragalam
අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි. මේ චූල ජාති – කුල – ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රබන්ධයකට ගොනු වීමකි. මේ තම තමන්ගේ කුඩා හෘදය වස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්‍රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.
වාමාංශික ජනප්‍රියවාදයක් සදහා
පසුගිය කාලයේ ලෝක දේශපාලනය තුළ
ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත
පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක්
බලගතු ලෙස නැගී ආවේය. මෙම ප්රවාහයට
අභීයෝග කළ හැක්කේ ‘ප්‍රභූ තන්ත්රයට’
එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම්
ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම
අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ
හැකි ‘වාමාංශීක’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව
ශන්තාල් මුෆ් තර්ක කරයි.
දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා
නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල
අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම
තුළින් දක්ෂීණාංශීක ජනප්‍රියවාදය සාර්ථකත්වය
ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව
ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින ‘ලිබරල්’
මැද මාවතට නොහැකිය. වාමාංශීක
ජනප්රිියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට
සහ ප්රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි, එසේම
ගතාවුගතික වාමාංශයේ පන්ති ඌනිතිවාදී
ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක්
යෝජනා කරන උපාය මාර්ගයකි
සත් මිතුරියෝ
සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල හැදී වැඩී පාසල් අධ්‍යාපනය ලද සෝමලතා වෛද්‍යරත්න සිය ළමා කාලයද ,ඇසුරු කර ගනිමින් ,තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප්‍රබන්ධ බොහොමයකි.මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට හැකි සරල සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි.
රාජ්‍ය සම්මාණ ලාභී ලේඛිකාවක වන ඇයගේ නවතම කෘතිය ”සත් මිතුරියෝ” ය.වත්මන්හි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවීතය ඇසුරේ දරුවන් යහමගට යොමු කිරිමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි.ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දිනාගනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.
රසකැවිලි වෙළෙන්දා
සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි
ද්‍රෝහී
මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි;
ප්රත්යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය.
ද්‍රෝහියා…?
මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට ,
අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි.
මේ වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටාප්‍රාප්තියයි;
දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප්‍රමෝදය අත්විදිමින්
පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි.
මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම,
කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි.
‘දෝහියා’ මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේද , කොතැන දී ද
කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය
පුරවා දැමීමට සිදු වෙයි. පොත සම්පූර්ණ වූ විට
ඔහු කවුරුන් දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න
මට සිදු නොවනු ඇතැයි මම සිතමි.
මේ ප්‍රහේලිකාව සකස් කරන්න මා වන මුත්,
එහි කොටු පුරවන්නා බවට පත් විය යුතු වන්නේ ඔබයි.
KAMBA – කම්බා
එවන් ලාංකේය සමාජයක, ස්ත්‍රියට අත් විඳින්නට සිදුවන අනේකාකාර අත්දැකීම් ප්රබලව නිරූපණය වන නවකතාකරණයක් තුළ, ස්ත්‍රිය සතු සාමූහික ළෙන්ගතුකම, කැපවීම හා ශක්තිය විෂයෙහි දෘෂ්ටියක් කුළු ගන්වමින් ලියැවුණු‘කම්බා’, නොනවත්වා කියැවිය හැකි, රසවත්, වෙනස් ආරක නවකතාවකි.
අන්ධයා සහ සුරුට්ටු න්‍යාය
බඩ තඩියා නැවතත් සිගරට්ටුවක් දල්වා ගනිමින් මෙසේ කියන්නට විය.
”කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු ගඟේ ඉන්න මාළු”
අමාරුකාරයා ද අත්හැරියේ නැත.
”දැලි පිහිය හිාගෙන ඉන්නෙ තමන්ට කපන්න පුළුවං රැවුල විතරයි කියලලු”
”දෙපැත්ත කැපෙන ආයුධ මෝඩයන්ට බයයිලු”
නැවතත් අමාරුකාරයාගේ වාරය පැමිණියේ ය.
”තුවක්කුව වුණත් බයගුල්ලෝ අතට ගියහම කොකා මැරිල වැටෙනවලු හාමතේ ඉඳල ම”
”කාටද තමුසෙ කොකා කිව්වේ? මට ද? මට ද?”
බඩ තඩියා අතක් මීට මොලවා ගනිමින් අමාරුකාරයට අනින්නට ඉදිරියට පැන්නෙන් කිහිපදෙනෙක්ම හනික තම අතවු දුම් බට මුවෙහි රුවා ගනිමින් ඔහු අල්වා ගත්තෝ ය.
වරිච්චි ඉස්කෝලෙ
නම් නොකළ කාර්ය මූල පර්යේෂණයක් බඳුව දිග හැරෙන මේ නවකතාව තුළින් අනේක විධ දුෂ්කරතාවන් අතරින් සිය වෘත්තිය පවා පුද දෙමින් සිය අභිමතාර්ථය කරා ඇදෙන යොවුන් ගුරුවරයා අපට නිතැතින්ම දුයිෂෙන් පමණක් නොව චීනයේ පාවහන් රහිතව ගම් දනව් හි අකුරු කරනුව ඇවිදිනා ගුරුකැළත් බ්රසීලයානු අධ්‍යාපනඥ (පවුලෝ පෙරෙයිරේ) පවා සිහිපත් කරවයි.
DUO – ඩුඕ
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක
ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු
සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති.
හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති.
අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ
දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව
සැනසුම සොයා සරන්නී, සතුට අන්
තැනෙක සෙව්වාය.සාරා අරුමැසි ජිවිතයේ
ප්‍රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින
අදිටන සුරතට කැටි කොට ගත්තාය.
එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.
“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.
“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”
“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”
ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය එදා සහ අද
සීමිත රාජ්‍ය සම්පත්,
දේශයේ මුළු ජනගහනයටමයි.
දේශපාලනඥයාට සහ රාජ්‍ය
නිලධාරියාට බලය තිබුණාට,
අනෙකාට හිමි පංගුව කොල්ල
කෑමෙන්, මේ ආත්මයේ දී අතැම්
විට දඬුවමට සහ හැම විටම
නින්දාවට පත් වෙයි.
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස
1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු
අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා
මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය.
සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි
ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන්
සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන
කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ
හොල්මන්, අවතාර පමණි.
මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,
ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි
සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට
ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.