උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
ජිවිතයේ ඔයිල් පැල්ලම
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
Related Products
අව පෑලවිය
ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.
රාමා සහ දිනූ
දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d53403f0a6c911e9b156ef1499508e50″ ]
අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
චක්‍ර
විසල් අහස කුස සඳ මෝරා වැඩෙමින් තිබිණි. අනන්තය සොයා යන ගමනක් සේ බෝට්ටුව එකම දිසාවකට ධාවනය විය. එහි සිටියහු කෙඳිරිගෑහ. හැඬුහ. එකිනෙකාට බැණගත්හ. ඒ අතර එක ළග වාඩිවී සිටි දෙදෙනෙක් කතා නැතිව එකිනෙකාට ගුටි ඇනගන්නට පටන් ගත්හ එය නවත්වන්නට කිසිවෙකුට ඉදිරිපත් නොවූ අතර ටික වෙලාවකින් වෙහෙස නිසා ම ගුටි කෙළිය නැවතුණි.
තැප්පා සේම ගිනි
තැප්පා සේම ගිනි
සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
ස්වයංජාත
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද?
අපූරු යාළුවෝ
1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.
අක්කර පහ
සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
විලාසිනියකගේ ප්‍රේමය
“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.
ගොදුරු
“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?